ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩවලව ජලාශ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ බහු කාර්ය ජලාශ යෝජනා ක්‍රම කිහිපයක්‌ම නිදහසෙන් පසු මෙරට ක්‍රියාවට නැඟිනි. ඒ මගින් ජල විදුලිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පහසුකම් ලබාදීම මෙන්ම ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය ද අරමුණු විය.
එහෙත් දැන් අප ගෙවා දමමින් සිටින්නේ මෙවන් ජල හා ජල විදුලිබල ව්‍යාපෘතිවල අවසන් කාලයයි. ඉහළ කොත්මලෙන් පසු ඉදිවන "බ්‍රොaඩ්ලන්ඩ්" වැනි ජල විදුලිබල ව්‍යාපෘතිවලින් පසු මෙරටේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ජල විදුලිබල ව්‍යාපෘති අවසන් වනු
ඇතැයි කියෑවිණි. එනමුත්, ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය මූලික අරමුණු කරමින් තවත් වැදගත් ජල යෝජනා ව්‍යාපෘති කිහිපයක් වර්තමාන රජයේ මහින්ද චින්තන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නැඟේ.
යාන් ඔය, දැදුරු ඔය, මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති හැරුණු විට වර්තමානයේදී මෙවන් අරමුණකින් ක්‍රියාවට නැඟෙන යෝධ ව්‍යාපෘතියක් වන්නේ "උමා ඔය" සංවර්ධන වැඩසටහනයි.
මෙම සංවර්ධන කාර්යය " උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය" නමින් විවිධාංගීකරණයට ලක් වූ අරමුණු කිහිපයක් වෙනුවෙන් ක්‍රියාවට නැඟෙයි.
උමා ඔය ව්‍යාපෘතියේ තෙවසරක ප්‍රගතිය
පෙර සඳහන් කළාක් මෙන් මෙය ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් පමණක් නොවේ. මධ්‍ය පරිමාණ ජලාශ තුනක්‌ද, ප්‍රධාන උමං හතරක් සහිත උමං සංකීර්ණයකින්ද යුතු මෙම ව්‍යාපෘතියේදී පොළෝගර්භය තුළ ඉදිවන විදුලි බලාගාරයකින් විදුලිය මෙගාවොට් 120 ක් ද ජනනය කෙරේ.
අනතුරුව වැල්ලවායේ අලිකොට ආරට මුදා හැරෙන ජලය අලිකොට ආර, කුඩා ඔය, හා හඳපානාගල ජලාශ වෙත මුදාහැර කිරිඳිඔය ඔස්‌සේ ලුණුගම්වෙහෙර දක්‌වාද පැමිණේ. මේ අනුව බලන කල දැනටමත් ක්‍රියාවට නැඟෙන, ආරම්භ වී තෙවසරක ප්‍රගතියක් පෙන්වන හා නිහඬව ක්‍රියාවට නැගෙන මෙම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය මෑත කාලයේදී ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස හැඳින්වීම වරදක් නොවේ.
වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2011 වසරේ මැයි මාසයේදීය. ඊට අදාළ ගිවිසුම්ගතවීම 2008 වසරේ අප්‍රේල් මස 28 වැනිදා සිදු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉරාන රජයේ මූල්‍ය ආධාර යටතේය. එසේම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ වැඩ එරටෙහි සමාගම්වල සහයෝගයෙන් කිරීමටත් මෙම ගිවිසුමෙන් එකඟතාවකට පැමිණේ. ඒ අනුව වැලිමඩ, ඌවපරණගම, හාලිඇල, ඇල්ල - වැල්ලවාය, තණමල්විල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ඉහළ සහ පහළ නිම්න වශයෙන් කොටස් දෙකකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ µdරබ් (FARAඊ) නමැති ඉරාන ඉදිකිරීම් සමාගමයි.
ව්‍යාපෘති සැලැස්‌මට අනුව වැලිමඩට නුදුරු පුහුල්පොලදී, උමා ඔය හරස්‌කර තැනෙන පුහුල්පොල ජලාශය සඳහා වන වේල්ලත්, ඩයරබා හිදී මහතැටිල්ල ඔය හරස්‌කර ඩයරබා ලෙස ඉදිවන ජලාශයේ වේල්ල සහ පුහුල්පොල ජලාශයේ අතිරික්‌ත ජලය ඩයරබා වෙත ගෙන එන කිලෝ මීටර් 4.5 ක් දිග උමගත්, සාදන්නේ මෙම ඉදිකිරීම් සමාගම මගිනි.
එසේම, ඩයරබා සිට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල - වැල්ලවාය පාරට උඩින් කුරුල්ලන්ගල කන්ද දක්‌වා කිලෝමීටර් 15 1/2 ක උමඟක් තනා ජලය ගෙන එන්නේද, එතැන් පටන් (තනි) සිරස්‌ව මීටර් 760 ක් පොළෝගැබ සිදුරු කර, ඇල්ල වැල්ලවාය පාරට යටින් කිලෝමීටර් දෙකක පමණ දුරක් මග ගෙවාගෙන පොළෝගැබ තුළට ගියවිට හමුවන ස්‌ථානයකට එක්‌වන උමගය තුළ නිර්මාණය වන විදුලි බලාගාරය නිර්මාණය කරන්නේද අදාළ ඉරාන සමාගම් මගිනි.
තවද, විදුලි බලාගාරයෙන් මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර මුදාහැරෙන ජලය තවත් උමගකින් කිලෝ මීටර් තුනක් මග ගෙවා ඇල්ල වැල්ලවාය පාරට යටින් ගොස් අලිකොට ආරට මුදාහැරෙන ටේල්රේස් (ඕසකර්ජැ) උමගයද නිර්මාණය කරනු ලබන්නේ ඉරාන ඉදිකිරීම් ලෙසය.
මෙම සමස්‌ත ව්‍යාපෘතිය ආරම්භ වී දැන් වසර තුනක් ගත වී අවසානය. ඉදිකිරීම් කටයුතුවලින් සියයට 30 ක් පමණ නිමා වී තිබේ. උමං හතරක කටයුතු සිදු වෙමින් පවතී. ඩයරබා ජලාශ වේල්ල ඉදිවෙමින් පවතී. උමං ජල විදුලි බලාගාරය දක්‌වා ප්‍රවේශ මාර්ගය කැණ අවසන් අතර බලාගාර පරිශ්‍රයේ මූලික කැණීම් කටයුතු සිදු වෙමින් පවතී. එබැවින් තෙවසරක ප්‍රගතිය වැදගත් තැනක ඇත. මෙම තෙවසරක ප්‍රගතිය මැන බැලීමේ විශේෂ නිරීක්‍ෂණයක් සඳහා පසුගියදා අපි වැලිමඩ, බණ්‌ඩාරවෙල, ඇල්ල වැල්ලවාය ව්‍යාපෘති ප්‍රදේශවල සංචාරයක නිරත වීමු. මේ එහිදී අප දුටු කාරණය.
නුවරඑළිය නගරය පසුකර අප මීළඟට වැලිමඩ නගරයට සේන්දු වූ අතර පළමුව ගියේ පුහුල්පොල හා ඩයරබා ජලාශවලින් අවතැන් වූ ජනතාවගේ කටයුතු සොයා බලනු පිණිසය. ඒවායේ කටයුතු සිදු වෙතත් පවතින හොඳ හා නරක ගැන කතා කිරීමට වෙනමම ලිපියක් ඒ සඳහා වෙන් කළ යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙන් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මැන බැලීමට පළමුව අපි යොමු වීමු.
පුහුල්පොල පසුකර ඩයරබා ජලාශ වැඩබිමට ගිය අපි එම ජලාශ වේල්ලේ බිම් මට්‌ටමේ කොන්ක්‍රීට් ආස්‌තරණ කටයුතු නිරීක්‍ෂණයෙන් අනතුරුව, එතැන් සිට පුහුල්පොල දක්‌වා කණිනු ලබන උමගයේ සංචාරයකට පෙරවරුවේ එක්‌වීමු. ඉරාන සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කැණීම් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් හඳුනාගත් මෙම වැඩ බිමේදී ශ්‍රී ලංකා රජයේ අධීක්‍ෂණයෙන් ඉරාන "µdරබ්" (FARAඊ) සමාගමේ කැණීම් කටයුතු අප නිරීක්‍ෂණ කළෙමු. එම සමාගමේ නිලධාරීන්ගේ සංග්‍රහශීලී පිළිගැනීමෙන් අනතුරුව දැනටමත් මීටර් 800 ක් පමණ සාම්ප්‍රදායික ලෙස මිනිස් ශ්‍රමයෙන් එහෙත්, යන්ත්‍ර සූත්‍රද භාවිතයෙන් කණිනු ලබන උමගේ කටයුතු විමසා බැලුවෙමු. කිලෝ මීටර් 4.5 ක් වන මෙහි දැනටමත් කිලෝ මීටරයකට ආසන්න දුරක් කැණ අවසන් කර තිබේ.
මෙම උමං විවරයට මුහුණලා ජලාශයේ එපිට ඉවුරෙන් තවත් උමගක් ආරම්භ වේ. ඒ වැල්ලවාය දක්‌වා දිවෙන කිලෝ මීටර් 15 1/2 ක උමගයයි. ඩයරබා සිට තවමත් කැණීම් කටයුතු ආරම්භ කර නැති මෙම උමගේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්, එනම්, වැල්ලවායේ කුරුල්ලන්ගලින් ඩයරබා දෙසට උමං හෑරීමේ කටයුතු දැනටමත් ආරම්භව විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත. එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමස්‌ත උමගයන් යෝධ කැණීම් යන්ත්‍රයක් ආධාරයෙන් හාරනු ලබන්නේ මේ උමගයේ නිසා බැවිනි. ජර්මනියේ නිෂ්පාදිත, ඉංග්‍රීසි ඕඩය හරහා පවා උමං තැනීමට භාවිත කරන ලද මෙම කැණීම් යන්ත්‍රය ටී. බී. එම්. (ඔමබබ්ක ඊදරසබට පැජයසබැ) ලෙස හැඳින්වේ. මෙවන් යන්ත්‍ර දෙකක් උමා ඔය ව්‍යාපෘතියේ දැන් ක්‍රියාවට නැඟෙන අතර, "ටේල්රේස්" හා "කුරැල්ලන්ගල" යන ස්‌ථානවල සේවයට යොදවා ඇත.
කුරුල්ලන්ගල සිදුරු කරන
විශ්වකර්ම යෝධයා දකින්නට
ගිය ගමන ලබන සතියේ
සටහන සහ ඡායාරූප
ජගත් කණහැරආරච්චි http://www.divaina.com/2014/07/22/feature03.html