කොළඹ නගරය පිරිසිදු හරිත ජනහිතකාමි නගරයක් කරා ගෙනයාමේ රජයේ වැඩපිලිවෙල යටතේ අලුතින්ම නගරයට එක්විමට නියමිත පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය පිහිටි ප්‍රදේශය හා බැස්ටියන් මාවත පාවෙන වෙළද සංකීර්ණ කොළඔ නගරය තව තවත් අලංකාර පිරිසිදු හරිත නගරයක් කරනු ඇත.
කොළඹ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව නගර සභා චතුරස්‍රය, ටොරින්ටන් චතුරස්‍රය, මාර්ග පද්ධති හා පදික මාර්ග නවිකරණය කිරිම මේ වන විටත් කඩිනමින් සිදුකරමින් පවතී.
පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය |
පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට |
නවීකරණය වෙමින් පවතින පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය |
නවීකරණය වන තුරඟ තරග පිටිය |
නවීකරණය වන නිදහස් චතුරස්‍රය |
පැරණි විහාර මහදේවී උද්‍යානය |
විවෘත කිරීමෙන් පසු තුරඟ තරග පිටිය |
විවෘත කිරීමෙන් පසු නිදහස් චතුරස්‍රය |
නවීකරණයෙන් පසු විහාර මහදේවී උද්‍යානය |
පැරණි බැස්ටියන් මාවත |
නවීකරණය වෙමින් පවතින බැස්ටියන් මාවත |
එසේම නගරයේ අඩු ආදායම් සහිත පුද්ගලයින් ජිවත්වු මුඩුක්කු ආශ්‍රිත ව තිබූ වතු වශයෙන් නමි කරන ලද ප්‍රදේශ වල නිවාස ඉවත් කර එහි ජිවත්වූ ජනතාවට හා ඔවුන්ගේ දුවා දරුවන්ට හට වඩා හොද සෞඛ්‍ය සම්පන්න ආකාරයට ජිවත් විය හැකි පිරිසිදු, හරිත, සුවදායි පරිසරයක් නිර්මාණය කර ඇති අතර මේ මගින් එම ප්‍රදේශවල ව්‍යාප්තව තිබු විවිධ දුරාචාරයන් හා අපරාධ වැලැක්විමටද පියවර ගෙන ඇත.
සුළු වර්ෂාවකදී පවා නගරය තුල ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර නගරයතුල නවින වැසිකිලි කැසිකිලි ඉදිකරමින් යටිතල පහසුකමි සංවර්ධනයට ද පියවර ගෙන ඇත. මේ අනුව නගරයේ ජීවත් වන සෑම ආකාරයකම පුද්ගලයින්හට අභිමානයෙන් හා සෞඛ්‍ය සමිපන්නව ජීවත්විමේ වටපිටාවක් මෙම නගර අලංකරණ වැඩසටහන මගින් සලසා දෙමින් පවති.
එසේම එකි ජනතාවට තමන්ගේ ආර්ථිකය ගොඩනංවා ගැනිමටද මේ තුලින් වැඩපිලිවල් සකස් කරදි ඇත. නගරය අලංකරණය කිරීමේ දි අපහසුතාවයනට පත්වන පිරිස් සිටියද ඔවුන්ද සිය අපහසුතාවයන් මදකට පසෙකින් තබා නවීකරණය වන නගරයේ ඔවුන් සදහා ඉදිවන සුවිසල් නිවාස සංකිර්ණයන් දෙස බලමින් සැනසුම් සුසුම් හෙලන අතර ඉතා සුළු පිරිසක් පමණක් මෙයට එරෙහිව වැඩ කටයුතු කරති.
දෙමටගොඩ නිවාස සංකීර්ණය |
54 හා 66 වත්ත හී ඉදිවන නිවාස |
අංගොඩ ඉදිවන නිවස |
උපුටා ගැනීම - රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය