වර්ෂ 1908 දී මඩකලපු මුහුද අවට ගිලීගිය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ
නැව සොයා ගැනේ
නැව සොයා ගැනේ
[නැව සොයා ගැනීමේ මෙහෙයුමට සහභාගි වූ කිමිදුම්කරුවන් සහ එම කාර්යයට සහභාගි වූ පිරිස ඡායාරූපවලින් දැක්‌වේ.]
කිරිසුදු වෙරළ මතින් ඈත ගැඹුරු මුහුදේ සුන්දරත්වය සත්තකින්ම මනහරය. දේදුනුq වර්ණයෙන් සුසැදී රුවැති මසුන් එක යායට එක රෑනට ඒ මහා දියඹේ ඒ මේ අත පිහිනති. පරිසරයේ මේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක් කියෑවෙන ගිලී ගිය නැවක් පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස් තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරනු ලැබූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස් තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව හඳුනා ගැනීමට පසුගියදා ඔවුහු සමත් වූහ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ සිදු කරනු ලැබූ ගවේෂණවලදී මෙතෙක් මේ ප්‍රදේශයේ ගිලීගොස් තිබූ නැව් 17 ක් සොයා ගැනීමට ද හැකිවී ඇති බව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
මේ නැව සම්බන්ධයෙන් තොරතුරු පරිශීලනය කළ මේ ඒකකයේ ගවේෂණ නිලධාරී රුක්‌ෂාන් ප්‍රියනන්දන මහතා අතීත නැව් වාර්තා අධ්‍යයනය කරමින් මේ නැව 1908. 09. 26 වැනි දින මඩකලපුව නාවලඩි කලපුව අසල මුහුදේ ගිලීගොස් තිබූ සර් ජෝන් ජැක්‌සන් නමැති නැව බව තහවුරු කරගෙන ඇතැයි හෙතෙම පැවසීය.
මේ නැව පිළිබඳව පළමු ඔත්තුව ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ කිමිදුම්කරුවකු වන ජී. යෝගරාජා නමැති අයකු බව හෙතෙම පැවසීය.
එදා සයිගොන් ලෙස හඳුන්වනු ලැබූ වර්තමාන වියට්‌නාමයේ හෝචිමින් වරායේ සිට කොළඹ හරහා ලන්ඩනයට සහල් සහ තිරිඟු පටවාගෙන යමින් සිටියදී නැවෙහි ගල් අඟුරු හිඟ වීම නිසා ඒවා ලබා ගැනීමට ගොඩබිම ආසන්නයට පැමිණීම හේතුවෙන් මේ නැව මෙසේ මුහුදු බත්වී ඇතැයි රුක්‌ෂාන් මහතා තවදුරටත් පෙන්වා දෙයි.
මෙය බොයිලේරු පහකින් සහ අවර පෙති දෙකකින් යුක්‌ත නැවක් වුවද නැවට සම්බන්ධව එහි තිබුණේ එක් අවර පෙත්තක් බවත් අනෙක වෙනත් තැනක තිබී හමුවූ බවද පවසයි.
නෞකාවේ සම්පූර්ණ බර ටොන් 4231 කි. එහි කපිතාන්වරයා ඩබ්. ගීන් නමැත්තෙකි. නැව නිපදවා ඇත්තේ 1905 දී නිව් කාසල්හී නොදම්බර්ලන්ඩ් නැව් නිපදවන ආයතනය විසිනි. පසුව මෙය ලන්ඩනයේ වෙස්‌ට් මිනිස්‌ටර් සමාගම යටතේ එම සමාගමේ නැවක් ලෙස ලියාපදිංචි කර ඇති අතර එහි දිග අඩි 360 කි. පළල අඩි 47 අඟල් 6 ක් සහ ගැඹුර අඩි 20 ක් පමණ වේ.
මේ කාලය වනවිට මඩකලපුව ආශ්‍රිත මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියෑළෙන ලාංකික ධීවරයන්ගේ පහසුව පිණිස වෙරළේ ලාම්පු සවි කර තිබිණි. එම එළි ඔස්‌සේ මේ නැව ගමන් කිරීමේදී සලකුණු වැරදීමෙන් නැව බී්‍රනස්‌ෂෝල් ගල් පරයේ වැදී අනතුර සිදුවී ඇති බවත් මීට පෙර මෙවැනිම ආකාරයේ තවත් නැවක් මේ ගල් පරයේ හැපී ගිලී ගොස් තිබූ බව ද පවසන රුක්‌ෂාන් මහතා එම නැවද මේ නැව අසලදී සොයා ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැවසීය.
අනතුරට පත්ව ඇති මේ නැව හැපුණු ඉහත කී කොරල් පරය ඉතා දැකුම්කළු එකකි. ඒ අසල විසිතුරු මසුන් බහුලව දැකිය හැකිය. මේ දසුන දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොල සපුරාලිය හැකි දර්ශනයක් බව පෙනී යයි. ඒ අතර මේ ගිලුණු නැව් නැරඹීම සිය විනෝදාංශයක් කරගෙන සිටින බොහෝ දෙස් විදෙස් පිරිස් මෙයට ඒකරාශී කර ගැනීමට හොඳ සංචාරක ව්‍යාපෘතියක් ඇරඹිය හැකි බවද රුක්‌ෂාන් මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය සම්බන්ධීකරණය කර දුන් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතාගෙන් ලද සහාය ස්‌තුති පූර්වකව සඳහන් කරමි.

ලිපිය උපුටා ගැනුනේ බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් විසින් සම්පාදිත දිවයින පුවත්පතෙනි.
Origins of a steamer that sunk off the cost of Batticaloa found
Images from Hirunews.lk with special thanks.