
නෙස්ලේ ලංකා සමාගම තම ලදරු කිරිපිට් වන ලැක්ටජන් ශ්‍රීලංකාවේ පන්නල කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කල අතර දැන් සීයයට සීයක්ම ලදරු කිරිපිටි සඳහා 100% ක් ආනයන බදු සහන යටතේ ඉන්දියාවෙන් රැගෙන එයි. ඒ හරහා දේශීයව කිරි නිෂ්පාදකයාට පහරක් එල්ල වන අතර තත්ත්වයෙන් අඩු ඉන්දීය එලකිරිවලින් නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා අපේ රටේ පාරිභෝගිකයා මුදල් ගෙවයි.
යුනිලීවර් ලංකා සමාගමේ ලක්ස් සහ සන්ලයිට් සබන් පමණක් නොව සිග්නල් ටුත්පේස්ට් පවා ශ්‍රීලංකාවේ නිෂ්පාදනය කල අතර මේ වනවිට ඒ සියල්ලම ඉන්දියාවේ නිෂ්පාදනය කොට තම හොරණ කර්මාන්තශාලාවට ගෙනවිත් ඇසිරුම් පමණක් එහි සිදු කොට අලෙවි කරයි.
මේ අතර එක පැත්තකින් මෙම බහුජාතික සමාගම් ශ්‍රීලංකාවේ දේශිය ව්‍යවසායකත්වය විනාශ කිරිමේ වැඩසටහනක් මෙහෙය වන අතර අනික් පැත්තෙන් ඒ සියලුම වාසිය ඉංදියාවේ පාලනය වන ප්‍රධාන සමාගමට වාසිය ලාබාදීමට ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරයි. මේ අනුව අනාගතයේදි ඉන්දියානුවන් යටතේ පාලනය වන ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කරන ශ්‍රිලාංකිය ජනතාව බිහිකිරිම ඉතා සාර්ථකව කිරිමට අපේ රටේ ආණ්ඩුවේ බදු සහන සහ ප්‍රතිපත්ති මෙම බහුජාතික බූ වල්ලන් උපයෝගී කරගෙන ඇත.
උපුටා ගැනීම - http://lankacnews.com/ඉන්දීය-etca-කරණය-නෙස්ලේ-ලංකා-ස/