
ඒ අනුව පරන්තන් අලිමංකඩ හා පලෙයි දුම්රිය ස්ථාන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය පසුගිය සැප්තම්බර් මස 14 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කරමින් කියා සිටියේ, එලඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට යාපනය දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරවන බවයි.
කොළඹ,ලංකාපුවත්) - යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද(04) කොළඹ කොටුවේ සිට පලෙයි දක්වා සිය ගමන් අරඹන බව දුම්රියසාමාන්‍යධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය.
මේ දක්වා යාල්දේවි දුම්රිය ගමන් කරනුයේ කිලිනොච්චි දක්වා පමණි. ඒ අනුව කිලිනෝච්චියේ සිට පලෙයි දක්වා දුර කිලේමීටර් 30කි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ අද දිනයේ දී විශේෂ දුම්රියක් කොළඹ සිට පලෙයි දක්වා ධාවනය කරනු ඇත.

කොටි ත්‍රස්තවාදීන් විසින් දුම්රිය මාර්ගය විනාශ කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය 1990 වසරේ සිට වව්නියාට ඔබ්බට දුම්රිය ධාවනය නොකෙරිණී.
2020 වනවිට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් සහගතව සම්බන්ධ කිරීමට රජය බලාපොරොත්තු වන බව පවසයි.
මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය හා යාපනය යන නගර විශාල නගර ලෙස සංවර්ධනය කිරීමට රජය හඳුනාගනු ලැබ ඇති බව කියැවෙයි. ඒ අතර මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 09 ක් නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත.
