දැනටවසර දෙකකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දින සිට මේ දක්වා ගත වු කාලයේදි එම මාර්ගයේ වාහන 68,76,056 ක්ගමන් කර ඇතැයි, වරාය හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
මෙම වාහන වලින් ලැබී ඇති මුළු ආදායම රුපියල් කෝටි 204 ක් පමණ යැයි අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.
මෙම වසරේ ගත වු මාස 9 තුළ අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති ආදායම රුපියල් කෝටි 92 ක් වන අතර, වාහන 31,05,691 ක් ගමන් කර ඇත.
- lanka c news
Tuesday, October 8, 2013
