බටහිර ලෝකයේ කාබනික වගාවෙන් ලැබෙන භෝගවලට වැඩි ඉල්ලුමක් හා මිලක් ලැබෙන්නේ ඒවා ගුණාත්මක අතින් ඉහළ නිසයි. ජාන තාක්ෂණය, භෝග ස්වාභාවිකත්වයෙන් ඈත් කරනවා. ඒවා හරියට “බ්රොයිලර් චිකන්” වගේ.
පැරැණි සහල් අක්කරයට බුසල් 60ක් 70ක් එද්දි අද සහල් බුසල් 110ක් පමණ ලැබෙනවා තමයි. නමුත් ගුණාත්මක බවින් අඩුයි. සාමාන්‍යයෙන් බත් පිඟන් දෙකක් කන කෙනකුට පැරණි සහලින් බත් පිඟන් භාගයක් පමණ තමයි කන්නට හැක්කේ. ඒ නිසා අස්වැන්න අඩු වීම හා පරිභෝජනය අතර ගැටලුවක් ඇති වන්නේ නෑ. වගා බිම්වල විශාලත්වය වෙනසක් විය යුත්තේ ද නෑ.

අනෙක කෙඳි සහිත ආහාර, ආහාර මාර්ගයේ කාර්යක්ෂමතාවට වගේමපිළිකා කාරක පටලවාගෙන පිටට ගෙන ඒමට හේතු වනවා. ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩි නිසාත් සෛලවල වර්ණදේහවලට සිදුවන හානි වළක්වන නිසාත් පිළිකා වළකිනවා. සිරුරට ඇතුළු වන බැර ලෝහ ආදියේ විෂ නිෂ්ක්‍රීය කරනවා. බඩවැලේ අපහසුතා, ගැස්ට්‍රයිටිස්, මළබද්ධය, ලේ ගලනය අඩු කරනවා.
අනෙක් අතට මොළයේ, හන්දිපත්වල, ඇටමිදුලුවල, ප්‍රතිශක්තිකරණයේ, මවුවරුන්ගේ කිරි වැඩීමේ ක්‍රියාකාරීත්ව වැඩිවෙනවා. මෙයට හේතුව විටමින, ප්‍රෝටීන, කැල්සියම් හා යකඩ ආදී පෝෂණ ගුණාංග ද පැරැණි සහල්වල වැඩි වීමයි. බෝ නොවන රෝග ලෙස හඳුන්වන දියවැඩියාව, පිළිකා ආදිය වැඩි වීමට හේතුව පරිසරය හා ජාන අතර වෙනස වැඩි වීමයි. ස්වාභාවික ආහාරවලින් ජාන විකෘතිය නවතිනවා.රසායනික ද්‍රව්‍ය වගාවට අනවශ්‍ය නිසා ශරිරයට විෂකාරක ඇතුළු වන්නේ නැහැ.අපට වඩා වසර තිහ හතළිහකට පෙර අය දිගුකලක් නිරෝගීව, ගෙදරදොර වැඩ කරගෙන ජීවත් වීමට හේතුව ඔවුන් සොබාදහමට අනුකූල කෑම ගැනීමයි.
අද උතුරු නැගෙනහිර අය පවා ඉට්ලි වැනි ආහාර වෙනුවට කෙටිකෑම වර්ගවලට පුරුදු වෙලා. වානිජ ලෝකයේ සිදුවන දේවල් අපට නතර කරන්න බෑ. නමුත් අප ගෘහ භාණ්ඩ, පොත්පත්, වාහන ආදිය ගැනීමේදී ගුණාත්මක බව සලකතවා වගේම තමන්ගේ ශරීරයට ඇතුළු කරන ආහාරය ගැනත් ඉතාම සැලකිලිමත් විය යුතුයි.
මොකද අද වන විට බෝනොවන රෝග දරුවන්ටත් ඇවිත්. දියවැඩියාව අපේ දරුවන්ගෙන් සියයට 11ට වැලඳිලා. මෙය තවත් වැඩි වුණොත් වසර 15දි පමණ ඇස්, වකුගඩු, හෘදය රෝග,මොළයේ විකෘතිතා ඇති පිරිසක් තමයි ඉතිරිවන්නේ. එනිසා නිවැරැදි ආහාර වේලක් ගැනීම පිළිබදව කියා දීම අපේ යුතුකම වන අතර තමන්ගේත් දරුවන්ගේත් සුවය සඳහා එය පිළිපැදීම ඔබේ වගකීමයි.