POSTED ON Wednesday, December 31, 2014| | Edit Post
වත්මන් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට සිය සංවර්ධනය අතිශයින්ම තීරණාත්මක සාධකයකි. සංචාරකයින්ගේ අවධානය ආසියාවේ, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කෙරෙහිය. ශ්‍රී ලංකා රජය 2016 වන විට ඉලක්‌ක කොට ඇති සංචාරකයන් ලක්‍ෂ 25 ක සංඛ්‍යාව අපේ රටට අද්දවා ගැනීමට සිදු වනුයේ ඉහත කී ආසියානු රාජ්‍යයන් හා තරග කරමිනි. එම රටවල නගර නිර්මාණය, විනය, අලංකාරය, පිරිසිදුභාවය ගත් කල අපේ රටට වඩා ඉතාමත් ඉදිරියෙන් පවතින බව රහසක්‌ නොවේ. අපට තරග කිරීමට හැකි පසුබිමක්‌ නිර්මාණය කිරීමේදී නාගරික සංවර්ධනය අතිශයින් ම වැදගත් වනුයේ ද එහෙයිනි.


මානව සමාජ පරිණාම ක්‍රියාවලිය තුළ ගෝත්‍රික සමාජය එෙŒර යුගය තෙක්‌ සංවධර්නය හෝ පරිණාමය වීමෙන් පසුව සිය පෝෂණය සඳහා වූ ආහාරය හෝ සම්පත නොඑසේනම් ප්‍රාග්ධනයක්‌ බඳු වූ සත්ව සම්පතේ ආහාර සොයා ප්‍රදේශයෙන් ප්‍රදේශයට යමින් වසර දහස්‌ ගණනක්‌ ගෙවූ සංචාරක එෙŒර ජීවන රටාවට වෙනසක්‌ සිදු කරමින් ස්‌ථාවර ජනාවාසකරණයට පෙළඹුණි. එම ක්‍රියාවලිය නූතනයේ හඳුන්වනුයේ ග්‍රාමීයකරණය වශයෙනි.

ඒ ආකාරයට ග්‍රාමීයකරණය වූ සමාජය තවදුරටත් පරිණාමය වෙමින් සමාජ පරිණාම ක්‍රියාවලිය තුළ වැඩවසම් යුගය නිර්මාණය කෙරිණි. මාක්‌ස්‌ ගේ සමාජ පරිණාම න්‍යායට අනුව ගෝත්‍ර හා එෙŒර යුග පසුකරමින් සංවධර්නය වූ මානව සමාජයේ ඊළඟ අදියර වශයෙන් විග්‍රහ කොට ඇත්තේ මෙම වැඩවසම් ප්‍රවේණිදාස යුගය වශයෙනුයි.

ශ්‍රී ලංකාවේ මහඑළිය හෙවත් වත්මන් හෝර්ටන්තැන්නේ සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේශණයක දී ක්‍රි. පූර්ව 14000 ට අයත් රයි, බාර්ලි බීජ පොසිල හමු වී තිබේ. එය නිහඬව සාක්‍ෂි සපයනුයේ කෘෂි යුගයකට ය. ඉන්දියානු පුරාවිද්‍යාඥයන් සිදු කළ ගවේශණාත්මක පර්යේෂණ මගින් ක්‍රි. පූර්ව 6000 දී පැවැති නර්බදා සභ්‍යත්වය අනාවරණය කර ගෙන තිබේ. ඒ ඉන්දීය සමාජය ග්‍රාමීයකරණය වූ යුගයයි. එහි නාගරිකකරණය වූ යුගය ලෙසින් සැලකෙනුයේ ක්‍රි. පූර්ව 3000 - 1500 අතර පැවැති මොහෙන්ජෝ දාරෝ, හරප්පා යුගයන් වේ. නූතනයේ පිළිගත් නාගරික ලක්‍ෂණවලින් සුසැදි එම යුගය ආර්ය ආක්‍රමණයෙන් විනාශ කෙරී ඇතැයි විශ්වාස කෙරේ.

ක්‍රි. පූර්ව 350 දී සුමේරියානු ශිෂ්ටාචාරය තුළත්, ක්‍රි. පූර්ව 4000 ට පසුව ක්‍රමිකව මිසර ශිෂටාචාරය තුළත් නාගරිකකරණය ඇරඹී තිබේ. මේ අනුව දැනට පුරාවිද්‍යාත්මකව ලැබී ඇති සාක්‍ෂි සාධක මත මානව ඉතිහාසයේ නාගරිකකරණය ඇරඹී ඇත්තේ ක්‍රි. පූර්ව 3500 ට පසුවය යන්න පිළිගැනීමට සිදු වේ.

මානව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ජගත් ඉතිහාසයේ අඛණ්‌ඩව ම දීර්ඝ කාලයක්‌ පැවැති නගරයක්‌ ලෙසින් රෝම නගරයත් කැපී පෙනේ. මිසරයේ තිබ්ස්‌ හා නුබියා නගරත් ජගත් ඉතිහාසයේ දීඝර්තම ඉතිහාසයකට උරුමකම් කියන නගරද්වයකි. ක්‍රි. පූර්ව 05 වෙනි සියවසේ දී ගොඩනැගුණු ඉන්දියාවේ පැලලුප් හෙවත් පාඨලීපුත්‍ර නගරයත් ලෝක ඉතිහාසය වර්ණවත් කළ අගනගරය කි. ඒ වන විටත් නගර නිර්මාණකරණය පිළිබඳ වසර 2500 ක ඉතිහාසයකට ඉන්දියානුවෝ උරුමකම් කීහ.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අනුරාධපුර ඇතුල්නුවර භූමිය තුළ සිදු කළ කැණීමක්‌ මගින් ක්‍රි. පූර්ව 09 වෙනි සියවස පමණ කාලයට අයත් නාගරික සභ්‍යත්වයක නටබුන් සොයා ගැනීමට සමත් විය. අනුරාධපුර ඇතුල් නුවර ප්‍රදේශය තුළ නූතන හෙක්‌ටෙයාර් 250 ක පමණ භූමිභාගයක්‌ පුරා පැතිරි ගිය නගරයක්‌ එහි තිබූ බව විද්‍යාත්මක කාලනිර්ණය මගින් හෙතෙම තහවුරු කොටගෙන ඇත . ඉන්දියානු මෙහෙන්ජෝ දාරෝ - හරප්පා - ශිෂ්ටාචාරයට සමගාමීව මෙම අනුරාධපුර ශිෂටාචාරය ගොඩනැගී ඇති බවත් ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් අවධාරණය කරයි.

මේ ආකාරයට ඓතිහාසික තොරතුරු ටිකක්‌ ගෙනහැර පෑවේ මෙම විශේෂාංගයට ආලෝකයක්‌, වැඩි වටිනාකමක්‌ ලබාදීමේත්, අපේ උරුමය මතුකර දැක්‌වීමේ බලවත් පිපාසයත් කරණකොට ගෙනය.

නාගරික සංවර්ධනය යන්න, නාගරික ප්‍රදේශවල ආර්ථික, සමාජ, පාරිසරික සහ භෞතික සංර්ධනයේ ඒකාබද්ධ සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් පුළුල් වශයෙන් නිර්වචනය කළ හැක. මෙය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය නීතියේ ප්‍රකාශිත වේ. තවද, නාගරික සංවර්ධනය යන්න, කර්මාන්ත සඳහා උචිත යටිතල පහසුකම් සැපයීම සහ/ හෝ ශක්‌තිමත් කිරීම මගින් කාර්මිකකරණය සඳහා වන උපාය මාර්ගයක්‌ පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නක්‌ වශයෙන් ද අර්ථ දැක්‌විය හැක. භෞතික යටිතල නිර්මිතියක සැලසුම් සහගත ආකාරයෙන් ආයෝජනය කිරීම ඇත්ත වශයෙන්ම නාගරික සංවර්ධනයට මූලිsක වන කරුණකි.

නාගරික සංවර්ධනය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ බහුවිධ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති සවරූපයෙනි. උදාහරණයක්‌ වශයෙන්, ස්‌ථානවලට හුදෙක්‌ යටිතල නිර්මිතීන් සැපයීම හෝ අවකාශීය වශයෙන් බෙදීමක්‌ නොකරන බදු සානුබල, වර්ධනය ප්‍රවධර්නය නොකරනු ඇත . නාගරික වෘද්ධිය හා සංවර්ධනය සඳහා ඒකාබද්ධ සැලසුම් ප්‍රවේශයක්‌ අවශ්‍යය. ආරම්භයේදීම, ප්‍රශස්‌ත ස්‌ථානීය නිර්ණායකයන් මත විභව්‍ය නාගරික ප්‍රදේශ තෝරා ගත යුතුය. ඉඩම් සංවර්ධනය කිරීම සහ භෞතික යටිතල නිර්මිතීන් සැපයීම තීරණය කළ යුත්තේ සම්පිණ්‌ඩන ආර්ථිකයන් ඇති කිරීමට ප්‍රමාණවත් වන පාදකයන් පදනම් කරගෙනය. ගැටුම් වැළැක්‌වීම සහ සේවා පහසුකම් සහ පොදු පහසුකම් සඳහා ජන සංඛ්‍යා පදනම් සැපයීම පිණිස, කාර්මික සහ ගුදම් ස්‌ථාන, වාණිජ හා සේවා ප්‍රදේශ, නිවාස, උපයෝගිතා සහ පහසුකම් ආදියෙන් සමන්විත ඉඩම් කිහිපයක්‌ පිළිබඳ ඒකාබද්ධ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කළ යුතු ය. කෙසේ වුවද, සාධාර්මික නව නගර සංකල්පයේ දී මෙන් නොව, ඉඩම් පරිහරණ ලාභ වෙන් කිරීමේ දී හා සමානFව පරමාර්ථ සඳහා හරස්‌ සහනාධාර සැපයීමේ දී යම් නම්‍යතාවයක්‌ තිබිය යුතුය. 

ශ්‍රී ලංකාව සතු මුළු භූමි ප්‍රදේශය වගර් කි. මී. 65525 කි. එය හෙක්‌ටෙයාර් මිලියන 6.5 ක්‌ හෝ අක්‌කර මිලියන 15.2 කි. එහි ජනගහනය කෝටි දෙකකි. එබැවින් භූමි - මිනිස්‌ අනුපාතය පුද්ගලයෙකුට හෙ. 0. 32 ක්‌ පමණ වේ. කෙසේ වුවද, රටෙහි මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 48. 6 ක්‌ පමණ වන කෘෂිකර්මය සඳහා යොදා නොගැනෙන භූමි ප්‍රමාණය ඉවත් කළ විට මෙම දළ ඒක පුද්ගල ඉඩම් ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයෙන් අඩු වේ.

ආර්ථික වෘද්ධිය යන්න තව දුරටත් එක්‌ රටක සීමාවක්‌ තුළ සිදු වන්නක්‌ නොවේ. ජාත්‍යන්තර පරායන්තතාව දැන් වෘද්ධී ක්‍රියාවලිsයේ අවශ්‍ය නපුරක්‌ බවට පත්ව තිබේ. මෙම සන්දර්භය තුළ, ආර්ථික විද්‍යාවේ පරිභෝජක හැසිරීම් පිළිබඳ සංකල්පය හා සම්බJධ වන ප්‍රදර්ශකඵලය සිය නවීකරණය ප්‍රයත්නයන් තුළ සංවර්ධනය වෙමින් පවත්නා ලෝකයේ ද ක්‍රියාත්මක වනු පෙනී යනු ඇත .

ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වනුයේ මෙම පසුබිම තුළය. ආරක්‍ෂක හා නාගරික සංවධර්න අමාත්‍යාංශ ලේකම් ධූරය හොබවන ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යංශයට සම්බන්ධ කර ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකීය නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයට පෙර නොවූ විරූ පුනර්ජීවනයක්‌ ලැබී ඇති ආකාරය මුළු මහත් රටටම රහසක්‌ නොවේ. 

වත්මන් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට සිය සංවර්ධනයට අතිශයින්ම තීරණාත්මක සාධකයකි. සංචාරකයින්ගේ අවධානය ආසියාවේ, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කෙරෙහිය. ශ්‍රී ලංකා රජය 2016 වන විට ඉලක්‌ක කොට ඇති සංචාරකයන් ලක්‍ෂ 25 ක සංඛ්‍යාව අපේ රටට අද්දවා ගැනීමට සිදු වනුයේ ඉහත කී ආසියානු රාජ්‍යයන් හා තරග කරමිනි. එම රටවල නගර නිර්මාණය, විනය, අලංකාරය, පිරිසිදුභාවය ගත් කල අපේ රටට වඩා ඉතාමත් ඉදිරියෙන් පවතින බව රහසක්‌ නොවේ. අපට තරග කිරීමට හැකි පසුබිමක්‌ නිර්මාණය කිරීමේදී නාගරික සංවර්ධනය අතිශයින් ම වැදගත් වනුයේ ද එහෙයිනි.

ඉහත කී ආකාරයට තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් පොදුවේ මුහුණ පා සිටින ඉඩම්, ජනගහනය, සෞඛ්‍ය, දිළිඳුකම, මංදපෝෂණය ඇතුළු අර්බුද ශ්‍රී ලංකාවට ද පොදු බව කොළඹ නගරය තුළින් ද මනාව කැපී පෙනේ. ග්‍රාමීය අතිරික්‌ත ජනගහනය කොළඹ නගරයට සංක්‍රමණය වීම මත නිර්මාණය වී ඇති අර්බුද නාගරික සංවර්ධන ක්‍රියාවලියට බරපතළ ප්‍රශ්න, ගැටළු නිර්මාණය කිරීමට දායක වෙමින් පවතී.

නාගරික වාණිජමය වටිනාකමකින් යුත් භූමි, තෙත් බිම්, මහාමාර්ග හා දුම්රිය මාර්ග අවට භූමි බොහෝවිට අනවසර පදිංචිවීම් තුළින් පිරී පවතී. එහිදී පසුගිය වසර 40 ක 50 ක පමණ කාලය තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශ නියෝජනය කළ දේශපාලකයින් ද දැඩිව සම්බJධ වී තිබේ.

අඩු ආදායම්ලාභී හා අවම අධ්‍යාපනයකින් යුත් පිරිස්‌ අතිබහුතරයක්‌ කොළඹ නගරයේ ජනගහනය වධර්නය කිරීමට බෙහෙවින් දායක වී ඇත්තේ එළවළු තොග වෙළෙඳ පොළ, තොග වෙළෙඳාම කොළඹ පිටකොටුව ප්‍රදේශය තුළ ස්‌ථානගතව පැවැතීමයි. කොළඹ නගරයේ වාහන තදබදයටත්, අපවිත්‍රවීමටත්, සමාජ අපරාධවලටත් බෙහෙවින් තුඩු දී ඇති එක්‌ ප්‍රබල හේතුවක්‌ වනුයේ ද මෙයයි. පිටකොටුව කොටුව යා කරන ඕල්කොට්‌ මාවත දේශපාලකයින්ගේ දායකත්වයෙන් ආක්‍රමණය කිරීමට වෙළෙඳ ව්‍යාපාරිකයින් සමත් වීම මත එම මාගර්ය බෙහෙවින් පටු වී ඇත . තොග වෙළෙඳාම නගරයෙන් පිටතට රැගෙන යාම මගින් උද්ගතව පවත්නා අර්බුද රැසකට විසඳුම් ලබාගත හැකිය. එය නගරයේ පිරිසිදුභාවයට මෙන් ම අලංකරණයට බෙහෙවින් ම බලපානු ඇත.

රටක අගනගරය තුළ ප්‍රධාන බJධනාගාරය පවත්නා එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. එයට අතිශයින්ම වටිනා වාණිජ ඉඩම් අක්‌කර 38 ක්‌ පමණ කොටු වී තිබේ. ඒ වාගේ ම බොරැල්ල ප්‍රදේශය තුළ පවත්නා ගොල්µa ක්‍රීඩා භූමිය අක්‌කර 50 කට අධික පරිමාවකින් යුත් විශාල භූමියකි. ගොල්µa ක්‍රීඩාවේ නිරතව සිටිනුයේ ඉතාමත් සුළු සංඛ්‍යාවකි. එම පිරිස ඇති හැකි අය ය. එහෙයින් එම ක්‍රීඩාව කොළඹ නගරයෙන් පිටතට රැගෙන යාම ඔවුන්ට ද අපහසුවක්‌ නොවනු නිසැකය. එවැනි භූමි නිදහස්‌ කර ගැනීම තුළින් කොළඹ නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වේ. එමගින් නාගරික අලංකරණය ඇතුළු සංවර්ධන ක්‍රියාවළියට අදාළ අරමුණු ඉටු කර ගැනීමට හැකිය.

එවැනි කටයුතු පසුගිය පාලන සමයන්හිදී කථා බහට ලක්‌ වුවත් අසාර්ථක වූයේ දේශපාලනික බලපෑම් හේතුකොට ගෙනය. නමුත් එම බාධක ජය ගැනීමට සුදුසුම යුගය මෙය බව අවධාරණය කළ යුතුය. එයට මුඛ්‍යතම සාධකය වනුයේ මෙදා නාගරික සංවර්ධන විෂය භාරව සිටිනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හෙයිනි. නගර අලංකරණ හා නාගරික සංවර්ධන ක්‍රියාවලිය සවර්ප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට සුදුසුම යුගය මෙය වන්නේ ද එම පසුබිම තුළය. 

නාගරික සංවර්ධනය හා රටේ සංවර්ධනය එකම කාසියක දෙපැත්ත මෙනි. එම අභියෝගය ජය ගැනීම ශ්‍රී ලාංකීය මුළු මහත් සමාජයට ම අභිමානයක්‌, කීර්තියක්‌ අත්කර දීමට සමත්වීමත් නිසැකය. එම උතුම් ක්‍රියාවලියට අද දින විරුද්ධ වන්නා හෙට දවසේ ආශිර්වාදය කරනු නිසැකය. නාගරික සංවර්ධන හා භූමි අලංකරණ ක්‍රියාවලියට අප ආශිර්වාද කළ යුත්තේ, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ දෑත ශක්‌තිමත් කළ යුත්තේ එබැවිනි. ආණ්‌ඩුව වැඩි බරක්‌ තබා ඇති සංචාරක ව්‍යාපාරයටද එය කදිම ආශිර්වාදයක්‌ වනු නියතය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි

මෙයින් උපුටා ගන්නා ලදී. www.divaina.com







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews