POSTED ON Tuesday, February 25, 2014| | Edit Post
උපුටා ගැනීම - අහිංසා ශ්‍රී ලංකා - Ahinsa Srilanka

වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයො ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැනේ: ඇත්තෙන්ම වීරත්වය කියන දේ මිනිස් අපිට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. අනික් තිරිසන් සතුන් අතරේ කොහොම වුණත් මිනිස් අපගේ කලණ මිතුරා වන සුනඛ පරපුර අතරේත් මිනිස් වීරයන්ට කෙසේවත් දෙවැනි නොවන සුනඛ වීරයන් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සුනඛ වීරයන්ගේ සැබෑ වීරකම්වලින් සියයට දශම ගණනක් වත් මිනිස් සමාජය හමුවේ ඉස්මතු වෙන්නේ නැති එකයි. මේ අවුරුදු දහඅටක කාලයක් තිස්සේ ඒ විදිහට හැංගිලා තිබුණු අපේ කාලයේ සුනඛ වීරයෙක් ගැන අනුවේදනීය කතා පුවතක්. මේ කතාව අද අපට කියන්නේ බෙන්තොට, හබුරුගල පදිංචි දුම්රිය රියැදුරු කේ.වී.ඩී.යූ. කුමාරසිංහ මහත්තයා. එතුමා ලබපු ඒ අත්දැකීම එතුමාගේ වචනවලින්ම කිව්වොත් මෙන්න මෙහෙමයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
මාර්තු මස අට වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම මාර්ගය විවෘත කිරීමට නියමිතය.
කිලෝමීටර 11කින් යුක්ත වන මෙහි මංතීරු දෙක බැගින් දෙපසට මංතීරු හතරකි.
රුපියල් කෝටි 2700 වයදමින් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයෙන් ඉදි කරන මෙහි විශේෂත්නය වනුයේ කිලෝමීටර 3.3කින් යුක්ත දිගු ගුවන් පාලමකි. මෙම පාලම මෙරට දිගින් වැඩිම පාලම ලෙස සැලකේ.
තව කියවන්න
POSTED ON Monday, February 24, 2014| | Edit Post
යම් පුද්ගලයෙකු අපරාධකරුවෙකුද, නැද්ද යන්න විනාඩි තුනක් ඇතුළතදී අනාවරණය කරගැනීම සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධති ක්‍රමය කඩිනමින් මෙරට පොලීසියට හඳුන්වාදෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දකුණු ආසියාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ මෙරට පොලිස් ස්ථාන 403 ම අවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
තව කියවන්න
POSTED ON Sunday, February 23, 2014| | Edit Post
පොලිස් නිලධාරීන් 80000 කගෙන් සමන්විත සියවසක් සමරන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් වරියක් තනියම සූදු පිටියක් වටලා සැකකරුවන් දෙදෙ‍ෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දීමට සමත් වී ඇත.

මේ සුවිශේෂී කථාවේ කථානායිකා wpc ව අන් කවරෙක්වත් නොව හික්කඩු‍ව තිරානගම පදිංචි වැලිගම පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ කාන්තා පොලිස් සැරයන් 1187 ඩී.ජී.ඩී. කල්‍යාණි මහත්මියයි.‍
තව කියවන්න
POSTED ON | | Edit Post

  •  PCB (Printed Circuit Board) යනු?
  •  PCB වර්ගයන්?
  •  PCB නිරිමානය කරන ආකාර
  •  PCB ලංකාවේ භාවිත කරන අවස්ථා
  •  අප සපයන සේවාවන් (විමසන්න- 075-8682850)

01._PCB (Printed Circuit Board) යනු?
ඉලෙට්රෝ නික උපාංග වල අන්තර්ගත පුවරු වර්ගයකි.මෙහි ලොහ තීරූ පිහිටා ඇත.ඒවා මගින් පරිපථය තුල විදුලිය හෝ දත්ත රැගෙන යෑම සිදු කරයි.මෙය ඉලෙට්රෝමනික උපකරනයේ ක්රීටයාකාරීත්වය පාළණය කිරිම හා ඇතුළත සිදුවන සියලුම මෙහෙයුම් කටයුකු සදහා ඇතුලත් ඉලෙට්රෝෝනික උපාංග කොටස් සවි කර තනා ඇත.
රූපය බළන්න..
තව කියවන්න
POSTED ON Saturday, February 22, 2014| | Edit Post
දිරි දියණියක්‌ නුඹ වැනි සුමට
ආඩම්බරයි අප ඉපදුනු මේ බිමට!

ඒ දිරිය දියණිය අර්ථ පූර්ණව ඇගයුම් ලැබුවාය...

විශානි දිලේකා කසුනි හේරත් නැමැති දිරි දියණියක්‌ ගැන මීට දෙසතියකට පෙර ලීවෙමු. ලෝකයේ මියුරු හ`ඩ නොඇසු දියණියක්‌, බිහිරි අබාධිත දැරියක්‌ සේ සමාජ ගර්හාවට ලක්‌ කල දියණියක්‌, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන ප්‍රාථමික මට්‌ටමේ විශේෂ අධ්‍යාපන ඒකකයකින් අධ්‍යාපනය ආරම්භ කළ දියණියක්‌ ලෝකය දිනා තිබුණාය. ඇය උසස්‌ පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ තුනක්‌ සමග වාණිජ විෂය ධාරාවෙන් සමත් වී සිටියාය. ඇයට ලෝකය දිනා දීමට ජීවිත ප්‍රාර්ථනා කැප කළ උත්තම ගුරු පිරිසක්‌ වූහ. පාසලට එන නොදරුවන් පන්තිකාමර තුළ කෙළසන ගුරුවෘත්තික තිරිසනුන් ගැන පමණක්‌ ජුගුප්සාජනක අභිරුචියකින් වාර්තා කරන, එම වාර්තා තළුමරමින් රස කරන සමාජයක මෙවැනි පරමාදර්ශ පහළ වීම ජීවිතාවබෝධය සහිත මිනිසුන් තුළ මහා ප්‍රහර්ෂයක්‌ උපදවා තිබුණු බව මේ සිදුවීම වාර්තා වු දින සිට පෙළගැසුණු සිද්ධීන් පසක්‌ කළේය. මනුෂ්‍යත්වයෙන් පිරි ඒ සියලුම මිනිසුන්ට ගෞරවයක්‌ ලෙස මේ කුඩා ඉඩ හසර වෙන් වන්නේය. ඒ අතර වු සුවිශේෂී සිදුවීමක්‌ ලියා තබනු රිසිය. ඒ කතාව මෙසේය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
උපුටා ගැනීම - Train Simulator Srilanka

කොළඹ මාර්ගවල තදබදයට පිළියමක් ලෙස මොනෝරේල් නොහොත් මාර්ගයට ඉහළ පීල්ලක් මත ගමන් ගන්නා මගී මැදිරි හඳුන්වා දීමට සැලසුම් කෙරෙනවා. 

ඒ සඳහා වන ශක්යතා අධ්යයනයේ පළමු අදියර මේ වන විටත් සිදුකර අවසන්. පළමු අදියර යටතේ මාළඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත,ජාතික රෝහල, යුූනියන්පෙදෙස, ලෝක වෙළදමධ්යස්ථානය, ළඹ
කොටුව සහ කොටහේන සම්බන්ධ කිරීමට සැලසුම් කෙරෙනවා.
තව කියවන්න
POSTED ON Friday, February 21, 2014| | Edit Post
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පුරා සෑම කෙනෙකුටම සම්පූර්ණයෙන්ම නොමිලේ ව්‍යාපාරික තොරතුරු ඔවුන් විසින්ම ඇතුලත් කළ හැකි දත්ත පද්ධතියකි. මෙය 100% ක් ම මා විසින් නිර්මාණය කළ අතර, ඕනෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් මෙහි ගිණුමක් සකස් කිරීමට හැකි වේ. මෙහි තම ව්‍යාපාරික විස්තර ඉතාමත්ම පහසුවෙන් ඇතුළත් කිරීම කළ හැකි අතර ඒවා පසුව යාවත්කාලීන කිරීවේ පහසුවද සළසා ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
මෙයට වසර 20කට පෙර ගෘහ සේවා රෑකියාවට  ඉතාලියට පෑමිණ අද වනවිට සේවකයන් අසුවක් සමග ආයතන තුනක හිමිකාරිත්වය දරන ශ්‍රි ලාංකික ව්‍යාපාරික යුවලක් බ්‍රේසියා නුවර සිටිති.
නිට්ටඹුව කිරිදිවැල ආනන්ද කුමාර සමරතුංග හා නිලන්ති රේණුකා ගමගේ තමන්ට අයත් පුලි සිස්ටම්, ලුක් සිස්ටම්, නින් ෆෙයා ආයතන තුනේ සේවකයින් සදහා සුහද හමුවක් පසුගියදා පැවැත්වූහ.
‘මමත් මගේ නෝනත් 1992 ස්විස්ටර්ලන්තයට ආවා. 94දි තමයි ඉතාලියට ආවේ. 98වෙනකම් ගෙවල්වල සාමානය රැකියා කළා. ඉන් පස්සේ අපි දෙන්නා තනියම මේ ව්‍යාපාරයට අත තිබ්බා.
තව කියවන්න
POSTED ON Wednesday, February 19, 2014| | Edit Post
adam's peak
මේම ලිපිය ශ්‍රි ලංකාවෙ අන්තර්ජාලට එකතු කල පළමු (සිංහල) ජාතික පුවත්පත ලංකාදීප යෙන් උපුටා ගත් බව ස්තුතිපූර්වකව සඳහන් කරමු. 20-02-2014

දුරුත්තේ සීතලට තවමත් ඇඟ ගැහෙයි. පරිසරය වසාගත් මීදුම් සළුව සමන් ගිරට අපූර්ව චමත්කාරයකි. සමන් ගිරෙහි මළුව දක්වා දිවෙන විදුලි එළිය සැතපුම් ගණනක් මෙහා සිට බලන්නකුටත් මන බඳින දසුනකි. දවස් ගණන් පේවී සිරිපා වඳින්නට යන බැතිමතුන්ද, සිරිපා කරුණා කර එන බැතිමතුන්ද මග දිගට අපටත් මුණ ගැසිණි. අවුරුද්දට දෙතුන් විටක් සිරිපා කරුණා කිරීම වන්දනාවේ එන තරුණ පිරිසට විනෝදයකි.
තව කියවන්න
POSTED ON Tuesday, February 18, 2014| | Edit Post
මෙරට සමාජ, ආර්ථික දියුණුවෙහිලා යහපත් න්‍යෂ්ටික තාක්ෂණය යොදාගැනීම උදෙසා බියගම ආයෝජන කලාපයෙහි ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙයි.
තව කියවන්න
POSTED ON Monday, February 17, 2014| | Edit Post
බොහෝ දෙනකු අසා දැන කියාගෙන ඇති පරිදි රුහුණු කුමාරි,උඩරටමැණිකේ,යාල්දේවී තුන් නිවුන්සොහොයුරියන්ය යනකතාව සාවද්ය
තොරතුරකි. එම සාවද්යතොරතුර ජනතාව අතරටයාමට හේතු වී ඇත්තේදඅපූරු කතාවකි.

රුහුණු කුමාරිය ශීඝ්රගාමීදුම්රිය සේවයට එක්ව මාසහයකට පසුව කොළඹ සිටකන්කසන්තුරය දක්වාත්කොළඹ සිට බදුල්ලදක්වාත් ශීඝ්රගාමී දුම්රිය සේවා දෙකක් ඇරඹීමකෙරෙහි දුම්රියදෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නට විය.

ඒඅනුව කොළඹ සිටකන්කසන්තුරේ දක්වා වූදුම්රිය යාල්දේවී නමින්ද  කොළඹ සිට බදුල්ලදක්වා දුම්රිය උඩරටමැණිකේ නමින්ද ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරිණි.

ඉදිරි සැලසුමට අනුව නවදුම්රිය සේවාව පිළිබඳවජනතාව දැනුවත්කිරීමේ ප්රචාරකමාධ්යයක් ලෙසලංකාණ්ඩු දුම්රියසේවයේ නව දුම්රියයන්පිළිබඳව එක්තරා පුවත්පතකපළකළ දැන්වීමක් විය.

”ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප්රියංකර සොහොයුරියන් තිදෙනකු ඉදිරිපත් කරයි” යනුවෙන් සඳහන් වූ දැන්වීම දකින ඕනෑම අයකුට හැඟී යන්නේ 1955 ඔක්තෝබර් 24 ගමන් ආරම්භ කළ රුහුණු කුමාරියද අලූතෙන් ගමන් අරඹන බවය.
තව කියවන්න
POSTED ON Sunday, February 16, 2014| | Edit Post
"හරිම හුරුබුහුටියි. කාර් එක ඔයාගේද..."

"ඔව්..."

"පරණ එකක්‌ද..."

"නැහැ. මේක මගේ අලුත්ම නිෂ්පාදනයක්‌. 

උදෑසන කොළඹ හරිම කලබලය. මහ මඟ එකම වාහන තදබදයකි. රැකියාවලට යන මිනිසුන්ගෙන් මෙන්ම, පාසල් දරුවන්ගෙන් මඟ තොට පිරී ගොස්‌ය. කන්දොස්‌කිරියාවක්‌ නොමැතිව නැගෙන නලා හඬ අවට දෝංකාර දෙන්නේය. මඟ තොට ගලා යන කළු දුමාරයෙන් ඇස්‌ කැවෙන්නේය. කම්මලේ බල්ලාට මෙන් දැන් අපිට මේ කන්කරච්චලේ හොඳට පුරුදුය.

අප රැගත් ත්‍රිරෝද රථයට පුංචි බොරැල්ල හන්දියෙන් එහාට යැමට අනිත් වාහන ඉඩක්‌ නොදේ. පුංචි ත්‍රිරෝද රථය නානාප්‍රකාර වාහන අතර සිර වී තිබේ. කවුළු දොරින් එහාට මෙහාට දුවන මගේ දෙනෙත් මොහොතින් කිසිදා නුදුටු හුරුබුහුටි මෝටර් රථයක්‌ අසළ නතර විනි.

"මේ මොකක්‌ද... පරණ වාහනයක්‌ වෙන්න බැහැ. අලුතෙන්ම ගෙන්නපු එකක්‌ද..." මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්නට විය.
තව කියවන්න
POSTED ON Saturday, February 15, 2014| | Edit Post
Android පරිශීලකයින් වෙත ශ්‍රී ලංකාවෙන් හදුන්වාදෙන නවතම ජංගම දුරකථන ක්‍රීඩාව වන්නේ Ridiculous Juggling ක්‍රීඩාවයි. ඉතා අභියෝගාත්මක ක්‍රීඩා වලට කැමති අය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ නිර්මාණකරණය සඳහා සරල හැඩතල සහ වර්ණ පමණක් යොදාගෙන තිබීමයි.

මෙම ක්‍රීඩාවේ අරමුණ වන්නේ විශාල බෝලයක් භාවිතා කර තවත් කුඩා බෝලයක් හැකිතරම් වෙලාවක් බිම පතිත වීමට නොදී තබා ගැනීමයි. මගතොටේදී හෝ ලැබෙන සුළු විවේකයකදී හෝ වුවත් ක්‍රීඩා කළහැකි ආකාරයට මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත. මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ leaderboard එකක් මගින් ඔබගේ වැඩිම ලකුණු ප්‍රමාණය අනෙක් ක්‍රීඩකයන්ට දැනගන්නට සැලැස්විය හැකිවීමයි. ඉදිරියේදී තවත් පහසුකම් මෙයට ඇතුලත් කීරීමට නියමිතය.
තව කියවන්න
POSTED ON | | Edit Post
Sri Lanka Postal Codes Finder

වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සoකේත අoකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සoකේත අoකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සoකේත අoකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App එක භාවිතා කරන්න පුලුවන්.  

මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සoකේත අoකය ද නැතිනම් තැපැල් සoකේත අoකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
 මේ App එක මගින් Sri Lanka වේ  නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකිය. 

ඔබ කල යුතු වන්නේ ඔබට උවමනා නගර දෙක තෝරා Find button click කිරීම පමනි.
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.
තව කියවන්න
POSTED ON Thursday, February 13, 2014| | Edit Post
 වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව…
නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සියල්ල ගැනම ඔබට කියා දෙන අපූරු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි, වාස්තු රහස්…
තව කියවන්න
POSTED ON Wednesday, February 12, 2014| | Edit Post

මහනුවර ඇසළ මහා පෙරහැරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගත් දළදා කරඩුව වැඩමවීමේ භාග්‍ය ලද වෑවලදෙණියේ රාජා හස්ති රාජයා සඳුදා (10) රාත්‍රී 9.45ට පමණ මිය ගියේය.

මරණයට පත්වන විට වෑවදෙණියේ රාජා හස්ති රාජයා 55 වන වියේ පසු විනැයි එම හස්තියා අයත් කෑගල්ල වෑවලදෙණීය මහින්දෝදය විහාරස්ථානයේ අධිපති හතරකෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නා හිමි සදහන් කරති.
එම විහාරස්ථ දායක සභාවේ සභාපති සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සදහන් කළේ දකුණූ පළාතේ අගුණුකොළපැලැස්සේ දී අල්ලා ගනු ලැබූ මෙම ඇත්පැටවා 1976 වසරේ එවකට සංචාරක කටයුතු අමාත්‍ය පී.බී.ජී .කළුගල්ල මහතා විසින් වෑවලදෙණීය විහාරස්ථානයට පූජා කළ බවය.
තව කියවන්න
POSTED ON | | Edit Post
43 වැනි රොටඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උ‍ලෙළේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි 'නෙට්පැක්' සම්මානය දිනාගන්නට ප්‍රසන්න ජයකොඩිගේ '28' චිත්‍රපටය සමත් විය.
ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටඩෑම්හි පැවති 13 වැනි රොටඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උ‍ලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ප්‍රසන්නගේ '28' චිත්‍රපටය සමග චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය,
තව කියවන්න
POSTED ON Monday, February 10, 2014| | Edit Post

ඕනෑම රටක වෙලාව තප්පරෙන් බලාගන්න 

පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ App එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි.  මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
තව කියවන්න
POSTED ON Sunday, February 9, 2014| | Edit Post
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොටසක් වූ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා ඉදිකරන ලද කිලෝමීටර් 11කින් යුත් අධිවේගී මාර්ගය මාර්තු මස විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යංශය මගින් දේශීය ඉංජිනේරුවන්ගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් කටයුතු කරගෙන යන මෙම අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩුවෙලට අමතරව අතුරුගිරියේ පිවිසුම් මාර්ගයක්ද ඇති අතර පැයට කිලෝමීටර් 100ක ධාවන වේගයකින් ගමන් කළ හැකිය. කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වැය වන කාලය විනාඩි 08 කි.
තව කියවන්න
POSTED ON Friday, February 7, 2014| | Edit Post


ලොව හොඳම වෙබ් අඩවි නිර්මාණයන් තෝරන awwwards  හා The FWA​  ​යන ​ආයතන විසින් 100%ක් ම අපේ ශ්‍රී ලාංකික දක්ෂයන්ගේ දායකත්වයෙන් නිමැවුනු www.wirefox.co.uk වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය සඳහා නිර්දේශ ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.  ​​

එහි හොඳම වෙබ් අඩවිය සඳහා නිර්දේශයකට ලක්වූ පළමුවන ශ්‍රී ලාංකිකයන් පිරිස මොවුන්. මෙහි නිර්මාණය මෙන්ම සැලසුම්කරනයද කරන ලද්දේ දැනට එංගලන්තයේ ජීවත්වන සම්පත් හෙට්ටිගේ යි. තාක්ෂනික අංශයෙන් මේ සඳහා දිල්ශාන් සමීර , භානු දිසානායක දෙදෙනා දායකත්වය දක්වා තිබෙනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලෝකෙන් ඇගැයීම් ලැබුවත් තවමත් උපන් රටෙන් අගැයීමක් නැති ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව

ඇය ලලිතා පද්මිණීය. තම පා පැදියේ නැගී හමුදා මාර්ග බාධක ළඟ නතර වී තමාගේ අනන්‍යතාවය තහවුරු කර කොටි කටේ ගම්මානවල ඈ ඇවිද ගියාය. යුග දිවියට පිවිසි අලූතින් කැදලි හැදු බොහෝ පිිරිස් ඈට ඉලක්ක වූවාය. එලෙසම කිරි සුවඳ පැතිරියා වූ සෑම නිවසක් ළඟම ඇය නතර වූවාය. ඇගේ උපදෙස් මේ හැම කෙනකුටම නොඅඩුව ලැබුණු අතර ඒ සියල්ල හැම මවකටම බොහෝ සෙයින් උපකාර විය.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් උතුරු මැද පළාතේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් තේරී ඉදිරියටම ආ ලලිතා, 2000-2006 එන්නත් ලබාදීම පිළිබඳව දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නිය ලෙසද පත් වූවාය. දරුවකුට එන්නතක් ලබා දීමේදී දරුවා හඬන විට ලලිතා පද්මිණී ඒ දරුවාට මවක වූවාය. මවට දරුවා සනසවා ගන්නට නොහැකි වූ විට ලලිතා පද්මිණී නම් වූ පවුල් සෞඛ්‍ය සේවා මිතුරිය දරුවා මවගෙන් තම දෝතට ගෙන නළවා සනසවාගන්නට තරම් නිහතමානී වූවාය. දරුවාට එන්නත ලබා දී ‘‘මැණික’’ ඔයාට බුදු සරණයි කීවෙ ඇගේ වූ උත්තම මනුසත්කම නිසාවෙනි.
තව කියවන්න
POSTED ON Thursday, February 6, 2014| | Edit Post
එංගලන්තය ලංකාවට ක්‍රිකට් ඉගැන්නුවේය. ලංකාව එංගලන්තයට වඩා හොඳට ක්‍රිකට් ගසා පෙන්වීය. මේ ගුරුගෝල මාරුව අද ඊටත් එහා ගොස් තිබේ. ඒ ක්‍රිකට් ලෙසින්ම ලංකාව එංගලන්තයට ‘මොරිස් මයිනර්’ හදන හැටිද කියා දී ඇති හෙයිනි. අපි ඒ ශ්‍රී ලාංකිකයන් පිරිස සොයා ගියෙමු.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බටදූවේ වෙල්යායකට මායිම්ව මේ මොරිස් මයිනර් රෝහල පිහිටා තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ 1948 වසරේ ආරම්භක ඉතිහාසයේ ලියැවීමට පටන්ගත් මොරිස් මයිනර් කාරයේ විපත ලියැවෙන්නේ 1971 දී පමණය. නෆීල්ඩ් සාමිවරයා ලාංඡනයද සාදා දී වෙළෙඳ ‍පොළට එවූ මොරිස් මයිනර් කාර් රථ ආයතන වැසෙන මොහොත වනවිට ලෝකය පුරා එබඳු රථ 1368291 ක් අලෙවි වී තිබුණි. අවාසනාවට මෙන් ආයතනය වැසෙන මොහොතෙන් පසු සාදා අවසන් කළ ලක්ෂ සංඛ්‍යාත කාර්වලට අවැසි අමතර කොටස් සැදීම ද නැවතිණි. ඒ සමගම සිදු වූයේ මොරිස් මයිනර් රථ හිමියන් අසරණ වීමයි. ගාල්ලේ මොරිස් මයිනර් රෝහල ඇරඹීමේ පසුබිම සැකැසෙන්නේ ඒ අනුවය. බටදූව මොරිස් මයිනර් ආයතනයේ ප්‍රධාන කාර්මික නිලධාරී ඩබ්.ඒ. විමලසිරි මහතාගේ වදනින්ම මින් ඉදිරියට කථාව අසමු.
තව කියවන්න
POSTED ON Tuesday, February 4, 2014| | Edit Post
මා විසින් නිර්මානය කරපු Password Generator වැඩසටහනක් මා සතුව ඇත. මෙය පරිගණකයේ install නොකර Run කල හැකිය.මෙය එවීමට හැකි ක්‍රමයක් මට දැනුම් දෙන්න.මාගේම නිර්මානයක්,

මේක භාවිතා කරන්න හරිම ලේසියි,ප්‍රමාණය යන ස්තානයේ අකුරු කීයකට අදාළ Password එකක්දැයි ලබාදී Generate Click කරන්න.එවිට එයට අදාල  Password  යටින් ඇති Box එකෙ පෙනේවි,Generate නැවත නැවත  Click කරන්න විවිද Password ලැබේ.මෙය install කරන්න ඕනෙත් නෑ.
තව කියවන්න
POSTED ON | | Edit Post
මම android app එකක් හැදුවා ශ්‍රී ලංකාවට ගොඩාක් වැදගත්. මේක සිංහල, English භාෂා දෙකෙන්ම හදලා තියෙන්නේ.

ලංකාවෙ සියලුම නිවාඩු, පොහොය දින, බැංකු නිවාඩු සියලුම අන්තර්ජාතික වශයෙන් වැදගත් දින මෙම calendar android app එකෙ ඇතුලත් කරල තියෙන්නෙ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා.
තව කියවන්න
POSTED ON Saturday, February 1, 2014| | Edit Post
හම්බන්තොට, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයට පසුගිය මාස එක හමාරක කාලය තුළ නරඹන්නන් 10,750 දෙනෙකු පැමිණ ඇති බව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. එමෙන්ම 2014 වසරේදී මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයෙන් රුපියල් 640,800 ක මුදලක් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව උපයා ඇත.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews