POSTED ON Wednesday, April 16, 2014| | Edit Post
ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් Biofilm නමින් පරිසර හිතකාමී පොහොර වර්ගයක්‌ නේචර් සීක්‍රට්‌ස්‌ ආයතනය විසින් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවෙන් පමණක්‌ ලබාගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන Biofilm නම් මෙම පොහොර පරිසර හිතකාමී සියයට සීයක්‌ ස්‌වාභාවික සහ රසානයනික ද්‍රව්‍යවලින් තොර නිෂ්පාදනයක්‌ වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක්‌ වන මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ වසර 10කට අධික කාලයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර තාක්‍ෂණයක්‌ සොයා ගන්නා ලදී. ලොව ප්‍රතම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම පොහොර මගින් රසායනික පොහොර භාවිතය සියයට පනහකින් පමණ අඩුකළ හැකිය.



Biofilm නම් මෙම පොහොර වර්ගයෙහි බැර ලෝහ වන කැඩ්මියම්, ආසනික, ලෙඩ් සහ මර්කරි වැනි ලෝහ අඩංගු නොවන අතර සිරුරට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් කිසිවක්‌ මෙම නිෂ්පාදනයේ අඩංගු නොවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි වගාව තේ බැවින් නව පොහොර තේ වගා කරන ප්‍රධාන ප්‍රදේශවල, තේ පර්යේෂණ ආයතනයේ සහය ඇතිව වසර ගණනාවක්‌ සාර්ථකව අත්හදා බලා තිබේ. ඒ අනුව Biofilm පරිසර හිතකාමී පොහොරවල ප්‍රථම නිෂ්පාදනය Biofilm -T නමින් තේ වගාව සඳහා නිපදවා ඇත.

මෙම පොහොර වර්ගය සමස්‌ත පොහොර සඳහා වැය වන පිරිවැය අඩුකර, වසර පුරා උපරිම ඵලදාවක්‌ ලබාදීම, පසේ පාරිසරික සාධක වැඩිකර උසස්‌ තත්ත්වයේ තේ වගාවක්‌ ඇති කිරිම, පසේ ජලය ර¹ පැවැත්ම වැඩිකර නියඟයන්ට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම, පසේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ගහනය වැඩි කර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කිරීම කරනු ලබයි.

Divaina.lk

Videos from internet 





Web hosting and Design by slwebhost.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews