POSTED ON Monday, April 7, 2014| | Edit Post

මෙගා හීටර්ස් ‘ලෝකල්’ නිෂ්පාදනයක් නෙවෙයි

වරලත් ගණකාධිකාරිවරයකු මෙන්ම ව්‍යාපාර විශිෂ්ටයකු වන ඒ මහතා මෙගා හීටර්ස්හි සම්මානනීය ගමන් මඟ පිළිබඳ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
අපි මුලින්ම මෙගා හීටර්ස් ආරම්භය ගැන කතා කරමු?
මෙගා හීටර්ස් ආරම්භ කළේ මගේ බිරිඳගේ පියාණන් විසින්. ඒ 1977දී. ඒ කාලේ ජර්මනියෙන් එහෙමත් නැත්නම් ජපානයෙන් ආනයනය කර අලෙවි කරපු හීටර්ස් තමයි ගෙවල්වල තිබුණේ. ඒ හීටරයක් කපලා ඇතුළ නිරීක්ෂණයෙන් පස්සෙ තමයි පළමු වැනි හීටරය ලංකාවේ නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ හදපු හීටරය තමයි මෙගා නමින් අද දක්වා දියුණු තත්ත්වයකට ඇවිත් තියෙන්නෙ.
අද තිබෙන දියුණු තත්ත්වය ලෙස ඔබ අදහස් කළේ?
ඇත්තටම අද දේශීයව හීටර් වෙළෙඳපොළේ 60%-70%ක කොටසක් හිමි කරගැනීමට මෙගා හීටර්ස් සමත්ව තිබෙනවා. ඒ වගේම ගෘහස්ථ හීටරවලින් ඔබ්බට යමින් සියලූම කර්මාන්තශාලා සහ ආයතන සඳහා අවශ්‍ය සෑම වර්ගයකම හීටර නිෂ්පාදනය සඳහා යොමුවී තිබීමත් ආයතනයේ දියුණු තත්ත්වයක්. ලෝකයේ අනෙකුත් සියලූ රටවල හීටර වර්ග 1000ක් නිෂ්පාදනය කරනවා නම් ඒ 1000න් 950ක්ම නිෂ්පාදනය කිරීමට මෙගා හීටර්ස් සතු දැනුම, ශක්තිය අමුද්‍රව්‍ය ඉතා උසස් මට්ටමක තිබෙන බවත් සඳහන් කළ යුතුයි. අද ලංකාවේ හීටර් භාවිත කරන කර්මාන්තශාලා සහ ආයතන ප‍්‍රධාන වශයෙන් අපෙන් ඔවුන්ට අවශ්‍ය සියලූ සේවාවන් සලසා ගැනීමට කටයුතු කිරීමත් ඉතා විශේෂයි. ලංකාවේ දැවැන්ත ආයතනවල අපගේ හීටර භාවිත කිරීම අපි ලද විශාල ජයග‍්‍රහණයක්. සමහර ආයතනවල භාවිත කර ඇති හීටර අපගේ නමින් යොදා නොගත්තත් ඒ බොහොමයක් නිෂ්පාදන මෙරට අපගේ කර්මාන්තශාලාවේදීම සිදුකළ නිෂ්පාදනයන් බව සතුටින් ප‍්‍රකාශ කළ හැකියි. මේ තරම් කාලයක් අපේ රටේ භාවිත කළේ පිටරටින් ගෙනාපු හීටර. නමුත් දැන් පිටරටට ඇදී යන විදේශ විනිමය මෙගා හීටර නිෂ්පාදන හේතුවෙන් 80%කින් පමණ අඩු කර ගැනීමට හැකි වී තිබීමත් ආර්ථික වශයෙන් රටට විශාල ජයග‍්‍රහණයක්.
ඉන් අදහස් කරන්නේ වෙළෙඳපොළ තරගකාරිත්වයක් නොමැති බවද?
1995න් පස්සේ වගේ කාලෙදී චීනයේ නිෂ්පාදිත හීටර බොහෝ සෙයින් ලංකාවේ ජනප‍්‍රිය වුණා. ඒ මොහොතේ මෙගා හීටරවලට චීන නිෂ්පාදන සමග විශාල තරගයක් කිරීමට සිදුවුණා. අවසානයේදී තත්ත්වයෙන් උසස් නිෂ්පාදන හේතුවෙන් මෙගා හීටර්ස් විශාල වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන්න සමත් වුණා. අද චීනයේ නිෂ්පාදිත හීටර ලංකාවේ වෙළෙඳපොළේ දකින්න නැති තරම්. මොකද, ඔවුන්ට ලංකාවේ නිෂ්පාදනය කරන මෙගා හීටර්ස් සමග තරග කිරීමේ හැකියාවක් නැහැ. අපේ කර්මාන්තකරුවන් ලෝකයේ අනෙකුත් නිෂ්පාදන සමග තරග කිරීමට නොහැකි බව පවසද්දී අපි එසේ කළ හැකි යැයි ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් නොබෝ දිනකින් චීනයේ කර්මාන්ත ආයතනයක් සඳහා යොදා ගන්නා විශාල ප‍්‍රමාණයේ හීටරයක් එරටට යැවීමටත් අපි සූදානමින් ඉන්නවා.
හීටර්ස්වලට අමතරව ඒ හා සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදනයක් සිදුවෙනවා නේද?
ඔව්. හීටර්ස් කියන්නෙත් ගෙදරදී වතුර උණු කර ගන්න භාවිත කරන හීටර විතරක් නෙවෙයි. කර්මාන්තශාලා සඳහා අවශ්‍ය හීටර විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ සියලූ දේ නිෂ්පාදනයට අමතරව ඔබ සඳහන් කළ අකාරයේ ඒ හා සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් අපි මේ වනවිට යොමු වී සිටිනවා. හෝමාගම කර්මාන්ත කලාපයේ ඇති අපගේ කර්මාන්තශාලාවේ හීටර්වලට සම්බන්ධ කර්මාන්තශාලා සඳහා වන අවන් හෝටල්වලට අවශ්‍ය බෙන්මාරි, හොට් කබඞ්, හොට් කැබිනට්, වෝටර් බොයිලර්ස් වැනි භාණ්ඩත් මෙහිදී නිෂ්පාදනය වෙනවා. චීනයට අපනයනය කරන අවන් එකක් හෝමාගම කර්මාන්තශාලාවේ නිෂ්පාදනයක්. ඊට අමතරව කිරි කර්මාන්තය වෙනුවෙන් කිරි කල් තබා ගත හැකි ආකාරයෙන් බොයිලේරු නිෂ්පාදනයක් අපි වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවි සැල්වල දැනටත් ඒ නිෂ්පාදනයක් භාවිත කරන ආකාරය දැකගන්න පුළුවන්. ඉදිරියේදී කොළ කැඳ අලෙවි කරන සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙනුත් මේ ආකාරයේ බොයිලේරු නිෂ්පාදනයක් හඳුන්වාදීමට නියමිතයි.
ඊට අමතරව දැනට විදේශ රටවල් සඳහා නිෂ්පාදන අපනයනය කිරීමක් සිදුවන්නේ නැද්ද?
දැනට මාලදිවයිනට අපගේ නිෂ්පාදන අපනයනය කරනවා. ඒ වගේම බංග්ලාදේශයට වක‍්‍ර ලෙස අපගේ නිෂ්පාදන අපනයනය සිදු කරනවා. ඒ වගේම ඉන්දියාවේ වෙළෙඳපොළටත් ඉදිරියේදී මෙගා හීටර්ස් අපනයනය කිරීමට උත්සහ කරනවා. ඉන්දියාව වැනි වෙළෙඳපොළක් සඳහා මේ නිෂ්පාදන අපනයනය කළ හැකි නම් එයත් විශාල ජයග‍්‍රහණයක්. ඒ සඳහා අවශ්‍ය ෂඵෂ සහතිකය ලබා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ මේ වනවිට ක‍්‍රියාත්මකයි.
ඔබ මුලින්ම සඳහන් කළා ඔබගේ නිෂ්පාදන වෙනත් නම්වලින් ලංකාවේ කර්මාන්ත සඳහා යොදා ගන්නා බව. ඇයි එහෙම වෙන්නේ?
මෙහෙමයි, කර්මාන්ත හෝ වෙනත් ව්‍යාපෘති ඉදිකිරීම් භාරගන්නා සමාගම් ඒ සම්බන්ධ පැකේජයක් තමයි ලබා ගන්නේ. එහිදී ඒ කර්මාන්තකරුවන්ට අවශ්‍ය විදේශීය නිෂ්පාදනයක් නම් අපේ නිෂ්පාදන විදේශීය නම්වලින් භාවිත කිරීමට අදාළ ඉදිකිරීම්කරුවන් කටයුතු කරනවා. එහිදී තමයි අපගේ නිෂ්පාදන වෙනත් නම්වලින් යොදා ගන්නේ.
ඒ වුණත් එය ගැටලූකාරී තත්ත්වයක් නේද?
ඔව්. ඇත්තටම ලංකාවේ සමහර පිරිස් ඉම්පෝර්ට් සහ ලෝකල් යනුවෙන් කොටස් 2ක් දක්වනවා. එහිදී ලෝකල් කියන්නෙ ලංකාවේ නිෂ්පාදන. ඒ හඳුන්වාදීමම වැරැුදියි. ලෝකල් කියන වචනය ඇතුළේ බාල, ගුණාත්මක බවෙන් අඩු වගේ අර්ථයක් තිබෙන නිසා ලංකාවේ නිෂ්පාදනවලට හොඳ තැනක් ලැබෙන්නෙ නැහැ. ඒ හඳුන්වාදීමට මම විරුද්ධයි. ලෝකල් කියනවාට වඩා ‘අපේ’ නිෂ්පාදන විදිහට හඳුන්වනවා නම් මේ වගේ ප‍්‍රශ්න එන්නෙ නැහැ. ඒ නිසාම තමයි අපි තවමත් දියුණුවෙමින් පවතින රටක් බවට පත්වෙලා තියෙන්නේ.
ලබාගත් සම්මාන ගැනත් සඳහන් කරමු?
මම 2013 වසරේ ජාතික මට්ටමේ හොඳම ව්‍යවසායකයාට හිමි ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් වුණා. එය දේශීය කර්මාන්තයක් ලෙස අප ලැබූ විශාල ජයග‍්‍රහණයක්. ඒ වගේම ඒ වසරේ බස්නාහිර පළාත් හොඳම ව්‍යවසායකයාට හිමි ලෝකඩ සම්මානය දිනාගැනීමටත් මට හැකි වුණා. ඒ සම්මානය ද්විත්වයම මට ලැබුණෙ මහා පරිමාණ ව්‍යාපාර අංශයෙන්. 2012 වසරේදිත්
මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය යටතේ ඉහත සම්මානම දිනාගැනීමට සමත්වීම විශේෂත්වයක්.
2005දී ඉතා පහළම මට්ටමේදී ආයතනය භාරගත් ඔබ අද මේ ආකාරයේ දියුණු තත්ත්වයකට ගෙන ආවේ කොහොමද?
මම මේ ව්‍යාපාරයට එනකොට ඒ ගැන කිසිදු දැනුමක් මට තිබුණෙ නැහැ. නමුත් පොත්පත්, අන්තර්ජාලය තුළින් පමණක් නෙවෙයි රට රටවල ගොස් කර්මාන්තය නිරීක්ෂණය කිරීමෙනුත් මට අවශ්‍ය දැනුම ලබාගන්න හැකිවුණා. ඒ දැනුම ඔස්සේ යමින් ව්‍යාපාරය දියුණුකර ගැනීමටත් ඒ මඟින් අද තිබෙන තත්ත්වයට පත්කර ගැනීමටත් අවකාශ උදාවුණා. අද ලෝකයේ  ඕනෑම රටක මේ ආකාරයේ කර්මාන්තශාලාවක ඇති සෑම යන්ත්‍රෝපකරණයක්ම අප සතුයි. දැනුම, සේවක ශක්තිය වැනි සියලූ දේත් එහෙමයි.
නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කළ යුතුයි. මෙහිදී පැනවෙන බදු ව්‍යාපාරයට බලපාන්නෙ කොහොමද?
ඇත්තටම බදු කියන දේ ව්‍යාපාරයට විශාල ලෙස බලපානවා. නමුත් අපි තවමත් කර්මාන්තයක් විදිහට රජයෙන් කිසිම සහනයක් ඉල්ලලා නැහැ. නමුත් ඉදිරියේදී ඒ දේ ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපට කිසිම බදු සහනයක් නැහැ. බදු සහනයක් නැති වුණොත් කර්මාන්තය ඉදිරියට කරගෙන යාම දුෂ්කරයි. රජයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම ඉතා වැදගත්.
සම්මානය ලැබෙන්න ආයතනික සමාජ සද්කාරක වැඩසටහන් සහ සේවක සුබසාධනයත් වැදගත්?
ඔව්. සමාජ සද්කාරක වැඩසටහන් යටතේ ප‍්‍රදේශයේ සියලූ පොදු කටයුතු වෙනුවෙන් මෙගා හීටර්ස් ආයතනය නොමසුරු දායකත්වය දක්වන්න කටයුතු කර තිබෙනවා. එසේම ආගමික වැඩසටහන් වැනි දේවලදීත් අපේ දායකත්වය ඉතා විශේෂයි. සේවක සුබසාධනය ගතහොත් සේවක වැටුප්, අර්ථසාධක වැනි සියලූ දේ නිසි ආකාරයෙන් ලබාදෙන අතරම සේවකයන් සඳහා වාර්ෂික විනෝද චාරිකා වෙනත් ප‍්‍රියසම්භාෂණ වැනි දේත් පවත්වනවා. ඒ වගේම සේවකයකුගේ විවාහයකදී රුපියල් 15000ක මුදලකුත් කාර්ය මණ්ඩල සේවකයකුගේ විවාහයකදී රුපියල් 25000කුත් ලබාදෙනවා. මරණයකදී ආයතනයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාදීමත් විශේෂයි. W
ebsite:  http://www.megaheaters.com/
Web hosting and Design by slwebhost.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews