කසුන් පුතා රත්තරන්
නුඹෙ නිපැවුම් ඉස්‌තරම්
නොදැක්‌කොතින් ඒ තරම්
මෝඩ රටක් නැති තරම්
Source : Divaina.com
ඔහු නමින් කසුන් හේවාගමයි.
කළුතර සිරිකුරුස විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා, අධ්‍යාපනයට තිබූ උපන්හපන්කම නිසාම පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්වූ කසුන් ගණිත අංශයෙන් (2008 වසරේදී) උසස් පෙළ හදාරා පළමු වතාවේම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. එහිදී ඔහුගේ ක්‍ෂේත්‍රය වූයේ ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයයි.
අපි සැතපුමකට අඟලක් ඇලය ඉන්නට යෝධ ඇළ කැපූ ජාතිය වෙමු. මහා කළු ගලක් ලොව අටවැනි පුදුමය බවට පත්කළ ජාතිය වෙමු.
අනේ· එහෙත් අද වන විට ඉතිහාසය ගැන පම්පෝරි ගසනා ජාතියක් පමණක් බවටම පත්ව සිටින්නෙමු.
රටේ ගැහැනුන් ටික පිට රට පටවා, රටින් එන රෙද්දට මූට්‌ටුව දමා, තේ දල්ල වේලා, සුද්දාට ගල්කණුව විකුණා.... එදා වේල හොයාගන්නා ජාතියක් වන්නෙමු. වල්ලා පට්‌ටත්, කිඹුල් හූනාත්, වැහි ළිහිණි කූඩුත් මේ ජාතියේ අතිරේක ආදායම් බවට පත්ව ඇත්තේය. මදිපාඩුවක් වේ නම් තමන්ගේ පරම්පරාගත උරුමයක් ලෙසින් සලකා (තොග වශයෙන්) නිධන් ටික ගොඩදමන්නේය. ඔය අස්‌සේ අහම්බයෙන් හෝ රටට විදේශ විනිමයක් ගෙනෙන සාර්ථක කර්මාන්තයක් වේ නම් රතු මල්ලි කෙනෙකුට එක 'ලෙඩක් දමා' එය මරා දැමිය හැකිය. රටේ කර්මාන්තයට හෙණ ගැසුවත් ආණ්‌ඩුවට නොඇසෙන අතර විපක්‍ෂයට එය සුබ දසුනක්‌ම වන්නේය.
ඇත්ත තිත්ත වුණත් රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්ත යථාර්ථය නම් එයයි.
එහෙත් මේ අඳුරට ශාප කරමින් නොසිට, අපි පහන් දල්වන්නට අඩුම කුඩුම ඇති ඉසව්වක් කරා ගියෙමු. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ ඇති ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයයි. තේරෙන භාෂාවෙන් කිවතොත් 'මැටීරියල් සයන්ස්' අංශයයි. 'මැටීරියල්' යන වචනය ඇසුණු සැණින් අපේ රටේ සමාජයට ගම්‍ය වන්නේ 'ගල්, වැලි, ගඩොල්, යකඩ කූරු...' වැනි හැඟීමකි. නමුත් මොරටුව විශ්වවිද්‍යායේ 'මැටීරියල් සයන්ස් ' අංශය යනු ලේ, මස්, ඇට, නහර... අතරට බුද්ධිය මුසුකර රටක් දිනවිය හැකි තරමේ අපූරු නිර්මාණ බිහිවන තැනකි. අද ලෝකය පාලනයවන තාක්‍ෂණික යතුර වන්නේ ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යාවයි. නමුත් අභාග්‍යයකට මෙන් අපේ රටේ බහුතරය මේ ක්‍ෂේත්‍රයේ වටිනාකම ගැන නොදනිති. මෙරට උසස් පෙළ විෂය ධාරා අතර සාපේක්‍ෂව අපහසුම විෂය ධාරාව වන ගණිත අංශයෙන් සමත්වන්නන් අතර ඉහළින්ම සමත්වන පිරිස එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයටයි. මේ 'මැටීරියල් සයන්ස්' අංශයට එන්නේද ඒ අතරින් පිරිසකි. වසරකට උසස් පෙළ විභාගයට අසුන්ගන්නා 250,000 ක් පමණ වන සිසුන් අතරින් මේ අංශයට වරම් ලබන්නේ 50 ක පමණ පිරිසකි. ඒ මේ රටේ ඉස්‌තරම්ම මොළ පනහකැයි කිවහොත් එහි වරදක් නැත. 'දෙයියනේ කියා' තවමත් මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිතව තිබීමේ පින හේතුවෙන් මෙකී ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයේ මේ 'වැඩ්ඩන්ගේ' මොළ තවත් 'පොලිෂ් කර' එය අපූරු තාක්‍ෂණික නිර්මාණාත්මක ඉසව් කරා රැගෙන යැමට අවශ්‍ය සෑම මූලික පහසුකමක්‌ම මෙහි තිබේ. මේ සටහන සඳහා හේතු සැපයූ අප කථානායකයා බිහිවන්නේ මොරටු සරසවියේ මේ ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයෙනි.

මේ වන විට මෙම අංශයට ඇතුළුවන සිසුන්ට සුපුරුදු ගණිත අංශයෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර කළමනාකරණයට අදාළ දැනුමද ලබාදේ. එහි ඉලක්‌කය වන්නේ තම සුපිරි මොළය, මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ පහසුකම් සමග කැටිකර තමන්ගේම තාක්‍ෂණික නිර්මාණයක් මගින් හෙට තමන්ගේම ව්‍යාපාරයක් වෙත යොමුකිරීමය. එය අපූරු සංකල්පයකි. 'මයික්‍රොසොµaට්' බිහිකළ බිල් ගේට්‌ස් ද, 'ගූගල්' බිහිකළ ලැරී පේ- සහ සර්ජි බ්‍රින් ද ආදී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් බිහිවුණේ තමන් අධ්‍යාපනය ලබද්දී කළ සොයාගැනීම හුදෙක් උපාධි සහතිකය සඳහා විභාගය 'ඒ' සාමාර්ථයක් සඳහා පමනක් යොදාගන්නා තවත් 'ප්‍රොජෙක්‌ට් එකකට' සීමා නොකර එය ව්‍යාපාරයක් මට්‌ටමට රැගෙන ගිය බැවිනි. මෙය අපේ රටටද ප්‍රායෝගික කිරීමේ අදහසින් කර්මාන්ත අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වැඩසටහනකට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරඹා කෙටි කලකින් පසුව තමන්ගේම සමාගමක් ඇරඹීමට කසුන්ව මෙහෙයවන ලදී.
සමහරක් සිසුවෙක්‌ට මෙය විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ තවත් එක් පැවරුමක් පමණක් විය. ඒ නිසා බිහිවූ සමාගම් 'නාමික' සමාගම් පමණක්‌ම විය. නමුත් කසුන් එසේ නොවීය. 'හයිටෙක් රිලයන්ස් සිස්‌ටම්' නම්වූ මේ විශ්වවිද්‍යාල සිසුවා විසින් අරඹන ලද සමාගම සැබැවින්ම සක්‍රිය සමාගමක් විය. ප්‍රමාණාත්මකව කුඩා වුවත් ගුණාත්මක අතින් මෙය ඉහළ මට්‌ටමේ වන්නකි. ආරක්‍ෂිත කැමරාවලින් ඔබ්බට ගිය ආරක්‍ෂණ පද්ධති, මෘදුකාංග විසඳුම් මෙන්ම විදුලිය පිරිමසින උපකරණද ඔහුගේ 'පුංචි ව්‍යාපාරයේ' නිෂ්පාදන විය.
ඔහු විසින් මෙලෙස නිපදවන ලද විදුලිය පිරිමසින නිශ්පාදනයක්, ඔහුව ව්‍යාපාරයක් සඳහා නැඹුරු කළ විශ්වවිද්‍යාලයේ එකී වැටසටහනේ විශේෂ ඇගයීමකට ලක්‌විය. ඒ සඳහා ඔහුට ලැබුණු තෑග්ග ඉන්දියානු සංචාරයකි. ඒ වන විට තෙවැනි වසරේ උපාධි අපේක්‍ෂක සිසුවකු වූ කසුන්, ඉන්දු - ශ්‍රී ලංකා තාක්‍ෂණික හුවමාරු වැඩසටහනක් යටතේ ලද මේ අවස්‌ථාව යොදාගනිමින් ඉන්දියාවේ කළ සංචාරයේදී එරට තාක්‍ෂණික විශ්වවිද්‍යාල කිහිපයක් දැකබලා ගත්තේය.
ඒ එක් තැනකදී ඔහු දුටුවේ වායු සංවේදක හෙවත් 'ගෑස් සෙන්සර්ස්' නිර්මාණය කිරීම සඳහාම තනා ඇති විද්‍යාගාරයකි. මෙය ඔහුගේ දිවියේ තීරණාත්මක දසුනක් විය. මෙම 'ගෑස් සෙන්සර්' කර්මාන්තය වෙත ඔහුගේ හිත ඇදී ගියේය. ඒ පිළිබඳ අන්තර්ජාලය ඔස්‌සේ වැඩි විස්‌තර රැස් කළේය. මෙය ඉකුත් වසරේ ඩොලර් බිලියන 9 ක පමණ වෙළෙඳපොළක් හිමිකරගත් කර්මාන්තයක් බව ඔහුට ඒත්තු ගියේය. වායුවකට සංවේදී වන සංවේදකයක් බිහිකර ඒ ඔස්‌සේ ගතහැකි ප්‍රයෝජන බොහෝ බව තේරුම් ගත් කසුන් මේ ගැන වැඩිදුරටත් සිතමින් සිටියදී සිය විශ්වවිද්‍යාල අවසන් වසරේ ව්‍යාපෘතිය ඇරඹීමට කාලය උදාවිය. නැනෝ තාක්‍ෂණය පිළිබඳ ඇමරිකාවේදී ඉහළින්ම හදාරා පැමිණි ආචාර්ය ශාන්ත අමරසිංහ මොරටුව විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යා අංශයට පැමිණෙන්නේ මෙකලය. ඔහු ශිෂ්‍යයන්ගේ අවසන් වසරේ ව්‍යාපෘතියක් ලෙසින් 'ගෑස් සෙන්සර්' නව නිර්මාණයක් සඳහා අදහසක් සපයන්නේය. මේ අදහස තමන්ගේ අදහස සමගින් හොඳින් පෑහුණු බැවින් කසුන් වැඩට බැස්‌සේය. අංශාධිපති ආචාර්ය උපාලි අධිකාරි මහතා දැවැන්ත ශක්‌තියක් වෙමින් මේ පසුපස සිටියේය. කසුන්ගේ අවසන් වසරේ ව්‍යාපෘතියේ ඉලක්‌කය වූයේ ප්‍රාශ්වාස වායුවේ ඇති වායු අංශු විශේෂ මත මධ්‍යසාර සංවේදකයක් බිහිකිරීමයි.
'මේක මුලදී ලෙහෙසි වැඩක් වුණේ නැහැ. අතහැරලා දාන්න හිතපු වෙලාවලුත් තිබුණා. ඒත් කොහොම හරි වැඩේ ඉදිරියට අරගෙන ගියා' කසුන් පවසන්නේ වැටි වැටී නැගිටි ගමනක් ගැනය.
මේ අනවරත උත්සාහය හේතුවෙන් මාස 3 කදී යම් සාර්ථක ප්‍රතිඵලයක් පෙනිණි. එය ප්‍රබල උත්තේජනයක් කරගත් කසුන් මධ්‍යසාර සංවේදකයක් නිපදවන ලදී. එමගින් කෙනෙකු මධ්‍යසාර භාවිතාකොට ඇතිද යන්න ප්‍රාශ්වාස වාතය එම සංවේදකය මතට හෙළීමෙන් සොයාගත හැකිය. එය අතිශයින් නිවැරදි ප්‍රතිඵලයක් ඉතා ඉක්‌මනින් සහ පහසුවෙන් ලබාගත හැකි 'සුපිරි' සොයාගැනීමක් විය.
සිය ව්‍යාපෘතියට ඉහළම ලකුණු ලබාගැනීම සඳහා එය බෙහෙවින් ප්‍රමාණවත් වූ නමුත් ජාතියේ සම්පතක් වන් මේ තරුණයා එතැනින් නතර නොවීය. ඇල්කොහොල් හෙවත් මධ්‍යසාර සහ ඇසිටෝන් වායුව බොහෝ විට ප්‍රතික්‍රියා කරන්නේ එකම ආකාරයට බව ඔහු න්‍යායාත්මකව දැනගෙන සිටියේය. ප්‍රාශ්වාස වාතයේ ඇති ඇසිටෝන් වායු අංශු ප්‍රමාණය කෙනෙකුගේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පිළිබඳ දර්ශකයක් බවද ඔහු දැනගත්තේය. ඒ අනුව ප්‍රාශ්වාස වාතයේ ඇසිටෝන් වායු ප්‍රමාණය මැනීමෙන් පුද්ගලයකුට දියවැඩියාව ඇතිද නැද්ද යන්න සොයාගැනීමට හැකි තාක්‍ෂණික නිර්මාණයක් කරා තවත් පියවරක් ඉදිරියට තැබීමට කසුන් යොමුවිය. ප්‍රතිඵල සාර්ථක විය.
ඒ සමගින් ලොවටම විසඳාගත නොහැකිව තිබූ පැටැලැවිල්ලක් ඔබත් මමත් වෙසෙන මේ රටේ කළුගංතොට අසල ඉපදුණු 'කොලුවකු' විසින් විසඳාදෙනු ලබන්නේය.
ඒ ඇල්කොහොල් වායුව සහ ඇසිටෝන් වායුව අතර ඇති පැටලැවිල්ලයි.
ඇසිටෝන් වායුව සහ ඇල්කොහොල් ඉතා සමාන ප්‍රතික්‍රියා දැක්‌වීම නිසා සමහර විටෙක කිසිදු මධ්‍යසාර භාවිතයක් නොකළද, දියවැඩියා රෝගියකු මධ්‍යසාර භාවිතා කළ අයෙකු ලෙසින් වරදවා හඳුනාගැනීමේ ගැටලුවක් මෙතෙක් ලොව නිෂ්පාදනය වූ ඇල්කොහොල් සංවේදක උපකරණවල තිබුණි.
කසුන්ගේ මෙම නව සොයාගැනීමත් සමග ලෝක ඉතිහාසයේ පළමු වරට ඇල්කොහොල් සහ ඇසිටෝන් වෙන් වෙන්ව නිවැරදිවම හඳුනාගැනීමේ අවස්‌ථාවක් උදාවී ඇත්තේය.
මේ අතර තමන්ගේ සහෝදර සිසුන් කිහිපදෙනකුගේ වෙනත් ව්‍යාපෘතියක් වූ විනිවිද පෙනෙන සෙරමික් සන්නායකයක් සෑදීම සමගින් ඔහු සිය සොයාගැනීම බද්ධ කළේය. එහි ප්‍රතිඵලය විය හැක්‌කේ කුමක්‌දැයි ඔබ දන්නවාද?
ඔබගේ ජංගම දුරකථනය මතට යොමුවන ඔබේ ප්‍රාශ්වාස වාතය මගින් ඔබේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ගැන පණිවුඩයක් එසැණෙහි දැනගන්නට අවස්‌ථාවක් සැලසීමය.
මේ වන විට විද්‍යාගාර මට්‌ටමේ පවතින, නමුත් සාර්ථකත්වය ඔප්පු කර ඇති මෙම තාක්‍ෂණික ක්‍රමවේදය එවන් වාණිජමය නිෂ්පාදනයක් දක්‌වා ගියහොත් මුළු ලොවම වැළඳගන්නා නිර්මාණයක් බිහිකිරීමේ ගෞරවයත්, එහි ආර්ථික ලාභයත් මේ මව්බිමටම අයත් වන්නේය. කිසිම ලෙසකින් ඇඟ 'හිල් නොකර' කිසිදු පීඩාවකින් තොරව රුධිරයේ සීනි පිළිබඳ පණිවුඩය ලබාගැනීමේ තාක්‍ෂණය පළමු වරට ලෝක වාසීන්ට හිමිවන්නේය.
කසුන් සොයන්නේ එම වාණිජමය නිෂ්පාදනය දක්‌වා එය රැගෙන යැමට ශක්‌තියකි. මයික්‍රොසොµaට් බිහිකළ බිල් ගේට්‌ස් කළේ කුමක්‌ද, කසුන්ටද එය කළ හැක. නමුත් ඒ සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික මට්‌ටමේ ආයෝජකයෙක් අවශ්‍යය.
එපමණක් නොවේ, රුපියල් ලක්‍ෂ ගණන් විදේශවලට ගෙවා 'බේබදු බැලුම' ගෙන්වන මෙරට පොලිස් දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය අංශයේ වගකිවයුත්තන්aට කසුන්ගේ මධ්‍යසාර සංවේදක සොයාගැනීම නිමි නිෂ්පාදනයක් තත්ත්වයට ගෙනඑමින් බැලුමට වඩා තාක්‍ෂණයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉතා පොහොසත් උපකරණයක් ඉතාම අඩු මිලට නිෂ්පාදනය කරගත හැක්‌කේය.
කසුන් සොයාගත් මධ්‍යසාර හඳුනාගැනීමේ තාක්‍ෂණය වේවා, ලේ වල සීනි හඳුනාගැනීමේ තාක්‍ෂණය වේවා මේ කිසිවක් බැලුම් පුම්බා ඉවතදාන්නක් මෙන් පාවිච්චිකොට විසි කර දමන උපකරණ නොව, එකම මෙවලමක් මගින් දස දහස්‌වාරයක් යොදාගත හැකි තාක්‍ෂණයකි.
මෙවන් නිර්මාණයක් කිරීමේ ශක්‌තිය තිබුණු වටිනා දරුවකු සිය උපාධිය ලබා, අනෙක් උපාධිකාරයන් ලෙසින්ම සමාගමක සේවකයකුගේ තැනට ලඝූවන්නේ නම් එය ජාතියේ අවාසනාවකි. සිය තාක්‍ෂණික සොයාගැනීම වාණිජ නිෂ්පාදන මට්‌ටමට රැගෙන යන්නේ නම් රැකියා ඉවතා දමා වුව ඒ වෙනුවෙන් කැපවීමට ඔහු සූදානම්ය. 'කසුන්' යන්නෙහි තේරුම රත්රන්ය. කසුන්ගේ මෙම කැපකිරීමට ජාතියේ සහාය ලැබෙන්නේ නම් එය ජාතියට රන් ආකරයක් මතුකරගත්තා වන්නේය.
ඉතා නිහඬව නමුත් ලෝක ඉතිහාසය වෙනස් කළ නිර්මාණකරුවෙක් ගැන ලොවට දැනගන්නට සලස්‌වා 'දිවයින' අපි අපේ යුතුකම කළෙමු. දැන් ඉතිරිව ඇත්තේ රට ඇත්තන්ගේ හෝ දැක්‌මක් සහිත වෙනත් ආයෝජකයකුගේ අවස්‌ථාවයි. රටට ලැබෙන මුදල් ලාභ ගැන 'දේශ ප්‍රේමීත්වයෙන්' ඇඳගෙන සිටින සළුව ගලවා කැසිනෝ පැකර්ට ශ්‍රී ලංකාවට 'වඩින්නට' පාවඩ දමන්නට තරම් කැපකිරීම් කළ ආණ්‌ඩුවේ ඇත්තෝ, කසුන් සොයාගත් තාක්‍ෂණය වාණිජ නිෂ්පාදනයක් දක්‌වා රැගෙන ගොස් මහා ධන නිධානයක් බවට මේ තාක්‍ෂණය පත්කරගැනීමට ඇති වටිනා අවස්‌ථාව කිසිසේත් අපතේ නොහරින බව අපට විශ්වාසය.
එසේ නැතිනම් කසුන් වැනි 'වැඩ්ඩන් ' පාවඩ දමා පිටරටට වලට කැඳවාගෙන යන විට අපි 'පුතේ ටටා' යෑයි ආශිර්වාද කරමු.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
Cpanel , unlimited emails , host two domains , unlimited sub - domains and more.........

Ads--------------------------------------------
1GB හොස්ටින් සමග නොමිළේ ඩොමේන් එකක්. අසීමිත ඊමේල්ස් , සී පැනල්.තවත්
slwebhost.com
-----------------------------------------------
ශ්‍රී ලාංකීය ඇප්ස් එකතුවට පිවිසෙන්න
apps.gannadeshiyade.com
SL Appstore all Sri Lankan apps in one place , downloads.........