POSTED ON Tuesday, April 22, 2014| | Edit Post
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අග තැන්පත් දේශයක් බව ලෝ පතළ කරුණකි. එහි සශ්‍රීක වෘක්‍ෂලතාදිය කලාකාමී රසවතුන්ගේ අමන්දානන්දයට මෙන්ම ඔවුන් වෙතින් එළිදැක්වුණු ගීත, ඡායාරූප, කාව්‍යමය ප්‍රබන්ධ, චිත්‍ර සිතුවම් ආදී විවිධ කලාත්මක 
සහ සාහිත්‍යමය නිර්මාණවලට ප්‍රස්තුත වූ විෂයන් විය.

ශ්‍රී ලංකාව සතුව ඒකායන ශාක සංස්කෘතියක් ඇත. එහි ඇතැම් වෘක්‍ෂ ශුද්ධ හා පූජනීය ඒවා ලෙස සැලැකේ. තවත් සමහර වෘක්‍ෂලතා ඉතිහාසය, පුරාවෘත්ත හා කුතුහලය සමඟ වෙළී පවතී.




ශ්‍රී ලංකාවාසීන්ගේ මුදුන්මල්කඩ බඳු පූජනීය ශාකය වනුයේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි. ලොව ලිඛිත ඉතිහාසයේ සඳහන් වන ඉපැරැණිම වෘක්‍ෂය එය වේ. ලොව පුරා බෞද්ධයෝ ශ්‍රී මහා බෝධියට අද දක්වාත් මහත් භක්ත්‍යාදරයෙන් වන්දනා මාන කරති.
ඓතිහාසික ලේඛනවල දැක්වෙන පරිදි ඉන්දියාවේ බුද්ධගයාහිදී ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බෝධි වෘක්‍ෂයේ දක්‍ෂිණ ශාඛාව ක්‍රිස්තු පූර්ව 244දී ලංකාවට වැඩම කරනු ලැබීය. ඉන්දියාවේ එවක රජ කළ අසෝක රජුගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියාය.
මහා වංසයේ දැක්වෙන පරිදි ශ්‍රී මහා බෝධි අංකුරය රැගත් නෞකාව ලංකාව බලා මහ සාගරයට ප්‍රවේශ වෙත්ම නැව වටා යොදුනක් දුරට මුහුදු රළ සන්සුන් වී පංච පාටැති නෙලුම් මල් ඒ වටා පිපුණි. පංච තූර්ය නාද අහසේ ගිගුම් දුන්නේය. එපමණක් නොව දින හයක් පුරා දෙවිවරු සහ නාගයෝ විවිධ පුද පූජා පවත්වමින් බෝධි අංකුරයට ගෞරව දැක්වූහ. අවසාන දිනයේදී ශ්‍රී මහා බෝධි අංකුරය ලංකාවට සැපත් විය.


නැව පැමිණි පුවත සුමන සාමණේරයන්ගෙන් අසා දැනගත් දේවානම්පියතිස්ස රජු අනුරාධපුර උතුරු වාහල්කඩ සිට ජම්බුකෝල පටුන දක්වා මහ මඟ සරසන ලෙස රටවැසියන්ට නියෝග කළේය. රජු අලංකාර පෙරහරකින් එදිනම ජම්බුකෝල පටුනට පැමිණියේ බෝධි අංකුරය හරසරින් පිළිගෙන අනුරාධපුරයට වැඩම කිරීමටය.
බුද්ධාලම්බන පී්‍රතියෙන් ඔකඳ වූ රජු බෝධි අංකුරය රැගත් නෞකාව දඹකොළ පටුනට සේන්දුවෙත්ම මුහුදට බැස ගෙල වටක් ජලයේ ඇවිද ගෙන ගොස් ‍ෙදාහොත් මුදුන්දී බෝධි අංකුරය රැගෙන සිය හිස මත තබාගෙන මුහුදු වෙරළ වෙත ආපසු පැමිණියේය. ඉන්පසුව බෝධි අංකුරය රැගත් පාත්‍රය විශේෂ මණ්ඩපයක තබා සිය රාජධානිය ඊට කැප කොට වන්දනාමාන කළේය.


දස වැනි දිනයේදී රජු ශ්‍රී මහා බෝධි අංකුරය විශේෂයෙන් සරසන ලද රථයක තබාගෙන අනුරාධපුරය බලා ගමන් ඇරැඹීය. මඟ දිගට මහින්ද මා හිමියන් විසින් පෙන්නුම් කරන ලද ස්ථානවල රථය හා පිරිස රාත්‍රියට නතර වී 14 වැනි දිනයේදී අනුරාධපුරයට දකුණිනින් පිහිටි රාජකීය උද්‍යානය වූ මහමේඝ උයනට ළඟා වූහ. එහිදී සුමන සාමණේරයන්ගේ උපදෙස් මත විශේෂයෙන් අලංකෘත ස්ථානයක රෝහිණි නැකතින් ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කෙරිණි.
ශ්‍රී මහා බෝධියෙන් හටගත් ප්‍රථම බෝධි අංකුර අට අනුරාධපුර ජම්බුකෝල, චන්දනගම සහ තිවක්ක නමැති නැඟෙනහිර පළාතේ ගමක ඇතුළු ශුද්ධ භූමි 8ක රෝපණය කරන ලදී.


ඔරු බැඳි සියඹලා ගහ

ඇළහැර පිහිටි ඔරු බැඳි සියඹලා ගස මහසෙන් (ක්‍රි. පූ. 276 - 304) රජ සමයට සම්බන්ධ ලෝකයේ හතර වැනි පැරැණි ගස වේ. ඇළහැර ඇළ ඉවුරෙහි වැවී ඇති මෙම ගසේ නාවික යාත්‍රා, ඔරු, පාරු ආදිය බැඳ තැබූ බව කියනු ලැබේ. රජුගේ රාජකීය යාත්‍රාවද මෙම සියඹලා ගසේ බැඳ තිබූ බව කියති. අෑත අතීතයේදී වැදගත් ජල මාර්ගයක කොටසක් වශයෙන් ඇළහැර ඇළ භාවිත කරනු ලැබූ අතර එය යාත්‍රා ගමනාගමනය යන ද්විත්ව කාර්යය සඳහා යොදා ගනු ලැබිණි.
මෙම සියඹලා ගසට මහසෙන් රජුට සම්බන්ධ ප්‍රේම කතාවක්ද එකතු වී තිබේ. මෙම ඇළ තෙර අසල විසූ රූමත් තරුණියක හා පෙමින් වෙළුණු මහසෙන් රජු ඇය හමුවීමට මෙම ඇළ දිගේ රාජකීය යාත්‍රාව පැදගෙන අවුත් එය සියඹලා ගසෙහි බැඳ ඇය හා ප්‍රේම සල්ලාපයේ යෙදුණු බව කියති.


ඉපැරැණි වාරි කර්මාන්ත (ඒදජඪඥදබ ධ්පපඪඨචබඪධද ඹධපඬඵ) නමැති ආර්. එල්. බේ‍රාහියර් ලියූ පොතෙහි මෙම සියඹලා ගස ගැන සඳහන් වේ. දැවැන්ත ප්‍රමාණයේ ඉපැරැණි ගසක් වූ එහි පුරාතනයේ යාත්‍රා බැඳ තැබීම නිසා කඳේ හටගත් කඹ සලකුණු ගොවීන් තමන්ට පෙන්වූ බව බේ‍රාහියර් එම පොතේ සඳහන් කරයි. ඇළහැරට ආවේණික වූ සාම්ප්‍රදායික දැනුම් සම්භාරය ගැනද එහි සඳහන් වන අතර ඇළ පිරිසුදු කිරීමට රජු විසින් එවන ලද සේවකයන් රැගත් යාත්‍රා මෙම ඉපැරැණි සියඹලා ගසේ බැඳ තැබූ බවටද සඳහනක් එහි වේ.
බි්‍රතාන්‍යයන් ලංකාව යටත් කොටගෙන සිටි සමයේදී "ඔරු බැඳි සියඹලාව" යකඩ වැටකින් ආරක්‍ෂා කොට තිබිණි. එම වැට සියඹලා ගහ වට කොට ඉදිකොට තිබූ බව සඳහන් වේ.
ගාමිණී පුංචිහේවා සිය ඊඩඥ ඨපඥචබ ඵචදඤර පඪමඥප ධට ඹඪඵබධපර චදඤ තඥඨඥදඤ නමැති පොතේ 1991 - 96 සමයේදී ඔහු එම ප්‍රදේශයේ සංචාරය කරද්දී මෙම ගස පිළිබඳව අසන්නට ලැබුණ පුරාවෘත්ත ගැන සඳහන් කරයි. ගසේ කඩින් කඩ හටගෙන තිබූ දඟර සහිත ගැටවලින් ප්‍රදර්ශනය වන්නේ අවුරුදු 1,500කට ආසන්න යටගියාව, කටුක අතීතය සහ ගසේ වයෝවෘද්ධ වයස බව ඔහු එහි සඳහන් කර ඇත.
මෙම ඉපැරැණි ගසේ මුදුන බොල් වී ඇති බැවින් අබලන් තත්ත්වයක පවතින නමුත් එහි අතු සහ කොළ ලියලා ඇත්තේ එහි තිරිහන් බව පසක් කරමිනි. එහි කඳේ පාමුල ඇඹරුණ හා ගෙවී ගිය ගැටිති වයෝවෘද්ධ පිරිමියකුගේ රැලි වැටුණ ශරීරය සිහි ගන්වයි.
ගස අසල ඉදිකොට ඇති සංඥා පුවරුවකින් සඳහන් වන්නේ එය සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ ආරක්‍ෂිත ශාකයක් බවයි.
අද ගස වටා උසැති යකඩ වැටක් බැඳ තිබේ. මෙහි මවු ගස ඇද වැටී දිරාපත් වෙමින් පවතී. එහෙත් එහි අලුතින් වැඩුණු අංකුරයක් අතු වැවී දැන් ලොකු ගසක් ලෙස වැඩෙමින් පවතී.


ඇළ තෙර බැඳි යකඩ වැටට නුදුරින් දේවාලයක් ඇත. එය ක්‍රිස්තු වර්ෂ තුන්වැනි හා හතරවැනි සියවස්වලදී මහා වැව් තැනූ මහසෙන් රජු මරණයෙන් පසු දේවත්වයෙන් සලකනු ලබන මින්නේරි දෙවියන් සිහිවීම සඳහා ඉදිකරනු ලැබූවකි.

පෙතන්ගොඩ උණ පඳුර.

පෙතන්ගොඩ උණ පඳුරේ හෙවත් කටු උණ පඳුරේ උණ කීරක් කකුළේ ඇනීමෙන් සීතාවක රජ කළ 1 වැනි රාජසිංහ රජුගේ මරණය ක්‍රිස්තු වර්ෂ 1591දී වී යැයි කියනු ලැබේ. මහනුවර සිංහාසනයට 1 වැනි විමලධර්මසූරිය නමින් පත් වූ කොනප්පු බණ්ඩාර අතින් පරාජය වූ 1 වැනි රාජසිංහ රජු පෙතන්ගොඩ රාජකීය උද්‍යානයට පසු බැස්සේය. එහිදී මාරාන්තික උණ කීරක් රජුගේ පයේ ඇනී මරණය වී යැයි කියනු ලැබේ. මෙම සිද්ධිය විවාදයට තුඩු දෙන්නකි. උණ පඳුරට අරක් ගෙන සිටි නාගයකුගේ දළ පහර වැදී රජු මියගිය බව සමහරුන්ගේ මතය වේ. අද එතැන විශාල උණ පඳුරු දෙකක් දක්නට ඇත. ඒවා වෙන් වශයෙන් වැඩෙමින් පවතින නමුත් එකිනෙකට සමීපව වැඩේ. උණ පඳුරු දෙක කටු කම්බි වැටකින් ආරක්‍ෂා කොට තිබේ.
අවිස්සාවේල්ල, රුවන්වැල්ල, කෑගල්ල මාර්ගයෙන් පෙතන්ගොඩ උණ පඳුරට ප්‍රවේශ විය හැකිය.


යෝධ පුස්වැල.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිලිකුත්තුව රජ මහා විහාර භූමියේ යෝධ පුස් වැලක් ඇත. මෙම යෝධ පුස්වැල විශාල භූමි ප්‍රදේශයක් හරහා විසිරී පැතිරී පවතින අතර එය දෙවැනි වන්නේ සිංහරාජ වනාන්තරයේ තිබෙන පුස්වැලකට යැයි කියනු ලැබේ. මෙම පුස් වැල අවම වශයෙන් වසර 500ක්වත් ඉපැරැණි යැයි සලකනු ලැබේ.
මෙවැනි පුස්වැල් සිංහරාජ වනාන්තරයේත් බළන්ගොඩ මාර්ගයේ ඕපනායක පාර අයිනේත් දක්නට තිබේ.

මන්නාරමේ බයෝබැබ් ශාකය.

ශ්‍රී ලංකාවේ විශාලතම වට රවුමක් සහිත බයෝබැබ් ගස ඇත්තේ මන්නාරමේ පලිමුණේය. එහි වට රවුම මීටර් 19.5ක් වන අතර උස මීටර් 7.5කි. බයෝබැබ් නමැති මෙම අප්‍රිකානු ශාකය බාඕබැව්, බෝබ්, බොඅබොආ, බෝතල් ගහ, උඩුකුරුඤ්ඤං ගහ ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. මෙය අප්‍රිකාව, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවට ආවේණික වූ ශාකයකි. මෙම නම මෙම ශාකයට ලැබී ඇත්තේ එය අරාබි බසින් හැඳින්වෙන බුහිබැබ් නමෙන් විය යුතුය. එමෙන්ම එය "වඳුරු දෙල් ගස" යැයිද හැඳින්වේ. ඊට හේතුව එහි ගෙඩි වඳුරන් විසින් කනු ලැබීමය. එමෙන්ම එය "ජුදාස්ගේ මල්ල" යැයිද හැඳින්වේ. ඊට හේතුව බයෝබැබ් ගෙඩියක ඇට 30ක් තිබීමයි. ජේසුතුමන් ජුදාස් විසින් පාවා දෙනු ලැබුවේ රිදී 30කට යැයි කියනු ලැබේ.
එහෙත් මෙම ගස දේශීය වශයෙන් හඳුන්වනු ලබන්නේ "අලි ගහ" යනුවෙනි. ඊට හේතුව ගසේ පොත්ත අලියකුගේ සමට සමාන බැවිනි. දෙමළ මිනිසුන් මෙම ගස හඳුන්වන්නේ පෙරුක්කා නමිනි.

බයෝබැබ් ලංකාවට ගෙන එනු ලැබුවේ අරාබි වෙළෙඳුන් විසින් යැයි විශ්වාස කරනු ලැබේ. අද ශ්‍රී ලංකාවේ බයෝබැබ් ගස් 40ක් පමණ ඉතිරිව පවතී. මන්නාරමේ පලිමුණේ තිබෙන ඉපැරැණිම හා විශාලතම බයෝබැබ් ගස අවුරුදු 700ක් පමණ පැරැණිය. බයොබැබ් ගසට ආවේණික වූ විශේෂ ලක්‍ෂණ අතර එහි විශාල තද කොළ පැහැති පත්‍ර කැපී පෙනේ. ඒවා මිනිස් අතක ඇඟිලිවලට සමානය. එහි විශාල එල්ලා වැටෙන සුදු තනි මල් අඟල් 6ක් පමණ පළලය. ඒවා පිපෙන්නේ රෑටය.
මලේ පිළුණු සුවඳට විවිධ මැස්සන්, සලබයන්, වවුලන් ආදීන් ආකර්ෂණය වන අතර එම සත්තු එම මල්වල පරාග පෝෂණය කරති. බයෝබැබ් ගස අවුරුද්දේ මුල් මාස නවය තුළ පත්‍ර රහිතය. එම වියළි මාස නවය තුළදී එහි මහත පොරොප්ප මෙන් පිම්බුණ සහ ගින්නට ඔරොත්තු දෙන පොත්ත ඇතුළත වතුර ගැලුම් 250ක් පමණ රඳවා තබා ගත හැකිය. ගසේ විරලභාවය හා ඉපැරැණිභාවය නිසා එය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ශාක විශේෂයකි.
බයෝබැබ් ශාකයක ඇත්තේ කිසිදු හැඩයක් නොමැති විකාර රූප පෙනුමකි. එහි දැවැන්ත කඳ නිල් අහස් කුස පසුබිම් කොටගෙන නැඟී සිටින්නේ අසාමාන්‍ය ලෙස අත්පා කේඬෑරි වූ හස්තියකුගේ ඉරියව් සිහි ගන්වමිනි.


කෑර ගස

සමහර ශාක ඒවා වැවී තිබූ ස්ථාන හෝ ඓතිහාසික සිද්ධිවලට සම්බන්ධ වී තිබීම හෝ නිසා ප්‍රසිද්ධියට පත්ව ඇති නමුත් තවත් සමහර ශාක ඒවායේ හුදු පෙනුම හා මහේශාක්‍ය ලීලාවෙන් භූමිය අරා නැඟී සිටීම නිසාම ජනයා අතර ප්‍රකටය. එවැනි සිත් බඳනා කෑර ශාකයක් බකමූණේ බුදුරුවයාය පුරාවිද්‍යා භූමිය අසල වැවී තිබෙනු එහි කළ සංචාරයකදී මට දක්නට ලැබිණි. නටබුන් කරා ප්‍රවේශ වන මාර්ගය හරි මැද එය රෝපණය වී තිබිණි. එය කෙතරම් කැපී පෙනෙන ලෙස වැවී ඇත්දැයි කිවහොත් එය නොදකින හෝ ඒ ගැන අවධානය යොමු නොකරන හෝ කෙනකු නැති තරම්ය. එය ඉපැරැණි ගසක් බව අපට දැන ගන්නට ලැබී ඇති නමුත් කිසිවෙක් එහි වයස නිශ්චිත වශයෙන් කොපමණදැයි කීමට දැන නොසිටියහ. කෑර ශාකය සෑම විටම නියං සමයට ඔරොත්තු දුන් ශාකයක් යැයි ඉපැරැණි පත පොතෙහි සඳහන් වේ.

Abstracted from Mawbima.lk  An article by කිෂාණී එස්. ප්‍රනාන්දු
Images added from internet

Tallest vertical forest tower in the world in Sri Lanka , Clearpoint Tower.
ලෝකෙ උසම උද්‍යාන සහිත ගොඩනැගිල්ල ඉදිවෙන්නෙ ශ්‍රි ලංකාවෙ?

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews