ඉතා පොහොසත් සංස්කෘතියකට , සම්ප්‍රදායන්ට හා කලා ශිල්පයන්ට උරුමකම කියන ලංකා දීපය තුලද ඉහත ලෝක නියමය එලෙසම ක්‍රියාත්මක වේ. කලකදී සාර්ථක සැලසුම් වී, කලාකරුවෙකුගේ දෑතේ ශක්තියෙන් ජීවය ලද, අද වන විට කාලයාගේ ඇවෑමෙන් නෂ්ඨාවශේෂ වූ නිර්මාණ , සංස්කෘති හා කලා ශිල්ප, ලංකා දීපයේ ඉතිහාසයේ හා භූමි බාගය පුරාවටම විහිද පවතී.
පෙර රජ සමයේ ඉදි වූ , වර්තමානයේ ගරා වැටී තිබෙනා ගොඩනැගිලි , රජ පවුල් අතරේ සීමා වී තිබූ අනාගතයේ දිගු කාලයකට පිය සටහන් ඉතිරි කරන්නට නොහැකි වූ සම්ප්‍රදායන්, සංස්කෘතීන් , කලා ශිල්ප ගොන්න අතරින් ඉහත කී කරුණට උදාහරණ දක්වන විශේශිත වූ කලා ශිල්පයකි "ඇත් දළ කැටයම කලාව" පෙර දවස කන්ද උඩරට ප්‍රදේශයේදී පණ පෙවුනු ,පවුල් කිහිපයකට සීමා වී තිබ වර්තමානයේ නෂ්ඨාවශේෂ ව ඇති කලා ශිල්පයකි මෙම ඇත් දළ කැටයම් කලාව.
වන විනාශයන්ගේ, පාරිසරික සහ නීතිමය හේතුන් මත, කාලයාගේ ඇවෑමෙන් කෞතුකාගාරයන්ට පමණක් සීමා වූ ඇත් දළ කැටයම් කලාවෙන් පැන නැගි අපූරූ කලාවකි ''පොල් කටු කැටයම් කලාව''. ඇත් දළ කැටයම් කරුගේ නිර්මාණවල සූක්ෂම භාවය, අලංකෘත බව පුහුණු කිරීම සදහා, ප්‍රථමයෙන් පොල්කටුවල කැටයම් කිරීමේ නිපුණතාව ලබා දී ඇති බවට ජනප්‍රවාදයන් සාක්ෂි දරයි.

මේ පොල්කටු කැටයම් වලට ශක්තිය දුන් ඇත්දළයේ කතාවයි.
www.dhaaru.com
https://www.facebook.com/dhaaru.connect/
0718 222 451