මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත.

ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම ලාෆ්ස් මැරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන නාමය යටතේ සමූහයට පූර්ණ අනුබද්ධ නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කර තිබෙන්නේ ජාත්‍යන්තර වරාය හා සමුද්‍රීය සේවා ව්‍යාපාර වලට ඒකාබද්ධවීම සඳහායි.මේ අනුව, මෙම නව සමාගම විසින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාද ඇතුළත්ව විවිධ වූ බලශක්ති නිෂ්පාදන ප්‍රවාහනය කරන විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ගයේ නෞකා මිලදී ගැනීමට, මෙහෙයවීමට හා කුලියට ගැනීමට අදහස් කර තිබේ.
ලංකාවේ එල්.පී. ගෑස් වෙළඳ පොළේ දෙවන විශාලතම සමාගම ලාෆ්ස් වන අතර මුලින් ෂෙල් සමාගම යටතේ තිබී පසුව රජය විසින් මිලදීගෙන ලිත්‍රෝ නමින් ව්‍යාපාරික කටයුතු කරන සමාගම විශාලතම සමාගමයි.
උපුටාගැනීම- http://biz.adaderana.lk/

