POSTED ON Thursday, April 17, 2014| | Edit Post
ශී‍්‍ර ලංකා ටෙලිකොම් දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී ඉදිකෙරේ

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දකුණු ආසියාවේ ප‍්‍රථම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය හම්බන්තොටදී සහ සී-මී-වී 5 ගෝලීය මුහුදු සංදාම ව්‍යාපෘතියේ ගොඩබිම හා සම්බන්ධ වන ප‍්‍රධාන මධ්‍යස්ථානය මාතරදී ඉදිකිරීම් අරඹයි.
ඒ අනුව ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට දකුණු ආසියාවේ ප‍්‍රථම අති නවීන මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකර මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව සැලසි ඇති බව එම සමාගම පවසයි.
ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වන්නා වූ විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වූ මේ පියවර සඳහා ජනාධිපතිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මගපෙන්වීම හා සහයෝගය වෙනුවෙන් සමාගමේ කෘතවේදීතාව පළකිරීමට පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා වෙත සමරු ඵලකයක් පිළිගැන්විණි.
තව කියවන්න
POSTED ON Wednesday, April 16, 2014| | Edit Post
ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් Biofilm නමින් පරිසර හිතකාමී පොහොර වර්ගයක්‌ නේචර් සීක්‍රට්‌ස්‌ ආයතනය විසින් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවෙන් පමණක්‌ ලබාගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන Biofilm නම් මෙම පොහොර පරිසර හිතකාමී සියයට සීයක්‌ ස්‌වාභාවික සහ රසානයනික ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදනයක්‌ වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක්‌ වන මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ වසර 10කට අධික කාලයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර තාක්‍ෂණයක්‌ සොයා ගන්නා ලදී. ලොව ප්‍රතම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම පොහොර මගින් රසායනික පොහොර භාවිතය සියයට පනහකින් පමණ අඩුකළ හැකිය.

තව කියවන්න
POSTED ON Thursday, April 10, 2014| | Edit Post
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 42 වැනි ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගයේදී ශ්‍රී ලාංකීය නව නිර්මාණකරුවන් රන් පදක්කම් 2කින් සහ ලෝකඩ පදක්කම් 2කින් පිදුම් ලැබීය.
පසුගිය අප්‍රේල් 02 සිට 06 වැනිදා දක්වා පැවති 42 වන ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ලෝකයේ විශාලතම නව නිර්මාණ තරගය ලෙස සැළකෙන මේ සඳහා මෙවර රටවල් 45ක නිර්මාණ 700ක් ඉදිරිපත් කර තිබුණු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව,  එකී සියලු නිර්මාණ අතුරින් ප්‍රධාන අංශ දෙකක රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට ශ්‍රී ලාංකේය නව නිපැයුම්කරුවන් වන මංජු ගුණවර්ධන, හේලි සෙනෙවිරත්න, මනෝජ් ගල්ගමුව, වෛද්‍ය රිෂාඩ් මොහොමඩ් සහ අයිමාස් ෆිරෝෂ් සමත් විය.
තව කියවන්න
POSTED ON Monday, April 7, 2014| | Edit Post

මෙගා හීටර්ස් ‘ලෝකල්’ නිෂ්පාදනයක් නෙවෙයි

තව කියවන්න
POSTED ON Monday, March 31, 2014| | Edit Post
වයසින් මුහුකුරා ගියද හිතින් තරුණයින්ටත් වඩා තරුණ අතිවිශිෂ්ට සංගීතඥයෙක් ලංකාවේ සිටිනවානම් ඒ අමරදේව මාස්ටර් පමණක්ම විය යුතුය. 
ඇතැම් ප‍්‍රවීන කලාකරුවන් තරුණයින් තමන්ගේ ගීත තරුණයින් ගායනා කරනවා යැයි නඩුමගටද බසින කාලයේ අමරදේවයන් තමන්ගේ ගීත තරුණයින් විකෘති කර ගායනා කිරීම පිළිබදව කතාකරන්නේ සිනාමුසුවය. ඒ ඔහුගේ පරිණතභාවය විය යුතුය. අප මේ කියන්නට හදන්නේ එක්තරා සංගීත ප‍්‍රසංගයක් අතරතුර "පෙරදිනයක මා පෙම්කල යුවතිය" නම් අමරදේවයන්ගේ ජනප‍්‍රිය ගීතය පිළිබදව ඔහු තැබූ පෙරවදනක් සම්භන්ධයෙන්ය. 
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් එම ගීතයට ඔවුන්ගේ වචන යොදා වෙනස් කර සාදා තිබූ නව නිර්මාණයක් මාස්ටර්ටද අසන්නට ලැබුණාලු. ඊට අමතරව එම ගීතයම කැළණිය විශ්ව විද්‍යාල සිසුන්ද වෙනස් කර ගායනා කලාලු. 
තව කියවන්න
POSTED ON Saturday, March 29, 2014| | Edit Post
දවසේ එදිනෙදා සිදුවන සිදුවීම් ඔබේ ජීවිතයට කෙසේ බලපාන්නේද? හොද හෝ නරක සියලු දේ තුලින් ඔබ යමක් ඉගෙන ගන්නේද? වරක් කරපු වැරැද්දක් නැවතත් කරන්නේද? ජීවිතේ සිදුවන සිදුවීම් නිසා ඔබ ඉන්නේ පීඩනයකින්ද? මේ සියලු දේ එකම තැනකින් බලාගැනීමට මෙන්ම. ජීවිතේ උගත් පාඩම් තුලින් අනාගතය සාර්ථක කරගැනීමට පහසු විදියක් තිබේද?

කොටින්ම කිවහොත් ජීවිතය සමබරව තබාගැනීමට පහසු විදියක් ගැන සිතීමට කාලය ඇවිත්. එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්වීම් පහසුවෙන් නිරීශණය කල හැකි ඇප් එකකි LiveZen. පහසුවෙන් තමුන්ගේ feeling changes බලා ගැනීමට මෙන්ම සමස්තයක් වශයෙන් දවස සාර්ථකද අසාර්ථකද යන්න බැලීමට හැකි දිනපොතක් ලෙසද මෙය භාවිතා කල හැක.


දවසේ feelings වල වෙනස්වීම් monitor කිරීමට හැකි app එකකි. දැනට Windows Phone සහ Windows 8.1 apps නිකුත් කර තිබේ. reviews 250කට අධික ගනනකින් rating 5න් 4.5ක් ලැබී ඇත.

Windows Phone App Url:
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews