POSTED ON Monday, March 31, 2014| | Edit Post
වයසින් මුහුකුරා ගියද හිතින් තරුණයින්ටත් වඩා තරුණ අතිවිශිෂ්ට සංගීතඥයෙක් ලංකාවේ සිටිනවානම් ඒ අමරදේව මාස්ටර් පමණක්ම විය යුතුය. 
ඇතැම් ප‍්‍රවීන කලාකරුවන් තරුණයින් තමන්ගේ ගීත තරුණයින් ගායනා කරනවා යැයි නඩුමගටද බසින කාලයේ අමරදේවයන් තමන්ගේ ගීත තරුණයින් විකෘති කර ගායනා කිරීම පිළිබදව කතාකරන්නේ සිනාමුසුවය. ඒ ඔහුගේ පරිණතභාවය විය යුතුය. අප මේ කියන්නට හදන්නේ එක්තරා සංගීත ප‍්‍රසංගයක් අතරතුර "පෙරදිනයක මා පෙම්කල යුවතිය" නම් අමරදේවයන්ගේ ජනප‍්‍රිය ගීතය පිළිබදව ඔහු තැබූ පෙරවදනක් සම්භන්ධයෙන්ය. 
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් එම ගීතයට ඔවුන්ගේ වචන යොදා වෙනස් කර සාදා තිබූ නව නිර්මාණයක් මාස්ටර්ටද අසන්නට ලැබුණාලු. ඊට අමතරව එම ගීතයම කැළණිය විශ්ව විද්‍යාල සිසුන්ද වෙනස් කර ගායනා කලාලු. 

අමරදේව මාස්ටර් පේරාදෙණිය සරසවියට ගී ගයන්නට ආරාධනා ලැබ ගිය දිනක විමසුවාළු ,මම ඔබේ ගීය ගයන්නද? නැතිනම් මගේ ගීය ගයන්නද?, කියලා.
නෑ... නෑ... සර් ඔබ ඔබේ ගීය ගයන්න, කියලා පිරිස කිව්වලු.

ඒ පිළිබදව මාස්ටර් කියන්නේ මේ ආකාරයෙනි.



අමරදේවයන්ගේ රසඥතාවය තිබෙන්නේ කොයිතරම් උසස් තැනකදැයි ඔබට මෙයින් පැහැදිලි වනු ඇත. තරුණයින් හා ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ගැන මේ වයෝවෘද්ධ සංගීතඥයා කොයි තරම් හොද අවබෝධයකින් සිටිනවාදැයි ඔබට තේරුම් යනු ඇත. වී කරළ මෝරත්ම එය බිමට නැමෙන්නාසේ දැනුමෙන් උගත්කමින් පෝෂණය වූ මිනිසා වඩ වඩාත් නිහතමානි වන බවට අමරදේව මාස්ටර් හොදම උදාහරණයකි.

Source : http://gossip.hirufm.lk/926/2014/03/amaradewa-hiru-gossip

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews