POSTED ON Sunday, November 16, 2014| | Edit Post
ඉතා ඉහළ පර්යේෂණ පත්‍රිකා 06ක්‌ එහි දී මට ඉදිරිපත් කරන්නට හැකි වුණා."

 මට පුළුවන් වුණා 2011 වර්ෂයේ ලංකාවේ විශාලතම ව්‍යවහාරික විද්‍යා පීඨය බවට විශ්වවිද්‍යාලය පත් කරන්න.

අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවේ බහුතරය ශිෂ්‍යාවන්. සංඛ්‍යාත්මක ව ශිෂ්‍යයන් සරසවියට පැමිණීම අඩු ප්‍රතිශතයක තමයි පවතින්නේ. මේකේ ගැටලුව තමයි අනාගත ශ්‍රම බලකාය නිර්මාණය මන්දගාමී වීම. 

"d ගොනුවේ රසායනය" නමින් රචනා කළ කෘතිය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් පිටපත් 50,000කට අධික සංඛ්‍යාවක්‌ ඉන් අලෙවි විය. 

අකාබනික රසායන විද්‍යාව පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කළා. මෙහි දී ලංකාවේ රබර්වල ගතිගුණ ඉහළ නැංවීම පිළිබඳ පර්යේෂණ, විවිධ අකාබනික සංකීර්ණ අයන සමග සම්බන්ධ වීම් පිළිබඳ පර්යේෂණ විශේෂයි.

රටට නව ඡන්ද ක්‍රමයක්‌ හඳුන්වා දුන් අයෙක්‌. කේවල හා සමානුපාතික දෙමුහුන් ඡන්ද ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ඔබ.


කල් තබා වෙන් කරගත් වේලාවක ඔහු හමු වීමට මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියෙමි. සරසවියේ ව්‍යවහාරික විද්‍යා විෂය හදාරන සිසුන් සඳහා ඉදි කළ දැකුම්කලු නවීන ගොඩනැඟිල්ලක ඔහු ගේ කාර්යාලය පිහිටා ඇත. මහාචාර්ය සුදන්ත ලියනගේ, විද්‍යා පීඨාධිපතිවරයා මා ඉතා සුහදව පිළිගත්තේ සිනාවකින් සංග්‍රහ කරමිනි. 

"දැන් මං මොනව ද කියන්න ඕනෙ...." 


ඔහු සැහැල්ලුවෙන් විමසයි. දැඩි වගකීම් සහිත පරිපාලකයකු වුව ද ඔහු ඉතා සැහැල්ලු ගති ලක්‌ෂණවලින් හෙබි පුද්ගලයෙකි. මම ද සිනාවකින් සංග්‍රහ කළෙමි. 

"සර් ගේ ජීවිතයේ ආරම්භයේ ඉ`දන් අද දක්‌වා පැමිණි ගමන් ම`ග, ඒ අභියෝගවලට මුහුණ දුන් ආකාරය, සිදු කළ පර්යේෂණ වගේ දේවල්වලින් පටන්ගනිමු....."

"ඒ ඔක්‌කොම ලිවුවොත් ඔයාට පොතක්‌ ලියන්න වෙයි" ඔහු එක්‌වන ම පැවසුවේ නැවතත් වරක්‌ මුවට හසරැල්ලක්‌ නංවාගනිමිනි.


"මම මුලින් ම පාසල් ගියේ පානදුර සුමංගල විද්‍යාලයට, අවුරුදු 04කට පස්‌සේ කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයට ඇතුළත් වුණා. ජීවවිද්‍යා අංශයෙන් තමයි උසස්‌ පෙළට සූදානම් වුණේ. පාසල් කාලයේ හරියට බාහිර වැඩ කළා. තර්ස්‌ටන් විද්‍යාලයයේ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ වෙලා හිටියා. මම තමයි ඒ කාලේ සැන්ඩිමන් නිවාසයේ මලල ක්‍රීඩා උපනායකයා. ඒ වගේ ම විවාද කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌. තව බෞද්ධ සංගමය, නට්‍ය කවයේ එහෙමත් හිටියා. විද්‍යාව විෂය ඉගෙනගත්තට කලා සංගමයේ සභාපති වුණේ මම. ඒ කාලේ මට හරියට ආසයි රඟපාන්න. අපි ගොඩක්‌ නාට්‍යවල රඟපෑවා. ඒ වගේ ම තර්ස්‌ටන් විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කළා." 

"ජීව විද්‍යාව වගේ විෂයක්‌ ඉගෙනගන්නා විට ඔය තරම් බාහිර වැඩ අධ්‍යාපනයට බාධාවක්‌ වුණේ නැද්ද" මම අතුරු ප්‍රශ්නයක්‌ විමසුවෙමි. 

"කොහෙත් ම නෑ...බාහිර වැඩවලින් අපි විශාල සංයමයක්‌ ලබාගත්තා. වැඩ කළමනාකරණය කරන්න. ඒත් නියමිත වසර තුළ මට උසස්‌ පෙළ අවසන් කරන්න නොහැකි වුණා.

"ඒ ඇයි?" මම විමසුවෙමි.

ඔහු මඳ නිහැ`ඩියාවක ය. 

"මම උසස්‌ පෙළ හදාරන කාලෙ දී තමයි තාත්තා නැති වුණේ. ඒක ඉතා ෙ€දනීය සිදුවීමක්‌. අපේ මුල් ගම හික්‌කඩුව. තාත්තා ගේ මරණයත් සමග අපි හික්‌කඩුවට ගියා. මම දෙවැනිවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියේ ගාල්ලෙන්. ඒ කාලයේ දී ම මම සාමාන්‍ය පෙළ සිසුන්ට විද්‍යාව උගන්වන්න පටන් ගත්තා. මගේ වියදම් මම ම සපයාගත යුතු ය කියන හැඟීම මට ඒ කාලේ තිබුණා. උසස්‌ පෙළ සමත් වෙලා ජයවර්ධනපුර සරසවියට ඇතුළු වුණාට පසු ඒ කියන්නේ 1984 වෙද්දී උසස්‌ පෙළ රසායන විද්‍යා විෂය අමතර පංති ගුරුවරයෙක්‌ ලෙස ඉගැන්වීම ආරම්භ කළා. 

කොහොම හරි ඔය කාලය වෙද්දී මා රසායන විද්‍යා විශේෂ උපාධියට එහි දී තෝරාගත්තා. ඔක්‌කොම ළමයි 07 දෙනෙක්‌ විතරයි ඒකට තෝරාගත්තේ. කොහොම හරි රසායන විද්‍යා විෂයයේ දෙවැනියට වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීමට මට හැකි වුණා. 

විශ්වවිද්‍යාලයේ මා ඉන්න කාලයේ තමයි 87-88 තරුණ අරගලය ඇති වුණේ. මේ හින්දා විශ්වවිද්‍යාලය වහලා දැම්මා. 1990 තමයි අපේ ප්‍රථම උපාධිය අවසන් වුණේ. එතකොට වසර 4 උපාධියට වසර 07ක්‌ ගත වෙලා." ඔහු මඳ සිනාවකින් පවසයි. 

"ඒත් මගේ කාලය අපතේ යැමක්‌ සිදු වුණේ නෑ. ඒ කාලය වන විට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අමතර පංති බොහොමයකට මම සම්බන්ධ වෙලා හිටියේ. විවිධ මට්‌ටම්වල මිනිසුන්, ගුරුවරුන්, මගේ බාල පරම්පරාව හඳුනාගන්න මට ඒ තුළින් හැකියාව ලැබුණා. ඇත්තට ම ඒ වෙද්දී මම තනියම මගේ වැඩ කරගන්න පුළුවන් මට්‌ටමකට ඇවිත් හිටියේ.

1990 වන විට පංති සාමර්ථ්‍යයක්‌ සහිත ව මම උපාධිය අවසන් කළා. මේ වන විට රටේ පැවැති අර්බුද නිසා බොහෝ සරසවි ආචාර්යවරුන් වෙනත් රටවල සේවයට ගිහින් හිටියේ. ඒ නිසා ඉහළ ලකුණු ලබාගත් උපාධිධාරීන්ට නව පත්වීම් ලබා දුන්නා. කථිකාචාර්යවරයෙක්‌ ලෙස රසායන විද්‍යා අධ්‍යයන අංශයට 1991 මා බඳවා ගත්තා. 

1993 ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ කාර්ඩිµa විශ්වවිද්‍යාලයට මාව තේරුණා. පොදු රාජ්‍ය මණ්‌ඩල ශිෂ්‍යත්වයෙන් තමයි මම ආචාර්ය උපාධියට යොමු වුණේ. වසර 02 මාස 4ක්‌ තුළ ආචාර්ය උපාධිය මම අවසන් කළා. ඉතා ඉහළ පර්යේෂණ පත්‍රිකා 06ක්‌ එහි දී මට ඉදිරිපත් කරන්නට හැකි වුණා."

ඔහු තම සරසවි ජීවිතයේ තවත් පරිච්ඡේදයක්‌ දිගහරියි. 

"1996 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්‌ ලෙස මගේ තනතුර උසස්‌ කිරීමත් සමග විවිධ වූ පරිපාලන විෂය කටයුතුවලට මම සම්බන්ධ වුණා. 

රසායන විද්‍යා ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්‌ඩාගාරික ලෙස කටයුතු කළා. 2005-2008 ශිෂ්‍ය සුබසාධක අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කළා. 1998 බහු අවයවක විද්‍යා පාඨමාලාවේ සමායෝජක ලෙසත් කටයුතු කළා. 2009 වසරේ තමයි මම මහාචාර්ය පදවියට පත් වුණේ. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරනවා." 

"පීඨාධිපතිවරයකු ලෙස ඔබේ පත් වීම සරසවියේ විශේෂ වෙනස්‌කම් ඇති කිරීමට හේතු වුණා. ඒ පිළිබඳව සඳහන් කළොත්"

"2010 පළමු වරට විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස මම ඡන්දයෙන් පත් වුණා. 2013 දී නැවතත් ඊට නිතරගයෙන් පත් වුණා. මට පුළුවන් වුණා 2011 වර්ෂයේ ලංකාවේ විශාලතම ව්‍යවහාරික විද්‍යා පීඨය බවට විශ්වවිද්‍යාලය පත් කරන්න. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ වැඩි ම ළමයින් ප්‍රමාණයක්‌ හදාරන විෂය තමයි රසායන විද්‍යාව. මේ විෂය සරසවිය තුළ ජනප්‍රිය විෂයක්‌ කිරීමට අපට හැකි වුණා."

"ඒ කොයි ආකාරයට ද? මම විමසුවෙමි.

"ඒකට හේතු කිහිපයක්‌ තියෙනවා. දැනට ලංකාවේ පවතින විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ අතරින් නවකවදය නොමැති එකම පීඨය තමයි ව්‍යවහාරික විද්‍යා පීඨය. ළමයින්ට නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල යෙදීමට සරසවිය තුළ අවස්‌ථාව මින් ලබා දීලා තියනවා. අනෙක්‌ කාරණය තමයි තමන් ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සියලු පර්යේෂණ පහසුකම් සහිත විද්‍යාගාර අපේ මේ නව ගොඩනැ`ගිල්ලේ ඉදි කරලා තියනවා. මෙය වර්ග අඩි ලක්‌ෂයක, තට්‌ටු 08ක ගොඩනැ`ගිsල්ලක්‌. දැනට ඇස්‌තමේන්තුගත මුදල මිලියන 560ක්‌. තවමත් ඉදිකිරීම් සම්පූර්ණ කරලා නැහැ. ඉදිරියේ දී විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ශිෂ්‍යයන්ට අවස්‌ථාව ලබා දීමයි අපේ අරමුණ."

ඔහු දැඩි වගකීමකින් පවසයි

"ඔබතුමා සරසවිය තුළ මෙන්ම ඉන් පිටතත් පරිපාලන භූමිකාව තුළ නියෑළෙන්නෙක්‌. ඒ පිළිබඳ ව සඳහන් කළොත්"

"මම 1997 විද්‍යාභිවර්ධන සංගමයේ E2 අංශයේ ලේකම්වරයා ලෙස පත් වුණා. මීට අමතර ව රාජකීය රසායන විද්‍යා සංගමයේ ලේකම්වරයා ලෙස 1998 දී පත් වුණා. ලංකා රසායන විද්‍යා සංගමයේ සාමාජිකයකු ලෙසත් මීට අමතරව කටයුතු කරනවා. ෂඔෂ ආයතනයේ සාමාජිකයකු ලෙසත් මම කටයුතු කරනවා. මේ දිනවල එහි වැඩබලන සභාපති ලෙසයි, කටයුතු කරන්නේ. ඊට අමතර ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තාක්‌ෂණ විද්‍යා විෂය ධාරාවේ ප්‍රධාන සමායෝජක වගේ ම අධ්‍යාපන අමාත්‍යංශයේ තාක්‌ෂණික විද්‍යා විෂයයේ උපදේශක ලෙසත් ක්‍රියාකාරී කටයුතුවල නියෑළෙනවා. මීට අමතර ව ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් දායකයකු මෙන්ම ජාතික ප්‍රතිපත්ති නිර්මාණකරුවකු ලෙස කටයුතු කරනවා. 

"නව තාක්‌ෂණික විෂය ධාරාව පාසල්වලට හඳුන්වා දීම පිළිබඳව සමාජයේ පවතින්නේ විෂම ආකල්පයක්‌. පිරිසක්‌ එය සුබවාදීව දකින විට තවත් පිරිසක්‌ එය අසුබවාදී ව දකිනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමායෝජක ලෙස ඔබතුමා මේ නව තාක්‌ෂණික විෂය ධාරාව හඳුන්වා දීම ගැන දරන අදහස මොකක්‌ ද?

"ඒක කාලීන අවශ්‍යතාවක්‌. මම නම් කියන්නේ රටක සංවර්ධනයට තාක්‌ෂණික විෂය අවශ්‍යයි කියලයි. එය සංවර්ධනයට සෘජු ව ම සම්බන්ධ වෙනවා. අනෙක්‌ කරුණ අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවේ බහුතරය ශිෂ්‍යාවන්. සංඛ්‍යාත්මක ව ශිෂ්‍යයන් සරසවියට පැමිණීම අඩු ප්‍රතිශතයක තමයි පවතින්නේ. මේකේ ගැටලුව තමයි අනාගත ශ්‍රම බලකාය නිර්මාණය මන්දගාමී වීම. මොකද තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන සහකරුවෙක්‌ ලැබෙන තුරු ඇතැමුන් විවාහය කල් දැමීම. අනෙක්‌ කරුණ බහුතර උපාධිධාරී ශිෂ්‍යාවන් ගුරු වෘත්තියට යොමු වනවා. එය හොඳයි. නමුත් සංවර්ධන ක්‍රියාවලිය පරිපාලනික වශයෙන් තීරණාත්මක ක්‍රියාවලියකට සක්‍රීය ව සම්බන්ධ විය යුතු උපාධිධාරීන් ඊට යොමු නො වීමට මේ හේතු බලපානවා. මම මෙතැන දී අදහස්‌ කරන්නේ නෑ ශිෂ්‍යාවන් සරසවියට පැමිණීම අවම විය යුතුයි කියා. මේ සඳහා බලපාන හේතු කිහිපයක්‌ තියනවා. එකක්‌ අද උසස්‌ පෙළ විෂය ධාරාවේ ස්‌වභාවය. ගොඩක්‌ විෂයන් කටපාඩම් කිරීමකින් තොර ව සමත් වීමට අපහසුයි. මම හිතන්නේ තාක්‌ෂණවේදී විෂයධාරාව මීට හොඳ විසඳුමක්‌. ශිෂ්‍යයන් තුළ පවතින තාර්කික හැකියාව වර්ධනයට මේ විෂය හේතු වෙනවා. අද බොහෝ උපාධිධාරීන් තම සුදුසුකම්වලට සරිලන රැකියාවන්වලට යොමු වන්නේ නැහැ. මේ සියල්ලට ම විසඳුම තාක්‌ෂණික විෂය තුළින් ලබා දෙන්න පුළුවන්."

උසස්‌ පෙළ තාක්‌ෂණවේදය විෂය ධාරාවේ "තාක්‌ෂණවේදය සඳහා විද්‍යාව, රසායන විද්‍යාව" නමැති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත කෘතියේ අවසන් ඇගයුම් සංස්‌කාරකවරයා වන්නේ මහාචාර්ය සුදන්ත ය. එමෙන් ම උසස්‌ පෙළ රසායන විද්‍යාව විෂයෙහි ප්‍රධාන පරීක්‌ෂකවරයකු හා සමපාලක පරීක්‌ෂක ලෙස ද ඔහු කටයුතු කරයි. දේශීය විද්‍යා විෂය හදාරන දරුදැරියන් ගේ උන්නතිය උදෙසා ඔහු අධ්‍යාපන ග්‍රන්ථ ගණනාවක්‌ රචනා කරඇත. මේ අතර 2000 වර්ෂයේ "d ගොනුවේ රසායනය" නමින් රචනා කළ කෘතිය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් පිටපත් 50,000කට අධික සංඛ්‍යාවක්‌ ඉන් අලෙවි විය. මීට අමතර ව s හා ච ගොනුවේ රසායනය", "රසායනික කර්මාන්ත" ආදී කෘතීන් ඔහු උසස්‌ පෙළ දරුවන්a සඳහා රචනා කළ කෘතීන් අතර වෙයිs. ඉතා සරල ව ගැඹුරු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම හා විචක්‌ෂණ ලෙස භාෂාව හැසිරවීම පාසල් ළමයින් අතර මේ කෘති ජනප්‍රිය වීමට හේතු වී ඇත. 

මීට අමතර ව විශ්වවිද්‍යාල ළමයින් සඳහා "ෙ ඉකදජන Cයෑපසිඑරහ" නම් පරිශීලක ග්‍රන්ථය ආදී කෘතීන් ගණනාවක්‌ ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඔහු රචනා කර තිබේ. ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ප්‍රකාශනයක්‌ වන "රබර් ආශ්‍රිත බහු අවයවික විද්‍යාව" ඇතුළු ප්‍රකාශන සඳහා ද ඒ මහතා දායකත්වය ලබා දී ඇත.

"ඔබතුමා සිදු කර තිබෙන පර්යේෂණ පිළිබඳ ව සඳහන් කළොත්" පර්යේෂකයකු ලෙස ඔහු ගේ භූමිකාව හඳුනාගැනීමේ අපේක්‌ෂාවෙන් මම විමසුවෙමි. 

අකාබනික රසායන විද්‍යාව පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කළා. මෙහි දී ලංකාවේ රබර්වල ගතිගුණ ඉහළ නැංවීම පිළිබඳ පර්යේෂණ, විවිධ අකාබනික සංකීර්ණ අයන සමග සම්බන්ධ වීම් පිළිබඳ පර්යේෂණ විශේෂයි.

"ඔබතුමා දේශීය ප්‍රතිපත්ති සම්පාදකයකු ලෙස දේශපාලන ක්‌ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටින අයෙක්‌. රටට නව ඡන්ද ක්‍රමයක්‌ හඳුන්වා දුන් අයෙක්‌. කේවල හා සමානුපාතික දෙමුහුන් ඡන්ද ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ඔබ. ඒ පිළිබඳ ව සඳහන් කළොත්" ?

ඔහු නැවතත් සුපුරුදු ලෙස සිනාසී කතාව අරඹයි.

"2003 දී අලුත් ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවක්‌ ගැන පුවත්පතක සඳහන් කර තිබුණා. ආචාර්යවරයකු ලෙස රටේ අවශ්‍යතාවට ගැළපෙන සැලසුම් නිර්මාණය කිරීම අපේ වගකීමක්‌. ඒ අනුව අලුත් ඡන්ද ක්‍රමයක්‌ මම නිර්මාණය කළා. කේවල හා සමානුපාතික කියන ක්‍රම දෙක ම එකට එකතු කරලා තමයි මෙය නිර්මාණය කළේ. මේ දෙමුහුන් ඡන්ද ක්‍රමය ලෝකයට ම අලුත් මැතිවරණ ක්‍රමයක්‌. තේරීම් කාරක සභාවට සැලසුම් 60 විතර විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරලා තිබුණා. මගෙ එක තමයි ඔවුන් තෝරාගත්තේ. ඊට පසුව 2005-2009 තෙක්‌ මැතිවරණ තේරීම් කාරක සභාවේ සිවිල් සභිකයකු ලෙස විවිධ යෝජනා කාලීන සැලසුම් මවිසින් ඉදිරිපත් කළ ක්‍රමයට එකතු කොට වැඩිදියුණු කිරීම සිදු වුණා. නමුත් තවම මේ ක්‍රමය අත්හදාබැලීමක්‌ සිදු කරලා නැහැ."

පර්යේෂකයකු, ජාතික සැලසුම් නිර්මාණකරුවකු, ලේඛකයකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ඔබතුමා විවිධ භූමිකා හොබවනවා. පැමිණි ගමන් ම`ග දෙස ආපසු හැරී බැලුවොත් මොකද හිතන්නේ?"

"පාසලේ මම, සරසවි ශිෂ්‍යයකු ලෙස මම ගත කරපු ජීවිතය සහ වර්තමාන ජීවිතය අතර පවතින්නේ විශාල පරතරයක්‌. ඒ නිසා ම පුද්ගලයකු ලෙස මට මම පැමිණි ගමන්ම`ග දිහා ආපසු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන්. මම ජීවිතයේ බොහෝ ක්‍රියාවන් තනියම සිදු කරගන්න පුරුදු වුණා. ඒක තමයි මගේ ජීවිතයේ දිගු ගමනකට හේතු වුණේ. අනෙක මම හොඳ සවන් දෙන්නෙක්‌. මගේ තනි තීරණ මත ම ක්‍රියා කරන්නෙක්‌ නො වේ.

විශ්ව විද්‍යාලය තුළ මගේ ශිෂ්‍යයන්ට කියන කතාවක්‌ තමයි ඔබේ මවට වඩා හොඳ මවක්‌, ඔබේ සහෝදරියට වඩා හොඳ සහෝදරියක්‌, ඔබේ පෙම්වතියට වඩා හොඳ පෙම්වතියක්‌, ලෙස දකිමින් මාත් එක්‌ක සමීප ව වැඩ කරන්න කියන එක. ශිෂ්‍යාවන්ටත් එහෙමයි. ඔබේ පියාට වඩා හොඳ පියෙක්‌, පෙම්වතාට වඩා හොඳ පෙම්වතෙක්‌ ලෙස දකිමින් වඩා සමීප ව මාත් සමඟ ගනුදෙනු කරන්න. මම සැම විට ම ළමයින්ට සමීප ව කටයුතු කරනවා. අපේ පීඨයේ ළමයි හරි ම දක්‌ෂයි. දැනට ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් දැවැන්ත ම ඕකැබඑ Sයදඅ එක වන "සිසි අරුන්දති" සංවිධානය කරන්නේ ඔවුන්. ආරම්භයේ තරුණසේවා ශ්‍රවණාගාරයේ පැවැත් වූ මෙය පසුව බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත් ඉන්පසුව නෙළුම් පොකුණේත් පැවැත්වූවා. මේ හැම ක්‍රියාවක දී ම ඔවුන් ගේ ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට මම සහාය දෙනවා. හැම දා ම උදේ 7.00 සිට සවස 6.00 විශ්වවිද්‍යාලයයේ කාලය ගත කරන්නේ ඔවුන් වෙනුවෙන්. 

හැබැයි හවස 6.00න් පසුව මාගේ කාලය වෙන් වන්නේ නිවසේ කටයුතුවලට. මගේ පුතා කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස්‌ පෙළට පෙනී සිටිනවා. මගේ බිරිඳ ජනිතා කැලණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියක්‌. මගේ සවස්‌ කාලය ගත වන්නේ ඔවුන් සමග. අපිට පුළුවන් වෙන්න ඕනේ ජීවිතයේ සියලු අංශ සියලු භූමිකා නිසි පරිදි හසුරුවන්න. නැත්නම් අපි ජීවිතයෙන් අසමත් වෙනවා. මම හැම දා ම උදේ 4.00ට අවදි වනවා. උදේ 4.30 සිට 6.00 දක්‌වා ශාස්‌ත්‍රීය කටයුතු සඳහා කාලය වැය කරනවා. පර්යේෂකයකු ලෙස මා කළ යුතු ජාතික වගකීම මා ඉටු කළ යුතුයි."

නිවැරැදි සම්පත් හා කාල කළමනාකරණය පුද්ගලයකු සාර්ථකත්වයේ හිනිපෙත්තට ම යොමු කිරීම අරුමයක්‌ නො වේ. මහාචාර්ය සුදන්ත ලියනගේ වැනි චරිතයකින් ශිෂ්‍යයන්ට ගත හැකි ආදර්ශ කොතෙක්‌ දැයි මට සිතිණි. 

"ඔබතුමා අපේ පාඨකයන්ට ලබා දෙන පණිවිඩය කුමක්‌ ද?"

ඔහු නැවතත් සුපුරුදු පරිදි සිනාසුණි.

"පළමුවැනි කරුණ තමයි, තමා ම ඉලක්‌ක නිර්මාණය කරගැනීම. එසේ නිර්මාණය කරගත් ඉලක්‌ක හඳුනාගෙන ඒ සඳහා වැඩ පිළිවෙළක්‌ සකස්‌ කරගත යුතුයි. තමන් ගේ දුර්වලතා හඳුනාගැනීම එහි දී ඉතා වැදගත්. දුර්වලතා මඟහරවමින් තමන් ගේ අරමුණට ගමන් කළ යුතුයි. මෙහි දී තමා ගේ භූමිකාවන් නිවැරැදි ව හඳුනා ගෙන ඒ සියල්ල නිවැරිදි ව කළමනාකරණය කිරීම ඉතා වැදගත්." 

ප්‍රබල වගකීම් සහිත පුද්ගලයකු වන නමුත් ඉතා සැහැල්ලුවෙන් දිවි ගෙවන මේ මානවහිතවාදී මහාචාර්යවරයා ගේ ඒ වදන් අප ගේ ජීවිතයට වුව කෙතරම් වූ ශක්‌තියක්‌ ද?

මනුරි පබසරී

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews