POSTED ON Saturday, August 31, 2013| | Edit Post
බ්‍රවුසරයකට අතවත් නොතියා... ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම වෙබ් අඩවිය කියවන්න නවතම සොයාගැනීම..

ඉන්ටර්නෙට් ඩේටා  ඉතිරි කරයි....ඔබේ ඉන්ටර්නෙට් බිල අඩු කරයි..

ලංකාවේ වෙබ් අඩවියක් සදහා මෙවැන්නක් නිර්මණයවූ ප්‍රථම වතාව ලෙස මෙය හැදින්විය හැක.
මෙම ඇප්ලිකේශනය සාමාන්‍ය  පරිගණක සදහා නිර්මාණය වූ වින්ඩෝව්ස් ඇප් එකකි.windows xp,7 හා windows 8 සියලුම මෙහෙයුම් පද්ධති මේ සදහා සහාය දක්වන් අතර විශාලත්වය 4MB ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.

මෙමගින් ඔබට අප වෙබ් අඩවිය,බ්‍රවුසරයක් ඕපන් කිරීමකින් තොරව කෙලින්ම ඔබේ පරිඝනකයෙන් ඉතා පහසුවෙන් නැරබිය හැකි වේ(එක ක්ලික් එකකින්).එමගින් ඔබට වැයවන ඩේටා ප්‍රමාණයද අඩු වන අතර ලිපි ඉතාමත් ඉක්මනින් දර්ශනය වීමද සිදුවේ.මෙහි වෙබ් අඩවියේ පුවත් වල පෙලගැස්ම දිස්වන අතර ඔබේ කැමැත්ත අනුව අවශ්‍ය ලිපිය ක්ලික් කල විට එහි සාරංශයක් දිස්වේ,තවදුරටත් ලිපිය කියවීමට අවශ්‍ය නම් ඔබව අපගේ වෙබ් අඩවියට යොමුකෙරෙනු ඇත.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න -


මෙහි මුල් පිටුවෙන්ම අපගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකි අතර.අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි. 

මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ඔබ කැමති colour theme එකක්ද වෙනස් කරගත හැකිවේ.මෙහි වර්ණ සංකලන 7පමණ අන්තර්ගත වේ.

මෙය safire music playerය නිර්මාණය කර දේශාන් අලහකෝන්ගේ තවත් සුපිරි නිමැවුමකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
සෞඛ්‍යය ප්‍රවර්ධන ගුණාංග අන්තර්ගත ද්‍රව්‍යය ගණනාවක් ‌තේවල ති‌බෙන බව ‌හෙළි දරවු කර ‌ගෙන ති‌බේ. ‌තේ පානය ‌පෝෂ්‍යයක ද ‌වේ. කිරි සමග මිශ්‍ර ‌කොට ‌තේ ‌කෝප්ප හතරක් දිනකට ගන්නා විට පහත සඳහන් ‌දේවල් ශරීරයට සැප‌යේ.
තව කියවන්න
ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරු ජේ. කුලතිලකගේ නිපැයුමකි...

ධාවනය වන වාහනයක ටයරයක් සිදුරු වූ විට එය ස්වයංක්‍රියව වැසෙන විශේෂ ජෙල් වර්ගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ගගන ඉන්ජිනේරුවරයකු වන ජේ. කුලතිලක මහතා සමත් වී තිබෙනවා. ඔහු විසින් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ද ගෙන නව නිපැයුම වෙළෙඳපොළට ද හඳුන්වා දී තිබෙනවා.

දෙනියායේ පදිංචි කුලතිලක මහතා විසින් ‘ලයිනා’ නමින් හඳුන්වන මේ ජෙල් වර්ගය කැනඩාවෙන් මෙරටට ගෙන්වන සුළු අමුද්‍රව්‍යයක් හා ලංකාවේ පරිසරයට ගැළපෙන අමුද්‍රව්‍යයන් එක්කොට නිෂ්පාදනය කොට තිබෙනවා. එමෙන්ම එය කිසි අයුරකින් ගිනි නොගන්නා බවද හෙතෙම පවසනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post
අන්තර්ජලාය ඔස්සේ සිදු කර ඇති සමීක්‍ෂණයක් මඟින් ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස මග්ගොන, සුගතපාල නැමැති ආරක්ෂක නිලධාරියකු පෙරට පැමිණ තිබේ.

ඔහුට දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය මේ වනවිට හිමි වී ඇත.

වැලිපැන්න විතානගේ සුගතපාල සේවය කරන්නේ  මග්ගොන නිව් මෝනිස් පුද්ගලික සමාගමේ ආරක්‍ෂක නිලධාරියෙකු ලෙසයි.
තව කියවන්න
POSTED ON Friday, August 30, 2013| | Edit Post
ලෝකයෙන්ම පිළිගත් කොළ තේ වලට (Green Tea) වඩා අපේ රටේ කළු තේ රෝග රැුසකට ගුණ දෙන සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ බව නවතම පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.

තේ පර්යේෂණායතනය මගින් සිදුකළ මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල මුල්වරට හෙළි කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගම්පොළ නගරසභා ශාලාවේ පැවති සංවාදශීලී තේ ගොවි හමුවකදීය.
තව කියවන්න
මෙරට දේශිය කිරි නිෂ්පාදනය ප්‍රචලිත කරමින් කිරි ගොවීන් දිරිමත් කිරීම, උසස් තත්ත්වයේ කිරි ගවයින් ප්‍රවර්ධනය කිරීම මෙන්ම කිරි ගොවිපළ ආරම්භ කිරීම සහ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අධාර, දැනුම, තාක්ෂණය ලබාදීමට නවසීලන්ත රජය එකඟවූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
කට පරිස්සම් කර ගනිමින් සොබාදහමට අනුව ජීවත් වුවහොත් කිසිම ලෙඩක් නැති බවත් මහ සමාජය සල්ලි දී ලෙඩ ගන්නා බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.

ආදිවාසී ගම්මාන ආශි‍්‍රත ගිරාදුරුකෝට්ටේ හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වකුගඩු රෝගය සීඝ‍්‍ර ලෙස පැතිර ගියත් ආදිවාසී ගම්මාන වල කිසිවෙක් මේ දක්වා වකුගඩු රෝගීන් නොවන බවද මෙහිදී අනාවරණය වූ බවද සෞඛ්‍ය බලධාරීහු පවසති. ආදිවාසීන් නිරෝගී ජනතාවක් බව පසුගියදා කරන ලද වෛද්‍ය පරීක්ෂාවකින් හෙළිවී තිබේ.

බටහිර හා දේශීය වෛද්‍යවරුන් එක්ව මේ පරීක්ෂාව සිදු කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.

දඹාන, හෙනානිගල, රතුගල, පොල්ලේබැද්ද, දථකාන, වාකරේ යන ආදිවාසී ගම්මාන 6ක ආදිවාසීන් මේ පරීක්ෂාවට ලක් කෙරිණි. දියවැඩියාව, රුධිර පීඩනය, වකුගඩු යනාදී කිසිවක් ආදිවාසීන්ට නොමැති බව මෙහිදී හෙළි වු බවද ආදිවාසී නායකයා පවසයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පාහියන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම්වලදී සොයාගත් මානව ඇට සැකිල්ල වසර 10,000-12,000ක් අතර ඉතිහාසයකට හිමිකම් කියන බව පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.

මෙම අවශේෂ කොටස් කාබන් කාලනිර්ණ කටයුතු සදහා ‘ඔක්ස්ෆර්ඞ්’ විශ්වවිද්‍යාලය වෙත යවා තිබූ අතර,පර්යේෂණ කටයුතු වලින් පසු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.
තව කියවන්න

මේක 100% ලාංකීය නිර්මාණයක් !

සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා.

Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.කෙලින්ම යතුරු පුවරුවේ F6 හෝ L යතුර තත්පර 2ක් ඔබාගෙන හිටියනම් ඇති. F6 නම් එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි.

තව කියවන්න
POSTED ON | | Edit Post
එදවස සිංහල යුධ හමුදාවේ සෙන්පති වරුන් අංගං ශ්‍රාස්ත්‍රයේ අති විශිෂ්ටයින් වූ බවත්, සිංහල රජවරුන්ට අංගං ශ්‍රාස්ත්‍රයේ කෙළ පැමිණි ශරීරාරක්ෂකයින් සිටි බවත්, සිංහල හේවායින් සෑම දෙනාම පාහේ අංගංපොර සටන් කලාව ප්‍රගුණ කළ අය බවත් ඉතිහාස මූලාශ්‍ර වලින් අපි කියවා ඇත්තෙමු. ඒ අහිමානවත් ඉතිහාසය ජීවමාන කරමින්, අපේ කමට මුල් තැන දෙන ශ්‍රේෂ්ට සිංහලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයට අංගං ශ්‍රාස්ත්‍රය හඳුන්වාදීම මෑතකදී සිදු වුණි.

කෙසේ නමුත් අපගේ ඉල්ලීම පරිදි මෙම පින්තූර සිංහල බෞද්ධයා* වෙබ් අඩවියේ පළ කිරීමට ලබා දුන් ප්‍රකාශයයා සඳහන් කළ පරිදි, මෙම පින්තූර වලට වඩා අවශේෂ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපහසුයි. ඊට හේතු නම්, මේ සද් කාර්යය අදාල ගුරුතුමාගේ ප්‍රසිද්ධිය සඳහා භාවිතා කරනවා යැයි සමහරුන් සිතීමට ඉඩ තිබීමත්, අංගං ශ්‍රාස්ත්‍රයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමත්, රාජ්‍ය ආරක්ෂක  අමාත්‍යාංශයේ ආරක්ෂක රහස්‍යතාවය ආරක්ෂා කර ගැනීමත් ආදිය නිසයි. මෙහි ශාස්ත්‍රය උගන්වන හටන්කරුවන්ගේ මුහුණු පවා අපැහැදිලි වන පරිදි යොදා ඇත්තේද එනිසාවෙනි. මෙම පින්තූර ඇල්බමය සිංහල බෞද්ධයා* වෙබ් අඩවියේ පළ කළේ Angampora Sri Lanka පිටුවේ අවසරය සහිතවයි. අවසර නොගෙන නැවත පළ කිරීමෙන් වළකින්න.(අප අවසර ගෙන පල කරන ලදී)
තව කියවන්න
POSTED ON | | Edit Post
වෙළෙඳසලකට ගොස් භාණ්ඩයක් මිලදී ගත් පසු ඇතැම්විට ඔබට රුපියල් 2.00ත් 5.00ත් වැනි මුදලක් ඉතිරි වශයෙන් ලැබිය යුතු යැයි සිතමු. නමුත් මුදල් අයකැමි (කැෂියර්) ඒ වෙනුවට ඔබට දෙන්නේ ටොෆියක්,චොක්ලට්පෙත්තක් විය හැකිය. වෙළෙඳ‍පොළට යන ඔබ මේ අත්දැකීම ලබා ඇති බවට සැකයක් නැත. ඇතැම් විට ඔබ සීනි අගුණ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු විය හැකිය. නමුත් ඔබට අනවශ්‍ය දෙයක් නොපැතූ දෙයක් ලබා ගැනීමට සිදුවී තිබේ.

කොන්දොස්තර කොලුවානම් රුපියල් 2, 4 ඉතිරි දෙන්නේම නැත. බහිනකොට දෙනවා කිව්වත් එසේ දෙන කොන්දොස්තර මහත්වරු සිටින්නේ අතළොස්සක් පමණි. මෙහි දෙපැත්තක් තිබේ. වෙළෙඳසලකින් මාරුකාසි නොලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ඒවා නොමැති නිසා විය හැකිය. කොන්දොස්තර කොලුවා මාරුකාසි නොදෙන්නේ එක්කෝ ඔහු ළඟ සත්‍ය වශයෙන්ම මාරුකාසි නැති නිසා හෝ නැතිනම් තම වාසිය තකා හෝ විය හැකිය. ඒ කුමක් වුවද මේ දෙඅංශයටම මූල භූතය වී ඇත්තේ රටේ සංසරණය වන කාසි ප්‍රමාණය සීමාවීමය. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමේ කාසි තිබුණද ඒවායින් බොහොමයක් තිබෙන්නේ සංසරණයට එකතු නොවී සැඟවෙලාබවය.

තව කියවන්න
POSTED ON | | Edit Post
මෝටර් වාහණ අනයනයේදි දිවයිනේ වාණිජ බැංකු වල විවර කරණ ණයවර ලිපි (Letters of Credit (LCs)) සදහා සියයට සියයක අවම ආන්තික තැන්පතු රේගුලාසියක් පැනවිමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි නිවේදනය කරයි.

කෙසේවෙතත්,මෙම රේගුලාසිය ගිලන් රථ,බස් රථ,ලොරි හා ට්‍රක් රථ වෙනුවෙන් බලනොපාන බවද සදහන්ය.

මෙම රේගුලාසි හදුන්වාදිමෙන් පසු අදාල තත්ත්වයන් යළි මාස 06 කට පසු විමර්ශණයකට ලක් කරන බවද මහ බැංකුව කියයි.

දේශීය රුපියලේ අගය ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ පෙර නොවු තරමේ දැඩි පිඩනයකට මේ වන විට ලක් ව ඇති අතර එම තත්ත්වයන් මත ඇතිවන පිඩනයන්ගෙන් මිදිමට මෙම නව රේගුලාසි හදුන්වා දි ඇතැයි ආර්ථීක විද්වතුන් කියයි.
තව කියවන්න
මිල්ග්‍රෝ කිරිපිටි වර්ගයෙහි ඩයිසයිනමයිඞ් හෙවත් ඞී.සී.ඞී. ඇති බවට තහවුරු වීම නිසා එම කිරිපිටි වෙළෙඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට අලෙවිය තහනම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ‍්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

තවත් කිරිපිටි වර්ග 3ක ඞී.සී.ඞී. අඩංගු බවට සැකයක් මතුව ඇති බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ ඇන්කර් වන්ප්ලස්, රත්තී සහ ඇන්කර් පීඩියාප්‍රෝ මමා යන කිරිපිටිවලයි. ඒ අනුව එම කිරිපිටි වර්ග අලෙවිය තාවකාලිකව තහනම් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

තව කියවන්න
POSTED ON | | Edit Post
ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ මාධ්‍යය ආයතන වලට සැලකියයුතු මුදලක් ලබාදී දැන්වීම් පලකරනා ආයතනයකි. 

එම සමාගමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එම සමාගමේ මෙහෙයුම් කටයුතු කෙටි කලක් නවත්වා තිබූ අතර රූපවාහිනියේ දැන්වීම් ප්‍රචාරයද ටික කලකට අත්හිටුවා තිබුණි. 

මේ හේතුවෙන් වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ රජයේ රුපවාහිනි නාලිකා දෙකය. මිට අමතරව පෞද්ගලික රුපවාහිනි නාලිකාවන්ද අපහසුතාවයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බිඳවැටීම හේතුවෙනි. 

මෙම හේතූන් නිසා සවසට වැඩ ඇරී ගෙදර ආ විට බැලීමට ඇති රූපවාහිනිය බදු අරගන සිටි කරදරකාරයින් තාවකාලිකව හෝ පලාගොස් ඇත. ඒ අතර
තව කියවන්න
POSTED ON Thursday, August 29, 2013| | Edit Post


දන්නවද Image Sensor වැඩ කරන හැටි 

ඩිජිටල් කැමරාවල සෙන්සර් එකේ CCD සහ CMOS තාක්ෂණයන් වැඩ කරන හැටි බලමුද?

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබට පෙර ඉදිරිපත් කල තාක්ෂණික පුවත් සිංහලෙන් පල කරන වෙබ් අඩවිය වන www.ne.neucly.com වෙබ් අඩවිය පවත්වාගෙන යන තරුණයන් තිදෙනා දැන් තවත් නවතම වෙබ් අඩවියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ neucly iSchool නමින්.

එම වෙබ් අඩවිය වන්නේ www.sch.neucly.com වේ.මෙම වෙබ් අඩවිය මගින් ඔබට වෙබ් අඩවි නිර්මාණය පිළිබද නොමිලේ දැනුම ලබාගත හැකි වන අතර එහිදී ඔබට ඇති වන ගැටළු ඉදිරිපත් කිරීම සදහා neucly iSchool forum නමින් forum එකක්ද ඉදිරිපත් කර තිබෙනවා.එසේම විශේෂත්වය වන්නේ මෙම www.ne.neucly.com සහ www.sch.neucly.com යන වෙබ් අඩවි දෙකටම mobile site ද ඉදිරිපත් කර තිබීමයි.
තව කියවන්න
නවසීලන්තයේ විදේශ ඇමැතිවරයාත්, තානාපතිවරයාත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කළ පමණින් කිරිපිටිවල වස විෂ ඉවත් වුණා දැයි ආණ්ඩුව රටට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා ඊයේ (28) රාජගිරියේ පිහිටි ජාතික වතුකම්කරු සංගම් ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී. හැරිසන් මහතා මෙසේ ද පැවසීය.

ගෙවල්වලින් බෝතලයක් රුපියල් 40 ගණනේ එකතු කරන නිසා කිරි ගොවියාට කිරි බෝතලයක් වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් 50 කට අඩු මුදලක්. නමුත් වතුර බෝතලයක මිල රුපියල් 70 ක් වනවා. රටට ගෙන්වන කිරිපිටිවල වස විෂ තිබෙන බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසු ගිය කාලයේ බොහෝ විට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වුණා. ආණ්ඩුවේ ජනමාධ්‍යවලින් ද ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නා. 
තව කියවන්න
POSTED ON Wednesday, August 28, 2013| | Edit Post
2008 වසරේදී පාඩු ලබයි...

2010 දී  රුපියල් මිලියන 49ක ලාභයක්....2012 වසරේ දී රුපියල් මිලියන 65ක ලාභයක්... ඉලක්කය 2016 වසර වන විට රුපියල් මිලියන 200ක් ..

ශී‍්‍ර ලාංකේය අත්කම් නිර්මාණ සඳහා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් නාමයක් සනිටුහන් කළ තෑගි සහ සමරු භාණ්ඩ අලෙවිය පිළිබඳ දිගු ඉතිහාසයක් සහිත ‘‘ලක්සල’’ නව මං සලකුණක් එක් කරමින් කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ දී සිය නවතම ප‍්‍රදර්ශනාගාරය Laksala Museum Gallery Cafe ලෙස විවෘත කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්ති මාලාවට අනුව කි‍්‍රයාත්මක දිවි නැගුම ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද එම නව අලෙවි ප‍්‍රදර්ශනාගාරය එම වැඩසටහනේ නිර්මාතෘ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කරන ලදී. එම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය හා උද්භීද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත් යන මහත්වරුන්ද සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගි විය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
සිලෝන් බිස්කට්ස් සමාගමේ මන්චි සන්නාමය යටතේ සිදුකෙරෙන ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වන මන්චි සමග ගමට සරණ වැඩසටහන මගින් ජුනි සහ ජූලි මාසයන් සඳහා අවසන් කළ තවත් ප‍්‍රජා ව්‍යාපෘතීන් හතරක් පසුගියදා ජනතා අයිතියට පැවරිණ. මෙම වැඩසටහන යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල යසෝධරා බාළිකා විද්‍යාලය, බේරුවල කීරන්තිඩිය කනිටු විදුහල, කරාපිටිය ශීක්‍ෂණ රෝහල සහ යාපනය දිස්ත‍්‍රික්කයේ මානිපායි කඩ්ඩුඩායි මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානය යන ස්ථානයන්ට ප‍්‍රතිලාභ හිමිවිය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරිවෙහෙර හා රුහුණු මහා කතරගම දේවාලය ඇසළ උත්සව සමය නිමිත්තෙන් ආලෝකමත් කිරීම ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය විසින් සිදුකෙරිණි. 

අගෝස්තු මස 07 දින සිට 20 වන දින දක්වා පැවැත්වුණු මෙම ආලෝක පූජාවට ස්වදේශී සමාගම අනුග‍්‍රහය දක්වන්නේ 12 වන වරටය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
බොර තෙල් සදහා පිටරටට ඇදී යන කෝටි ගනනක් වන මුදල රටතුල රටතුල ඉතිරි කර ගැනීමට දේශීය ව්‍යාපාර සමූහයක්  විසින් තබන ලද ඉදිරි පියවරක්...
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාවට පුර්ණ වශයෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් හදුන්වාදීමට ලාෆ් සමුහ ව්‍යාපාරය සුදානම් වේ.

BYD e 6 නමැති චීනයේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ලෝ සුප්‍රකට ඇමරිකානු ව්‍යාපාරිකයකු වන Warren Buffett ගේ චීනයේ සිදුකරන ලද ආයෝජනයක ප්‍රතිපලයකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ආහාර බලධාරියා විසින් එක් අවස්ථාවක ඩී.සී.ඩී. ඇති බවත්, තවත් අවස්ථාවක ඩී.සී.ඩී. නැති බවත් පවසා ඇති බැවින් කළ යුතු සුදුසුම දේ දේශීය කිරි ගොවියා විදේශීය සමාගම්වල වහලෙක් නොකර අපේ රට කිරියෙන් ස්වයංපෝෂිත කිරීම බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. 

ඩී.සි.ඩී ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය ‍නිවේදනයක දැක්වෙන්නේ ජනතාව නොමඟ යැවූ ෆොන්ටේරා සමාගමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි. 

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය SLIIT සිව්වන වරටත් සංවිධානය කරනු ලබන, SLIIT RoboFest තරගාවලිය 2013 සැප්තැම්බර් 12 සහ 13 දෙදින තුළ මාලබේ SLIIT ආයතන පරිශ‍්‍රයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. පසුගිය වසරේ සාර්ථකත්වය මත මෙවර රොබෝ තරගාවලිය ඉතා ආකර්ශනීය හා ආනන්දනීය වියහැකි බවත් මෙම කිරුළ දිනා ගැනීමේ අපේක්‍ෂාවෙන් තරගකරුවන් විශාල පිරිසක් තරගයට සහභාගීවනු ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ තරග සංවිධායකත්වය පවසයි. 
තව කියවන්න
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග...

නමුත් දැන් නොදැන වුවත් කතරගම යා හැකි ක්‍රමයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ.


නාදුනන පළාතක බස් රථයකින් යන විට, බසින තැන නිවැරදිව දැන ගැනීම ඉතා අපහසුයි.
බොහෝ විට කොන්දොස්තර මහතාගේ හෝ අසල සිටින මගියෙකුගේ සහය පැතීමට සිදුවේ.
තමන්ට හුරු ප්‍රදේශයක වුවද රාත්‍රියේදී බස් රථයක යන විට බසින තැන දැන ගැනීම අපහසුයි.

තව කියවන්න
POSTED ON Tuesday, August 27, 2013| | Edit Post
අද වනවිට අපේ ගෙදර රත්තියෙක් නැත. උදෑසන හිස්බඩ පුරවා ගන්නේ පෝෂණීය එළකිරිවල අග‍්‍ර වූ සාරයෙන් ප්‍රෝටීන ද දෙවැන්නෙන් චීස් හා බටර් ද සකසා එලෙස ප්‍රෝටීන හා මේදය ඉවත් කළ පසු ඉතිරි වන හුදු දියරයට කෘත‍්‍රිම ප්‍රෝටීන හා සත්ව මේදය යොදා සකසන පිටරට කිරිපිටිවලිනි...!

ඕවිටේ, දෙනියේ, වෙල් යායේ ඇවිද කපා ගත් ළා තණකොළ මිටිය රත්තිට ළං කර හිස අත ගා ආදරයෙන් කථා කළ තාත්තා ඇඟපත සෝදා ගන්නට කුඹුක් ගහ ළඟ ළිඳට ගියේ බිං කළුවරේ ය. පසු දිනයේ කොස් නැටි පෙනෙන, නො පෙනෙන උදෑසන ම අම්මා රත්තී වෙත ගොස් සෙනෙහසින් කතා කළා ය.

‘‘ඔන්න රත්තියේ අදත් අපිට කිරි ඩිංගිත්තක් ඕනේ… අහවර වෙච්ච හැටියේ පැට්ටව ළඟට ම ගෙනත් දෙනවා මං..”

රත්තී ළෙංගතුව හිස සොලවා පෑ අවසරයෙන් කිරි ෙදාවා ගත් ඕ පැටවා රත්තීට ළං කෙරුවා ය. තලූ මර මරා කිරි බොන පැටවාගේත්, රත්තීගේත් හිස අත ගෑ අම්මා ගෙට එන්නේ නැවුම් ව දොවා ගත් එළකිරි ගෙදර උදවිය වෙනුවෙන් පිළියෙල කරන්නට ය.

තව කියවන්න
POSTED ON Sunday, August 25, 2013| | Edit Post
ලංකාවේ විදුලි උපාංග සහ ජංගම දුරකථන යන ක්ෂේත්‍රයන්හි නව විප්ලවයක් ඇති කිරීමේ අරමුණින් මෙරට විදුලි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම නාමයක් හිමි කරගෙන ඇති ඔරේන්ජ් තවත් මාස දෙකකින් ජංගම දුරකථන ක්ෂේත්‍රයටද යොමු වන බව ඔරෙල් කෝපරේෂන් හි කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා පවසයි.

මේ සමග ලංකාවේ ජංගම දුරකථන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙන ප්‍රථම විදුලි උපාංග නිෂ්පාදන සමාගම බවට ඔරෙල් කෝපරේෂන් පත් වෙයි.
තව කියවන්න
POSTED ON Saturday, August 24, 2013| | Edit Post
කොළඹ නැව් තටාකාංගනය විසින් ඉන්දියාවේ ලක්ෂද්වීප් දුපත් සඳහා විශාල මගී නෞකාවක් ඉදිකර භාරදී ඇත. මගීන් 400 ක් සහ භාණ්ඩ ටොන් 250 ක් ප‍්‍රවාහනය කළ හැකි මෙම නෞකාව නෝර්වේ සමාගමක් විසින් සැලසුම් කර ඇති අතර, මුළුමනින්ම ඉදිකරනු ලැබූයේ කොළඹ නැව් තටාකාංගනයයි.

 මගී නෞකාවේ මැදිරි පන්ති 3 ක් යටතේ ඉදිකෙරෙන අතර මුළුමනින්ම වායු සමීකරණය කෙරෙනවා. මේ ආකාරයේ නෞකා 2 ක් ලක්ෂද්වීප් දිවයින් සඳහා ඉදිකිරීමටයි සමාගම ගිවිසුම් ගෙන ඇත්තේ. මෙම නෞකා ඉන්දියාවේ - කොචින් සහ ලක්ෂද්වීප් දිවයින් අතර මගී ප‍්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අදට වසර 25කට පමණ පෙර ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියක් වන රෝසි සේනානායක මහත්මිය ඇන්කර් කිරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රමුඛතම චරිතය විය.

‘මගේ දරුවන් සුවෙන් වැඩෙන්නේ ඇන්කර් නිසා’ නම් තේමාව රැගත් දැන්වීම ශ‍්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කලා කීවොත් වරදක් කිව නොහැක.

ඉන් වසර 25කට  පමණ පසු මන්ත‍්‍රීනී රෝසි සේනානායක මේ සම්බන්දයෙන් අප හා අදහස් දැක්වීය.

ඇය පැවසුවේ ඇන්කර් ප‍්‍රචලිත කිරීම සඳහා තමන් මුලින් කැපවුණද පසුව තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් නොතිබූ නිසා එම දැන්වීම්වලට පෙනී සිටීම නවතා දැමූ බවයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
නැවතත් මොවුන්ට අප රටට රිංගා ගැනීමට ඉඩ නොදීම ඔබ සතු යුතුකමකි... 

ඩී.සී.ඩී සහ මෙලමයින් මනුශ්‍ය ශරීරයට විසද නැද්ද යන්න සොයා බැලීම සදහා  අපගේ කුඩා දරුවන්  පර්යේශනාගාර මීයන් ලෙස යොදාගැනීමට තව දුරටත් ඔබ ඉඩ දෙනවාද..??? 

ඔබේ දරුවා කුඩා කාලයේදීම විශ ශරීර ගතවී ,පසුකාලීනව නිදන්ගත රෝගියෙක් බවට පත් වීමට ඔබ ඉඩ හරිනවාද ..තීරනය ඔබේ අතේ....

ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන අලෙවි කිරීම් අර්බුදය හමුවේ තම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ෆොන්ටෙරා සමාගම පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලාංකා ශාඛාවේ සේවය කරන සේවකයන් 755ක් වන පිරිසට සමාගම දැනුම් දී ඇත්තේ රාජකාරියට වාර්තා නොකර නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

ෆොන්ටෙරා ප්‍රධාන විධායක නිලධාරී තෙයෝ ස්ප්‍රිං විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තම සමාගමේ ශ‍්‍රී ලංකා ශාඛාවේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අපහසුවී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බවත්ය.

ඩී.සී.ඩී. විෂ රසායනය ෆොන්ටේරා නිෂ්පාදනවල පවතින බවට තහවුරු වීමත් සමග ශ්‍රී ලංකා අධිකරණය විසින් ෆොන්ටේරා නිෂ්පාදන අලෙවිකිරීම, බෙදාහැරීම සහ ප්‍රචාරණය අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.
තව කියවන්න
POSTED ON Friday, August 23, 2013| | Edit Post
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ආහාර පාලන කමිටුවේ ක්‍රියාකාරි සාමාජිකාවක්‌ වූ දොස්‌තර අජන්තා පෙරේරා මහත්මිය පදිංචි බොරලැස්‌ගමුව රත්තනපිටිය පිහිටි නිවසේ පිටුපස ජනේලයට (22 වැනිදා) දහවල් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා පලාගොස්‌ ඇත.

මෙම ගින්න දුටු අසල්වැසියන් ඒ මොහොතේ ගින්න නිවා දමා ඇත.

දොස්‌තර අජන්තා පෙරේරා මහත්මිය ආහාර පාලන කමිටුව යටතේ කිරිපිටි තහනමට පක්‍ෂව මේ දිනවල තදින්ම ක්‍රියාකරන සාමාජිකාවකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අනුරාග් කාශ්‍යපගේ සිනමා නිර්මාණයක් වන "බොම්බේ වෙල්වට්" චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා විශාල කාර්ය මණ්ඩලයක් සහ හින්දි නළු නිලයන් මේ දිනවල ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ රන්බීර් කපුර් වන අතර ප්‍රධාන නිළිය වන්නේ අනුෂ්කා ෂර්මා ය.

සැප්තැම්බර් මස දක්වා රූගත කිරීමට දින වෙන්කරගෙන ඇතිඅතර එය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පටිගත කිරීමට නියමිතය.

තව කියවන්න
POSTED ON | | Edit Post
බහුජාතික සමාගම්වල අතකොලූවක් බවට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් වස විස සහිත කිරිපිටි ජනතාවට බීමට ඉඩ තබා වසර ගණනාවක් තිස්සේ නිහඬව බලා සිටි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චෝදනා කරයි.

බහු ජාතික සමාගම්වලට ගැතිවී හෝ වෙනත් වරප‍්‍රසාද හේතුවෙන් කිරිපිටිවල වස විස නැතැයි ප‍්‍රකාශ කිරීම බරපතළ වංචාවක් සහ අපරාධයක් බවද ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කරන බවද එහිදී වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.

මෙරට දරුවන්ට සහ ජනතාවට වස විස නැති ආහාර හා කිරි වර්ග ලබාදීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් මගින් පූර්ණකාලීන වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීය.

වෛද්‍ය පාදෙනිය මහතා මෙසේ ද පැවැසීය.

‘ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට පසුගියදා අයි.ටී.අයි. ආයතන තහවුරු කර වාර්තාවක් නිකුත් කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි එම වාර්තාව නිකුත් කළත් එය පිළිගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රතික්ෂේප කළා.
තව කියවන්න
POSTED ON | | Edit Post
මිල්කෝ ආයතනයේ දියර කිරි නිෂ්පාදනය වහාම දෙගුණයකින් ඉහළනැංවීමට පියවර ගෙන තිබෙන බව පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.ටී. කෑඳරගම මහතා පැවැසීය.

ඒ අනුව මිල්කෝ ආයතනයේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ 6ක් දක්වා ඉහළ නැංවෙන බවද ලේකම්වරයා කීය.

මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය නවීන උපකරණ දැනටමත් ඩෙන්මාර්කයෙන් ආනයනය කර තිබෙන බවද කෑඳරගම මහතා සඳහන් කළේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
"ගන්න දේශීය දේ" වෙබ් අඩවිය නැරඹුම් 200 000 පසු කරමින් ඉදිරියටම...

නිසි අගය කිරීමක් නොමැතිව සැගවුනු නව නිර්මාණකරුවන් සමාජය ඉදිරියට ගෙන එමින්, අප රටට මහා පිලිලයක් වූ බහුජාතික සමාගම් වල ඇත්ත  ස්වරූපය සමාජයට නිරාවරනය කරමින්, විදේශීය නිශ්පාදන වෙනුවට ගතහැකි අපගේ රටේ නිශ්පාදන පෙන්වා දෙමින්, නවීන  මෘදුකාන්ග, Apps,games, හදුන්වාදෙමින්, දුම් වැටි හා මත්පැන් විරෝධී හඩක් නගමින්, රටේ සංවර්දන තොරතුරු  හා තවත් බොහෝ නැවුම් තොරතුරු ඔබ හමුවට ගෙන ආ අප වෙබ් අඩවිය පිවිසුම් 200 000 පසුකර ඇත. (2013.08.23 වන විට 225 000ක්)
තව කියවන්න
POSTED ON Thursday, August 22, 2013| | Edit Post
උද්ඝෝෂණයේනවතම ඡායාරූප නරඹන්න ...

බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය.
කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් ගම්පහ දිසා අධිකරණයෙන් ලබා දුන් නියෝගයට ගරු කරන ලෙස ඔවුහු ඉල්ලති. 
තව කියවන්න
POSTED ON Wednesday, August 21, 2013| | Edit Post
පසුගියදා ගනේමුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසකට කොකා කෝලා බෝතලයක් තුල තිබී මියගිය හුනෙකු හමුවී තිබේ. බෝතලේ මුද්‍රාව කැඩීමටත් පෙර මෙය දුටු නිසා ඔවුන් බෝතලය ලඟ තබාගෙන ඇත්තේ ඉදිරියේදී අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. 

ඔවුන් එය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි "සීතා" නම් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගෙන ඇති අතර ඉන්පසුව කොකා කෝලා ආයතනයට සහ මාධ්‍යය ආයතනයන්ට මෙම සිද්ධිය දන්වා ඇත. 

එහිදී කොකා කෝලා සමාගමේ නියෝජිතයෙකු ඔවුන් හමුවීමට පොරොන්දු වී ඇතිඅතර පුවත් ප්‍රථමයෙන් හෝ සත්‍යය ප්‍රථමයෙන් යනුවෙන් හදුන්වාගන්න කිසිදු මාධ්‍යයක් මෙම පුවත පලකිරීමට මැලිවී ඇත. 

තරුණයන් පිරිසගේ දැනුම්දීම අනුව පැමිණි කොකා කෝලා සමාගමේ නියෝජිතයා එය බොහෝ වෙලා පරික්ෂාකොට ඔවුන්ට කියා ඇත්තේ එය එතරම් ගැටළුවක් නොවන බවය.

මෙය පුස් වර්ගයක් බවත් අවශ්‍යයනම් පාරිභෝගික අධිකාරියට ගොස් පැමිණිලි කල හැකි බවත් එසේ පැමිණ කළහොත් කරදර සිදුවන්නේ පැමිණිලිකාර පාර්ශවයටම බව එම නියෝජිතයා විසින් කියා ඇත. 

කෙසේ නමුත් කොකා කෝලා බෝතලයක තිබී හුනෙකු අසුවූ ප්‍රථම අවස්තාව මෙය නොවේ. පසුගිය වසරේ හොරණ ප්‍රදේශයේ අලෙවි කෙරුණ කොකා කෝලා බෝතලයක තිබී හුනෙකුගේ කොටස් අසුවුයේ පන්නිපිටියේ පදිංචි ටෙක්‌ලා ධම්මිකා කුමාරි නම් තැනැත්තියකට ය. 

නීතිමය ක්‍රියාමාර්ග ගත්තත් අධිකරණය මගින් මෙවන් බහුජාතික අමාගම් වලට මෙයට පෙරත් දඩ නියම වුයේ රුපියල් දස දහසක් වැනි සුළු මුදලකි. මේ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනයේ මෙවන් දෝෂ සාමන්‍යයකරණය වී ඇතිඅතර ඔවුන් දෝෂ සහිත නිෂ්පාදනය මිලදී ගත පාරිභෝගිකයාට අභියෝග කරන්නේ හැකිනම් නීතිමය කටයුතු සිදුකරන ලෙසයි. 

කොකා කෝලා ආයතනයේ නියෝජිතයා පැමිණ එම බෝතලය පරික්ෂා කල අයුරු පහතින් බලන්න 
තව කියවන්න
POSTED ON Friday, August 16, 2013| | Edit Post
ලෝක සිතියමේ ගයනාව පිහිටා ඇත්තේ දකුණු ඇමෙරික මහද්වීපයේ අධිරාජ්‍යවාදයට එරෙහිව හඩනැගූ හියුගෝ චාවේස් නම් සිංහ හදවතක් තිබූ මිනිසාගේ රට වන වෙනිසියුලාවේ මායිමේය. ගයනාව කැරිබියන් රාජ්‍යයකි. එයද එක්තරා ආකාරයකට ශ‍්‍රී ලංකාව තරම්ම  සුන්දර හරිත වර්ණ රාජ්‍යයකි. සොදුරු මුහුදු වෙරළ, වන පෙත්, ගොවි බිම් ඇතුළු ස්වාභාවික අලංකරණයෙන්  යුක්තය. අප මෙම සටහන පූර්විකා කරගන්නේ එවන්වූ අපූරු සුන්දරත්වයෙන් හෙබි ගයනාවේ සංචාරය කරමින් සිටි විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්වුයේ මීට වසර 36කට ආසන්න කාලයකට පෙරෙදී වීම හේතුවෙනි. සොබාදහමට සමස්ත මානවයාට ආදරය කළ සේනක බිබිලේ නම් වූ මේ අපූරු මිනිසා ගයනාවේ රාජකාරි කටයුත්තකට සහභාගී වෙමින් සිටියෙදී හදිසියේ අභාවප‍්‍රාප්ත වූයේය. ඔහුගේ මරණයට බහුජාතික ඖෂධ  සමාගම්වලට ඇගිල්ල දිගුවූ නමුත් ඒවා ඔප්පු කරන්නට සාක්ෂි ඉදිරිපත් කරන්නට එය තව දුරටත් ඉදිරියට රැුගෙන යන්නට කිසිවෙක් ප‍්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොකළ බව සත්‍යයක්ය. කාලයේ වැලිතලාවෙන් සදාකාලයටම වැසී යන්නටත් පොදු ජන මතකයේත් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 150 ක ක‍්‍රියාත්මක ඖෂධ ප‍්‍රතිපත්තියක් හදුන්වාදුන් ඔහු අමරණීය කළ බව පැවසිය යුතුය.
තව කියවන්න
POSTED ON Thursday, August 15, 2013| | Edit Post
රන් කිරි කට ගෑ කටින් ගොන් කිරි බීමට පටන් ගැනීමේ ආදීනව අපි සැවෝම අද යහමින් අත් විඳින්නෙමු.දම් වැළක පුරුක් මෙන් ප‍්‍රශ්නයෙන් ප‍්‍රශ්නය දින දින එකතු වෙමින් කිරිපිටි ප‍්‍රශ්නය අද පත්ව ඇත්තේ මුලක් අගක් නොපෙනෙන පැටලූණු නූල් බෝලයක තත්ත්වයටය.

නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල ඩිසිඩි නමැති ශරීරයට කිසිසේත්ම හිතකර නොවනා විෂ රසායන අඩංගු වන බව කාර්මික තාක්ෂණික ආයතනය (ITI) විද්‍යාත්මකව කරුණු පෙන්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමත් සමග කිරිපිටි පිළිබඳ ප‍්‍රශ්නය තීව‍්‍ර විය.

නවසීලන්තයෙන් වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන කිරිපිටි ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 83,000කි. මෙරට කිරි පරිභෝජනයට අවශ්‍ය කිරිපිටි සියයට 80 (80%) ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වනුයේ නවසීලන්තයෙනි. එහෙයින් පැන නැගී ඇති ප‍්‍රශ්නය සුළු පටු වන්නේ නැත.

කිරිපිටි සම්බන්ධව කථිකාවන් උණුසුම් වූයේ අගෝස්තු මස 05 වැනි දින සිටය. එදින සිට සෞඛ්‍ය අමාත්‍යංශය නවසීලන්තයෙන් ගෙන්වන සියලූම කිරි නිෂ්පාදන වරායෙන් නිදහස් කිරීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීය.

ඒ නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ දී සිදුවූ බව කියන යම් අපිරිසුදු තත්ත්වයක් මුල් කරගනිමින් චීනය සහ රුසියාව කිරි නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවීමට ගත් තීරණයත් සමගම මෙරට ද අත්හිටුවීම් කි‍්‍රයාත්මක විය.

වේ ප්‍රෝටීන (Whey protein) අධි සාන්ද්‍රණය සහිත කිරි නිෂ්පාදනවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් (clostridium botulinum) බැක්ටීරියාව පිළිබඳ කථිකාව වේදිකාවේ ප‍්‍රධාන නාටකයක් බවට පත්වන්නේ ඊටත් පසුවය.

මෙම කිරිවල අඩංගු යැයි කියන බොටලිනම් වූ බැක්ටීරියාවෙන් ශරීරය අඩපණ කර ආඝාත තත්ත්වයක් ඇති වන බව විදේශ මාධ්‍යයෙන් පවා අනාවරණය කරනු ලැබුවේ එහි ඇති භයානකකම නිසාය.
තව කියවන්න
POSTED ON | | Edit Post
අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම

ශ‍්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම් විවිධ ආණ්ඩු මගින් දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ඇති කළහ. එහෙත් අදවන විටත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. 70-77 කාලය තුළ යම් සාධනීය වර්ධනයක් වුවද 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකය තුළ එය සම්පූර්ණයෙන්ම ආනයනික කිරිපිටි මත යැපෙන ආර්ථිකයක් බවට පත්විය. මෙහිදී දේශීය නිෂ්පාදනය වක‍්‍රාකාරව අඩපණ කිරීමටත් ආනයනය උනන්දු කිරීමටත් ඉතා සැලසුම්සහගත ලෙස මෙම කිරිපිටි ආනයනය කරන බහුජාතික සමාගම් ක‍්‍රියා කළේය. මෙය සාර්ථකකර ගැනීම සඳහා කිරිපිටි ගෙන්වන සමාගම්වල මුදල් රජයේ මැති ඇමතිවරුන්ගේ සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේද, රේගුවේ ද, භාණ්ඩාගාර නිලධාරීන් ද යන නානාවිධ තලවල සිටින මේ සඳහා බලපෑම් කළ හැකි අය ඔවුන් වෙනුවෙන් දිනාගැනීමට ක‍්‍රියා කළේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
මීට පෙර මෙරටේ පිටි කිරි වසන්ගතය නොතිබූ බවත් තම නිවසේත් මේ වන විට දියර කිරි පාවිච්චි කරමින් සිටින බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පැවසුවේ කිරිපිටි ආනයනය කරන ලොව සෙසු රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් තම සංවිධානය මෙම සටන් සඳහා පෙරමුණ ගන්නේ දේශපාලන වුවමනාවකට නොව හදවතට එකඟව බවත්ය.

වසරකට ඩොලර් බිලියන 40ක් කිරිපිටි ආනයනය කිරිම සඳහා වැය කරන බවත් පසුගිය දශක කිහිපයේදී ලංකාව තුළ මෙම ව්‍යාපාරය හොඳ හැටි මුල් බැසගෙන තිබූ බවත් පෙන්වා දුන් පාදෙණිය මහතා ශ්‍රී ලංකාවට ආහාර ප්‍රතිපත්තියක් නොමැති බවත්, එය වහාම සකස් කළ යුතුව ඇති බවත් පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ඞී.සී.ඞී. විස රසායනික ප‍්‍රශ්නයත් සමග දියර කිරි භාවිතය වැඩි වුවත් දැන් සමහරෙක් පිටි කිරි දියකර දියර කිරි නිෂ්පාදනය කොට පැකට් කර වෙළෙඳපොලට යොමු කිරීමේ අවදානමක් තිබෙන බව මිල්කෝ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් මිල්කෝ ආයතනය රජයේ ආයතනයක් ලෙස ජනතාවට හොඳ දේ ලබාදීමේ ආයතනයක් ලෙස දියර කිරි දියර කිරි ලෙසම පැකට් කර වෙළෙඳපොළට ලබා දෙන බවද සභාපතිවරයා කියා සිටී.

නමුත් මේ අවස්ථාවේ සමහරෙක් කරන මේ වැඩනිසා ජනතාවට නැවතත් ඞී.සී.ඞී. විස රසායනික ශරීරගත වීමේ අවධානමක් ඇති බවද පනසක සභාපතිවරයා මේ නිසා මහජනතාව මෙන්ම වගකිවයුතු අයද මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
පසුගියදා ඉදිකිරීම් කටයුතු ආරම්භ කල ‘නෙළුම් කුලූන’ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 104 ක මුදලක් වැයවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

ඉන් ඩොලර් මිලියන 88 ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ණයක් වශයෙන් ලබාගැනෙන බවත්, ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැයකරනු ලබන බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.

චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගැනෙන ඩොලර් මිලියන 88 ක ණය මුදල කුලූනේ ආදායමින් වසර 7 ක් තුල ගෙවා නිමකිරීමට හැකිවන බව කී ජනාධිපති ලේකම් වීරතුංග මහතා එය රජයට බරක් නොවන බව කීවේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
විෂ රසායන වාණිජ වාසියක් සඳහා සිතා මතා කිරිවලට එකතු කරනවා යන චෝදනා කඩිනමින් විශාග කොට එම චෝදනාවලට අදාල සාක්‍ෂි සැහෙන පමණ තිබේනම් ඔවුනට විරුද්ධව අපරාධ නීතිය යටත් දඩුවම් පැමිණවීමට මැදිහත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපියේ මෙසේ දැක්වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
නවසීලන්ත ෆොන්ටේරා සමාගමේ කිරි නිෂ්පාදන ප‍්‍රධානි ගේරි රොමානෝ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. මේ බව ඔහු නිල වශයෙන් දන්වා ඇතත් මෙම තීරණයට හේතුවක් දක්වා නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නවසීලන්තය තුල බෙදාහැර තිබූ ලදරු කිරිපිටිවල තොරතුරු හෙලි නොකලේ යයි මොහුට චෝදනා එල්ල වී තිබිනි.

කිරි ආහාර නිෂ්පාදන විෂ සහිත බව ෆොන්ටෙරා සමාගමට ලොව දස දෙසින් චෝදනා එල්ල වී දෙසතියක් පමණ ඉක්ම ගොස් තිබියදී මාධ්‍ය ඉදිරියට පැමිණි සමාගමේ ඉහලම බලධාරියා මොහුය.
තව කියවන්න
POSTED ON | | Edit Post
කැල්සියම් අඩංගු වන හෝ නොවන කිසිදු කිරිපිටි වර්ගයක් ‘ඔස්ටියොපොරෝසිස්’ රෝගය නිවාරණය සඳහා ප‍්‍රතිකාරයක් නොවන්නේ යයි ඔස්ටියොපොරෝසිස් ශ‍්‍රී ලංකා සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ෆොන්ටේරා සමාගමට එරෙහිව නඩු පවරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගු බවට දැනට කර ඇති පරීක්ෂණවලින් හෙළි වී තිබියදී අදාළ සමාගම විසින් තවදුරටත් සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ වෙනසක් නැතැයි කියමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව හෙතෙම පෙන්වාදෙයි.

කොළඹදී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ෆොන්ටෙරා සමාගම විසින් ආනයනික කිරිපිටි ආශ්‍රිත වෙළඳ ප්‍රචාරක දැන්වීම් තාවකාලිකව නවතන ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි හෙතෙම පෙන්වාදුන්නේය.  එහෙත් එම නියෝගය කඩකරමින් එම සමාගම සිය නිෂ්පාදන තවදුරටත් ප්‍රචාරණයේ නිරතවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේය.
තව කියවන්න
POSTED ON Monday, August 12, 2013| | Edit Post
බහුජාතික කිරිපිටි සමාගමක් විසින් ආනයනික කිරිපිටි යොදා නිෂ්පාදනය කරනු ලබන කුඩා ළමයින් අතර ජනප‍්‍රිය එක්තරා යෝගට් වර්ගයක ද ඞී. සී. ඞී. විෂ රසායනිකය ඇති බවට සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳවද කඩිනමින් පරීක්‍ෂාවක් කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ දේශපලාන මණ්ඩල සභික හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම නිවේදනය මෙසේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි සම්බන්ධව ශ්‍රී ලංකාව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල නිවැරදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් නවසීලන්තයේ සිදුකල පරීක්ෂණ පිළිබඳව තමන් ඉතාමත් විශ්වාසයෙන් සිටින බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මාධ්‍ය පවසයි.

ඊයේ දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ බවත් එහිදී එම කිරි පිටිවල ඩී.සී.ඩී. රසායනය අඩංගුව ඇත්තේ ඉතා සුළු වශයෙන් පමණක් යැයි වාර්තාවී ඇති බවයි.
තව කියවන්න
POSTED ON Sunday, August 11, 2013| | Edit Post
මෙරට කිරි නිෂ්පාදන වෙළඳාමේ යෙදෙන අපකීර්තිකමත් නවසීලන්ත ෆොන්ටෙරා සමාගම අමාත්‍ය විමල් වීරවංශ මහතාට සන්තෝෂම් දෙන්න පැමිණයේ යයි ඒ මහතා සඳහන් කරයි.

නුවරඑළිය වලපනේ පැවති මැතිවරණ රැස්වීමකදී ඒ මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් පල කලේය.

‘ෆොන්ටොරා සමාගම ආනයනය කර බෙදාහරින කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ඞී.සී.ඞී. නම් විෂ රසායනය තිබෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා. ජාතික ව්‍යාපාරය ඔවුන්ගේ මේ ක‍්‍රියාකාරීත්වයට එරෙහිව දිගින් දිගටම විරෝධය පෑවා. ජනතාවට කරුණු අනාවරණය කලා.
තව කියවන්න
POSTED ON | | Edit Post
සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.

ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews