POSTED ON Friday, February 27, 2015| | Edit Post
​ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ජපානය, චීනය හෝ ඉන්දියාව වැනි රටක උපන්නේ නම් අද වන විටත් මේ විශ්වකර්ම වැඩ කරන අපේ ශ්‍රී ලාංකික තරුණයා අති දක්‍ෂ ගුවන් යානා සහ අති නවීන ස්වයංක‍්‍රීය අවි තනන්නෙකු වනු නොඅනුමානය.

ඓතිහාසික කන්ද උඩරට ගමක උපන් ඔහුගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ හෙළිකොප්ටර් යානාවක් නිර්මාණය කිරීමය. වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහනුවර තල්වත්තේ පදිංචි මහේෂ් බණ්ඩාරය. වයස අවුරුදු 33ක් වූ ඔහු විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවක් හෝ තාක්ෂණික විදුහලක තාක්ෂණික පාඨමාලාවක් හෝ අඩුම වශයෙන් කාර්මික විදුහලක පාඨමාලාවක් හෝ හදාරා නොමැති අයෙකි.
තව කියවන්න
POSTED ON Thursday, February 26, 2015| | Edit Post
"අප ඇගළුම් කර්මාන්ත ශාලාව පිරිමි සහ කුඩා පිරිමි ළමුන්ට කමිස නිමැවුමෙ නියැලෙන දේශිය ආයතනයක් වේ. තරගකාරි වෙළඳපොළ තත්වය යටතේ පාරිභෝගිකයාට තෘප්තිමත් විය හැකි අයුරින් මෙන්ම තත්වයෙන් උසස් හා ලාභදායි ලෙස ඇගළුම් නිපදවිම සඳහා අප ආයතනය සතු පළපුරුදු සේවක මඩුල්ල නිරතුරු සේවයෙ යෙදේ. අපගේ අරමුන වනුයේ පාරිභෝගිකයාට පහසු මලකට හොඳ තත්වයේ නිපැයුමක් ලබාදීමයි.. "
තව කියවන්න
IMG_3712දියවැඩියාව, හෘදරෝග, ආතරයිටිස් යමකුට වැළඳීමේ අවදානමක් තිබේදැයි වසර පහළොවකට පමණ පෙර දැනගත හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට හැකිවූ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය අංජුල ද සිල්වා මහතා පැවසීය.
අත්හදා බැලීම් සාර්ථකවී ඇතැයිද හේ කීවේය. මෙම රෝගවලට අමතරව තවත් රෝග කිහිපයක්ද එයාකාරයට දැනගැනීමට හැකියාව සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරගෙන යයි. මෙවන් උපකරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
මහාචාර්ය වෛද්‍ය සරෝජ් ද සිල්වා මහතාගේ අදහසක් පදනම්..
තව කියවන්න
POSTED ON | | Edit Post
Untitled-1රජ කාලයේ සිට  ඇස් කණ්ණාඩි සෑදීමට ප්‍රසිද්ධියක් උසුලන දියතරිප්පු පරම්පරාවේ අනාගතය අවින්ශ්චිත බවට පත්ව ඇතැයි ඔවුන්ගේ 8 වැනි පරම්පරාවේ  ගුණසෝම මහතා කියයි.
මහනුවර, පිළිමතලාවේ, කහඹ, අංක 180 පදිංචි ගුණසෝම මහතා දියතරිප්පු පරම්පරාවේ අවසන් පරම්පරාව බවට පත්ව ඇත. මෙම කර්මාන්තයට කිසිදු රජයකින් අනුග්‍රහයක් ලැබී නැතැයි ඒ මහතා සඳහන් කරයි. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් හෝ ජාතික ශිල්ප සභාවෙන් හෝ මෙම පාරම්පරික ඇස් කණ්ණාඩි කර්මාන්තය  වැඩි දියුණු කිරීමට සහයක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා තම දරුවන්ද ඒ හේතුවෙන් කර්මාන්තය ඉගෙන ගැනීමට අකමැත්තක් දක්වන බව පෙන්වා දෙයි.
රත්නපුර වැනි ප්‍රදේශවලින් හමුවන දියතරිප්පු නමැති ගල් විශේෂය අත් යන්ත්‍රයක
තව කියවන්න
POSTED ON Friday, February 20, 2015| | Edit Post
අපේ රට වෙනුවෙන් , අපේ ඉතිහාසය වෙනුවෙන් , අපේ අභිමානය වෙනුවෙන් , සහ අපේ සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙය ෂෙයාර් කරන්න ...

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ, සිප්වින් චිත්‍රපට සමාගම වෙනුවෙන් › ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථීකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිෂ්පාදනය කළ 'මහරජ ගැමුණු' අති දැවැන්ත සිනමා නිර්මාණය මේ දිනවල ඊ. එ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි අති සාර්ථක ලෙසින් තිරගත වෙමින් පවතී. සති හතරකට නො වැඩි කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් ව තිඛෙන මෙකී සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කෙරුණු මුල් දින හතර තුළ ලාංකේය සිනමා ඉතිහාසයේ සිනමාපටයක් ඉපැයූ වැඩිම ආÞයමට ද හිමිකම් කියයි.
තව කියවන්න
POSTED ON Tuesday, February 17, 2015| | Edit Post
දැනට ඔස්‌ටේ්‍රලියාවේ පෞද්ගලික ආයතනයක ඉහළ පෙළේ රැකියාවක්‌ කරන කන්තලේ ප්‍රදේශයේ ඡන්ම ලාභය ලද 37 හැවිරිදි එක්‌ දරු පියකු එම රටෙහි පුරවැසියන් තිදෙනකුගේ ජීවිත බේරා ගැනීම සඳහා තම රුධිරය දන්දීම වෙනුවෙන් ඔස්‌ටේ්‍රලියානු රජය විසින් ඉහළම සම්මානය ලබාදුන් පුවත පසුගියදා එරට ඉහළින්ම අගය කර පුවත්පතක පළ කර තිබිණි.

මවුබිමට ගෞරවයක්‌, කීර්තියක්‌ ගෙනදුන් මෙම උදාර පුත්‍රයා කන්තලේ පරාක්‍රම මාවතේ උපත ලද එච්. ඒ. සුගත් ඉන්ද්‍රලාල් මහතාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික එච්. ඒ. සිරිසේන මහතා හා එච්. එම්. බණ්‌ඩාර මැණිකේ මහත්මිය ඔහුගේ මාපියෝ වෙති.
තව කියවන්න
POSTED ON Thursday, February 12, 2015| | Edit Post
Ganna Deshiya De - Innovative Sri Lankan free classified website http://siyalla.lk/ was launched on the 7th of February 2015 at Hotel Janakee, Colombo 05. This is an another novel gateway to the Sri Lankan internet users for the latest online classifieds and promotions. Lassanalanka Publications initiated its operations with the opening of Siyalla.lk and it is now on live not only for free classifieds but also for online promotions that is becoming more and more popular in Sri Lanka. නොමිලේ දැන්වීම් පලකල හැකි නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (සියල්ල)http://www.siyalla.lk/ නමින් පසුගිය 7 වැනිදා එළිදැක්විය. ශ්‍රී ලාංකීය අන්තර්ජාලය තම වෙළඳදැන්වීම් හා ප්රිවර්ධන කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහාද සේවා ලබාදෙන මෙම siyalla.lk වෙබ් අඩවිය මෙම ක්ෂේත්‍රයේ නව මානයක් සකසනු ඇත. නොමිලේ දැන්වීම් පලකල හැකි නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (සියල්ල)http://www.siyalla.lk/ නමින් පසුගිය 7 වැනිදා එළිදැක්විය. ශ්‍රී ලාංකීය අන්තර්ජාලය තම වෙළඳදැන්වීම් හා ප්රිවර්ධන කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහාද සේවා ලබාදෙන මෙම siyalla.lk වෙබ් අඩවිය මෙම ක්ෂේත්‍රයේ නව මානයක් සකසනු ඇත. වර්තමානයේ වඩාත් ජනප්රියය වෙමින්යන අන්තර්ජාල ප්ර්චාරණය , ප්රමවර්ධනය හා තොරතුරු සැපයීමේ වෙබ් අඩවියක් ලෙසින් සියල්ල වෙබ් අඩවිය එළිදැක්වුයේ ලස්සනලංකා පබ්ලිකේෂන්ස් ආයතනයයි.

මෙම වෙබ් අඩවියේ සුවිශේෂතාවන් රැසකි. මෙය මුළුමනින්ම ශ්‍රී ලාංකික මෘදුකාංගයකි.

තව කියවන්න
POSTED ON Sunday, February 8, 2015| | Edit Post

අප මුළු මහත් ලංකාවටම හදුන්වාදීමෙන් අනතුරුව ලංකාවේ අතිශය ජනප්‍රියතාවයට පත්වූ බ්‍රාවෝ සොලූෂන් හි කිලර්වොට් උපකරණය 
ඔබට මතකද...?  

මේ ඔවුන් විසින් වෙළද පොලට ඉදිරිපත් කර ඇති නවතම  විශිෂ්ටතම  නිර්මාණයයි . වසර ගණනක පර්යේශණ රාශියකින් හා අත්හදාබැලීම් රැසකින් අනතුරුව අති සාර්ථක එමෙන්ම විශ්වාසනීය අකුණු ආරක්ෂක උපකරණයක් වෙළදපොලට නිකුත්කිරීමට ඔවුන් සමත්වී ඇත.මෙතෙක් කලක් අපේ වෙලදපොලේ අලෙවිවූ චීනයෙන් ගෙන්වන ලද බාල සර්ජ් ප්රෝටෙක්ටර් සවි කිරීමෙන් තම මුදලත් වටිනා ගේ දොර උපකරණත් විනාස කරගත් අය අපමණයි.එමෙන්ම බාල වුවද ඒවායේ මිලද ඉහල අගයක් විමට හේතුව වුයේ එයට ආදේශකයක් ලංකාවේ වෙලදපොලේ නොමැති වීමයි.එයට පිලියමක් මෙන්ම විදේශවලට ඇදීගිය කෝටි ගණනක් වූ විදේශ විනිමය අප රට තුලම ඉතිරි කරන්නටද මෙය මහගු පිටිවහලක් වනබව නොඅනුමානයි.ඔබත් අදම මේ අනර්ග නිපැයුම රැගෙන ඔබගේ වටිනා විදුලි උපකරණ අකුණු යක්ෂයාගෙන් බේරාගන්න.


දැන්ම අමතන්න - 0770884303 
තව කියවන්න
POSTED ON Sunday, February 1, 2015| | Edit Post
සෝමාලියානු මූදු කොල්ලකරුවන් :

මෙය පැහැදිලිවම, ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ මෙම වික්‍රමාන්විත මෙහෙයුමකි.  ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews