"හරිම හුරුබුහුටියි. කාර් එක ඔයාගේද..."
"ඔව්..."
"පරණ එකක්‌ද..."
"නැහැ. මේක මගේ අලුත්ම නිෂ්පාදනයක්.
උදෑසන කොළඹ හරිම කලබලය. මහ මඟ එකම වාහන තදබදයකි. රැකියාවලට යන මිනිසුන්ගෙන් මෙන්ම, පාසල් දරුවන්ගෙන් මඟ තොට පිරී ගොස්‌ය. කන්දොස්‌කිරියාවක් නොමැතිව නැගෙන නලා හඬ අවට දෝංකාර දෙන්නේය. මඟ තොට ගලා යන කළු දුමාරයෙන් ඇස් කැවෙන්නේය. කම්මලේ බල්ලාට මෙන් දැන් අපිට මේ කන්කරච්චලේ හොඳට පුරුදුය.
අප රැගත් ත්‍රිරෝද රථයට පුංචි බොරැල්ල හන්දියෙන් එහාට යැමට අනිත් වාහන ඉඩක් නොදේ. පුංචි ත්‍රිරෝද රථය නානාප්‍රකාර වාහන අතර සිර වී තිබේ. කවුළු දොරින් එහාට මෙහාට දුවන මගේ දෙනෙත් මොහොතින් කිසිදා නුදුටු හුරුබුහුටි මෝටර් රථයක් අසළ නතර විනි.
"මේ මොකක්‌ද... පරණ වාහනයක් වෙන්න බැහැ. අලුතෙන්ම ගෙන්නපු එකක්‌ද..." මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්නට විය.
"නිශාන් අර කාර් එක දැක්‌කද..." මම අපේ ඡායාරූප ශිල්පී නිශාන්ට මෝටර් රථය පෙන්නුවේය.
"ෂහ්.. මරු භාණ්‌ඩේ නේ... පොඩ්ඩක් නතර වෙලා වාහනේ ගැන විපරම් කරලා බලමුද..."
නිශාන්ගේ යෝජනාව මම පිළිගත්තේමි.
ආපනශාලාවක් අසළ නතර කර තිබූ ඒ මෝටර් රථය අසළම අපේ ත්‍රිරෝද රථය ද නතර විය. ත්‍රිරෝද රථයෙන් බැසගත් අපි හුරුබුහුටි මෝටර් රථය පිරිමදිමින් එය වටා ඇවිද්දෙමු.
ගෙම්බා හැඩති මෝටර් රථයට දොරවල් නැත. සම්පූර්ණ මෝටර් රථයම නිර්මාණය කර ඇත්තේ තහඬුවෙනි. ඇඟිලි තුඩුවලට දැනෙන අයුරින් මෝටර් රථයේ තහඬුවද ඝණකමය. ඉදිරිපෙළ සහ පිටුපස අසුන් හතරකි. ත්‍රිරෝද රථයේ මෙන්ම මේ මෝටර් රථයේද මැද ආධාරකයක් ලෙස සුදු යකඩ පොල්ලක් සවි කර තිබේ. එමෙන්ම ඉදිරිපස සහ පිටුපස අලංකාරවත් විදුලි පහන් යුවළකින්ද හැඩ වී තිබිණි. අපි සියල්ල ස්‌පර්ශ කරමින් හොඳින් විපරම් කර බැලුවෙමු.
"මොකද... කාර් එක හොඳද..." ආගන්තුක කටහඬින් අපි වික්‍ෂිප්ත විමු. ටීෂර්ටයකින් සහ සැහැල්ලු කලිසමකින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු සිනා මුව පළල් කර අප දෙස බලා සිටියේය.
"හරිම හුරුබුහුටියි. කාර් එක ඔයාගේද..."
"ඔව්..."
"පරණ එකක්‌ද..."
"නැහැ. මේක මගේ අලුත්ම නිෂ්පාදනයක්. පාරට දලා තවම මාසයක්‌වත් නැහැ..." අපේ පැනයට ඔහුගෙන් ආඩම්බර පිළිතුරකි.
සැබෑවටම අපූරු නිෂ්පාදනයකි. එහෙයින්ම යන්න ගිය ගමන මොහොතකට ප්‍රමාද කර අලුත්ම අලුත් කාර් එක ගැන කතාබහා කිරීමේ අදහසින් ඔහු සමග අපි ඒ කාර් එකෙන්ම නිදහස් පරිසරයක් සොයාගෙන ගියෙමු.
ම්... මෝටර් රථයෙන් නිකුත් වූයේ කණට නොඇසෙන තරමේ ශබ්දයකි. කෙටි වේලාවකින් මෝටර් රථය නිදහස් මාවතක නතර කෙරිණි.
අලුත්ම මාදිලියේ හුරුබුහුටි වාහනය විදුලියෙන් ධාවනය කරවන ඉලෙක්‌ට්‍රික් මෝටර් රථයකි. මේ මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ කොළඹ පුංචිබොරැල්ල ප්‍රදේශයේ පදිංචි කේ. ටී. කපිල ද සිල්වාය. ඔහුට සහ අපේ රටට ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ අලුත් වුවද ලෝකයට නම් මෙය ඉතාම පරණ වාහනයකි. ලෝකයේ මුල්ම මෝටර් රථය වන්නේ ද ඉලෙක්‌ට්‍රික් මෝටර් රථයයි. එය නිෂ්පාදනය වී ඇත්තේ 1884 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික තොම්ස් පැකර් විසිනි. එහෙත් පැකර්ට ඔහුගේ නව නිෂ්පාදනය දියුණු ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට නොහැකි විය.
කාලය ගෙවී ගියේය. ඇමරිකාවේ ජෙනරල් මෝටර් සමාගම ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කරගෙන යැමට පටන් ගත්තේය. එමෙන්ම මෝටර් රථ දහක් දෙදහක් වෙළෙඳපළට හඳුන්වා දෙන විට පෞද්ගලික පාවිච්චියට සුදුසුම වාහනය ඉලෙක්‌ට්‍රික් මෝටර් රථය බව මිනස්‌සු තේරුම් ගත්හ. ඒ සමගම ඉලෙක්‌ට්‍රික් කාර්වලට ඉහළ ඉල්ලුමක් ද ඇති වෙන්නට පටන් ගත්තේය. එහෙත් ඇමරිකාව ඛනිජ තෙල් ඒකාධිකාරිය සියතට ගැනීමත් සමග ඛනිජ තෙල් බලයෙන් ධාවනය කරවන වාහන ඉදිරියට ගෙන ඒමට ඔෆෙක් සංවිධානය සමග එකතුව ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනයට තහංචි පැන වූයේය. ජෙනරල් මෝටර් සමාගමේ ඉලෙක්‌ට්‍රික් කාර් නිෂ්පාදනය කළ යන්ත්‍ර සූත්‍ර සියල්ලම කුඩු කර විනාශ කර දැමීමට ඇමරිකා රජය විසින් ජෙනරල් මෝටර් සමාගමට නියෝග කෙරිණි. එමෙන්ම ඒ වන විට වෙළෙඳපළට නිකුත් කර තිබුණු සියලුම ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ නැවත එකතු කර විනාශ කර දැමීමට නියෝග කෙරිණි. ඇමරිකාව සහ ඔෆෙක් සංවිධානය විසින් බලහත්කාරයෙන්ම ඉලෙක්‌ට්‍රික් මෝටර් රථය එසේ මරා දැමීමට කටයුතු කළහ.
එවැනි පසුබිමක චීනයේ ඈත එපිට දුෂ්කර ගම්මානයක සන්ජායි යන මෝටර් රථ කාර්මිකයා විසින් මෝටර් රථවල කොටස් එකතු කර ඉලෙක්‌ට්‍රික් කාර් එකක් නිෂ්පාදනය කළේය. මෝටර් රථය එකලස් කර එළියට දැමූ දිනයේම සන්ජායිගේ අසල්වැසියෙක් එම මෝටර් රථය මිලට ගත්තේය. දෙවැනි මෝටර් රථයත් ඔහු නිෂ්පාදනය කර එළියට දැම්මේය. මේ අලුත්ම නිෂ්පාදනය ගැන දැනගත් චීන රජය නිෂ්පාදනකරුගේ තොරතුරු සොයා බලා උත්සවයක් සංවිධානය කර සන්ජායිව අගයමින් සහතිකපත් සමග ඩොලර් 14600 ක මුදල් ත්‍යාගතයක් ද පිරිනැමුවේය. සන්ජායි තවත් දිරිමත් විය. අවසානයේ ඔහු චීන රජයේ අනුග්‍රහය යටතේ මහා පරිමාණයෙන් ඉලෙක්‌ට්‍රික් කාර් නිෂ්පාදන කෙරිණි. මේ වන විට චීනයෙන් ලෝකයට ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ සපයන ප්‍රධානම සැපයුම්කරු ද ඔහුය.
ඉලෙක්‌ට්‍රික් මෝටර් රථ වංශ කතාවේ ලෝක ඉතිහාසය එසේ ලියෑවෙද්දී මෙරට මෝටර් රථ වංශ කතාවට අලුතින්ම එකතු වූ ඉලෙක්‌ට්‍රික් මෝටර් රථය ගැන එහි නිෂ්පාදනකරු වන කපිල අප සමග මෙසේ විස්‌තර කරන්නට විය.
මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම පාසල් යන කාලේ ඉඳලම අලුත් නිර්මාණ කරන්න කැමතියි. අපේ කාලේ ප්‍රාග්වෘත්ති විෂය කියලා අතිරේක විෂයක් තිබුණා. ඒ විෂයට මම තෝරගත්තේ යකඩ වැඩ සහ මෝටර් කාර්මික වැඩ. ඒ කාලෙත් අපේ තාත්තාට වාහන තිබුණා. ඒ වාහන කැඩිලා ගරාඡ්වලට දැම්මහම ඒවා හදනවා බලන්න මම බලෙන්ම ඒ ගරාඡ්වලට ගියා. වාහන අලුත්වැඩියා වැඩවලට පුදුම කැමත්තක් තිබුණේ. ඒ කැමත්ත නිසාම ඉස්‌කෝලේ ගිහිල්ලා ඉවර වුණාට පස්‌සේ මොරටුව ජර්මන් කාර්මික පුහුණු ආයතනයේ මෝටර් කාර්මික ශිල්පය ගැන පාඨමාලාවක් හැදැරූවා. නමුත් මම වෘත්තිය දැනුමෙන් වැඩක් ගත්තේ මගේ ලොකු පුතාගේ උසස් පෙළ විභාගයෙන් පස්‌සෙයි.
ඒක වුණේ මෙහෙමයි. මගේ ලොකු පුතාගේ උසස් පෙළ විභාගයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න වුණා. පුතා ඇවිත් ඒ ගැන මට කිව්වා. පස්‌සෙ මම යතුරු පැදියක් නිෂ්පාදනය කරන ආකාරය ගැන නිර්මාණය කරලා දුන්නා. අන්තිමේ ඒ යතුරු පැදිය හදලා දෙන්න කියලා පුතා දිගින් දිගටම ඉල්ලුවා. බැරිම තැන මම යතුරු පැදි කොටස් එකතු කරලා නිර්මාණය කරපු යතුරු පැදියම මම හැදුවා. ඒ යතුරු පැදියෙන් අපි ගමන් බිමන් යනකොට මිනිස්‌සු ඒක සල්ලිවලට ඉල්ලන්න පටන් ගත්තා. ඊට පස්‌සේ කොල්ලෝ තුන් හතර දෙනෙක් සම්බන්ධ කරගෙන අපේ ගෙදරම පුංචියට යතුරුපැදි හදන්න පටන් ගත්තා. එහෙම නිෂ්පාදනය කරපු යතුරු පැදිය 'මොෆෙක්' නමින් වෙළෙඳපළට ඉදිරිපත් කළා. මම හදපු 'මොෆෙක් යතුරු පැදියට ජනාධිපති සම්මානයක් පවා ලැබුණා. ඒ සම්මානයත් එක්‌ක රුපියල් 50000 ක් මුදල් ත්‍යාගයකුත් ජනාධිපතිතුමාගේ අතින්ම මට දුන්නා. ඒ රුපියල් පනස්‌දහසේ ඇගයීම තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරන්න මාව දිරිමත් කළේ.
මගේ රැකියාවත් ලංකාවට මෝටර් රථ ගෙන්වන එක. ඒ එක්‌කම ගෙන්න ගත්ත මෝටර් රථ අමතර කොටස් ටිකකුත් මගේ ළඟ තිබුණා. යාළුවෙක් දීපු මෝටරයකුත් තිබුණා. ඒ ටික එකතු කරලා තමයි මුලින්ම මේ කාර් එක හදන්න පටන් ගත්තෙ. කාර් එකේ චැසියේ ඉඳල සියලුම කොටස් නිෂ්පාදනය කළේ අපි. වෙන වාහනවල වගේ මේකට එන්ජින් නැහැ. කාර් එක ධාවනය කරවන්නේ බැටරි පහයි පුංචි මෝටරයකින්. මෝටර් රථය හදලා අවසාන කරන්න අවුරුදු තුනහාමාරක් විතර ගත වුණා. දැනටමත් මට රුපියල් ලක්‍ෂ 12 ක් විතර මේ කාර් එක හදන්න වියදම් වෙලා තියෙනවා.
වැඩේ කරලා ඉවර වෙනකොට හොඳ නිර්මාණයක් වුණා. මගතොටේදී මිනිසුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම කාර් එක දැකපු සමහර අය සල්ලිවලට ඉල්ලුවා. දැනටමත් කාර් සියකට විතර ඉල්ලුමක් තියෙනවා. මේ කාර් එක නම් හැදුවේ මගේ පාවිච්චියට. නමුත් දැන් මම හිතාගෙන ඉන්නේ මෙච්චර ඉල්ලුමක් තියෙන කාර් එක නිෂ්පාදනය කරලා වෙළෙඳපළට නිකුත් කරන්න. මගේ අදහස වෙලා තියෙන්නේ ත්‍රිරෝද රථයට සමාන මෝටර් රථයක් විදිහට මේ කාර් එක වෙළෙඳපළට හඳුන්වා දෙන්නෙ.
නමුත් මේක ත්‍රිරෝද රථයට වඩා ගොඩක් වෙනස්. මේ කාර් එක ධාවනය වෙන්නේ විදුලි බලයෙන්. කාර් එකේ බැටරි පහම චාර්ඡ් කරන්න පුළුවන් චාජරයක් කාර් එක තුළ සවි කරලා තියෙනවා. ප්ල්ග් එකක් මාර්ගයෙන් විදුලියට සම්බන්ධ කරපු ගමන් බිංදුවේ ඉඳලා පැය හතරකින් බැටරි පහම චාර්ඡ් වෙනවා. ඊට පස්‌සේ එක දිගට කිලෝ මීටර් 120 ක් 130 ක දුරක් ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ චාර්ඡ් කරලා කිලෝ මීටර 10 ක් දුවලා ඇවිත් නැවත චාර්ඡ් කරලා ඒ ප්‍රමාණය පුරව ගන්නත් පුළුවන්. එහෙම කළා කියලා කිසිම ගැටලුවක් නැහැ. බැලු බැල්මට මේ කාර් එකේ තියෙන එකම අඩුපාඩුව දොරවල් නැති එකයි. එකට හේතුවක් තියෙනවා. මේ කාර් එකට පෑන්, ඒ/සී දාන්න බැහැ. එහෙම වුණොත් ඒවාට අමතර බලයක් යොදවන්න වෙනවා. එතකොට බැටරිවලින් ධාවනය කරන්න පුළුවන් කිලෝ මීටර් ගාන අඩු වෙනවා. ඒ නිසා මම මේකට දොරවල් වෙනුවට අලුත් ක්‍රමයට හොඳ ඝනකම කර්ටන් දෙකක් සවි කරනවා.
කාර් එක නිෂ්පාදනය කරන්න දැනට ලක්‍ෂ දොළහක් විතර වියදම් වෙලා තියෙනවා. නමුත් මම මේ කාර් එක වෙළෙඳපළට නිකුත් කරන්න අදහස් කරගෙන ඉන්නේ රුපියල් ලක්‍ෂ හයකට. ඒක මට කරන්න පුළුවන්. දැන් මම අච්චුව හදාගෙන තියෙන්නේ. මම ළඟ හොඳ ගෝලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ වාහනය නිෂ්පාදනය කරන්න මහ ලොකු යන්ත්‍ර සූත්‍ර ඕනැ නැහැ. අවශ්‍ය මැෂින් අපි ළඟ තියෙනවා. දැන් මට ඕනා රජයේ අනුග්‍රහය විතරයි"
කමල් ද සිල්වාගේ අලුත්ම මෝටර් රථයේ නම 'කැප්ලා'ය. දැන් එම මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියට ඇවැසි සියලුම දේ සාර්ථකව කෙරී අවසානය. එහෙත් රජය පරිසර හිතකාමී මේ මෝටර් රථය ගැන තවමත් දැනුවත් නැත.
සාමාන්‍ය මෝටර් රථයක් ධාවනය කරන ඕනෑම කන්දක් මේ මෝටර් රථය ද ධාවනය කිරීමට හැකිය. එමෙන්ම ඉන්ධන පාවිච්චි නොමැති නිසා අවදානම ද අවමය. එන්ජිමක් නොමැති නිසා අමතර කොටස් සහ 'සර්විස්' සඳහා ද වියදමක් නැත. නඩත්තුව සඳහා වැය වන වියදම ද ඉතාම අවමය. මෙම මෝටර් රථය කිලෝ මීටරයක් ධාවනය කිරීමට වියදම් වන්නේ රුපියලක් පමණි. එමෙන්ම ශබ්ද දූෂණය, පරිසර දූෂණ ඇත්තේම නැත. එහෙයින් ආරක්‍ෂක ලේකම්තුමාගේ කොළඹ හරිත නගර සැලැස්‌මට ඔබිනම මෝටර් රථය 'කැප්ලා' බවට විවාදයක් නැත. එමෙන්ම දැනට ගණනය කළ ඇති අයුරින් කොළඹ ත්‍රිරෝද රථ පමණක් ඉවත් කළොත් 25% කින් පමණ පරිසර දූෂණ අවම කර ගත හැකිය. එවැනි ප්‍රතිශතයකින් කොළඹ නගරයේ පරිසර දූෂණය අවම කරගන්නවා යනු එය අපේ රට ලබන විශාල ජයග්‍රහණයකි. එමෙන්ම දැනටමත් කොළඹ පමණක් ත්‍රිරෝද රථ ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ධාවනයේ යොදවා තිබේ. එයින් ත්‍රිරෝද රථ ලක්‍ෂ තුනහමාරක් පමණ දෛනිකව ධාවනයේ යෙදවේ. එම ත්‍රිරෝද රථ ලක්‍ෂ තුනහමාරට දිනකට මිලියන 262 තෙල් යොදනු ලැබේ. එවැනි පසුබිමක ත්‍රිරෝද රථ වෙනුවට ඉලෙක්‌ට්‍රික් මෝටර් රථය ආදේශ කළොත් දිනකට තෙල් සඳහා වැය වෙන මුදල මිලියන තිස් පහක් පමණි. ඉලෙක්‌ට්‍රික් මෝටර් රථයේ වාසි කප්පරකි.
තව වසර තිහ හතළිහක් ගත වන විට පෝසිල අවසාන වී ඛනිජ තෙල් නැති වේ. එය වළකාලීමට විකල්ප නැත. එහෙයින් ඉන්ධන නැති ලෝකයේදී ඉලෙක්‌ට්‍රික් වාහනයට ප්‍රමුඛස්‌ථානයක් ලැබේ. එවැනි ලොවකදී සූර්ය ශක්‌තියෙන් ඉලෙක්‌ට්‍රික් වාහන ධාවනය කරවීමට කපිල සූදානම්ය. දැන් ඔහුට ඇවැසි රජයේ අනුග්‍රහය පමණි.
මෙම ලිපිය උපුටාගැනීමකි
http://www.divaina.com/2014/02/16/nimna01.html
තරංග රත්නවීර
පින්තූර - කමල් බෝගොඩ