කෘෂි කාර්මික වකුගඩු රෝගයට හේතු කාරනා ලෙස මෙරට විද්වතුන් විසින් සොයා ගනු ලැබූ කෘෂිරසායන වර්ග 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශවල තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අතර ග්ලිෆොසේට් නම් ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන කෘෂි රසායනය ද වේ. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.
කෙසේ වෙතත් කැනඩාවේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් මෙම ගැසට් පත්‍රය නිකුත් වීම වැලක්වීමට පසුගිය මාස කිහිපයේ දැඩි ප්‍රයත්නයක නියැලින.
ග්ලිෆොසේට් කෘෂි රසායනය ඇමෙරිකාවේ මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනයකි.
එය රෝගයකට හේතු කාරණයක් ලෙස සලකා තහනම් කල ලෝකයේ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි.
මෙයින් උපුටා ගන්නා ලදී. -lankacnews.com
Monday, December 29, 2014

