Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.
සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.

ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”
මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය Dec 9 වන දා සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක (රුපියල් කෝටි 14ක) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.