මෙරට සංචාරක ව්‍යාපාරයේ නවෝදයක් ඇති කරමින් වසර 2016වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශ සංචාරකයින් සදහා අලුතින් හෝටල් කාමර 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ සංස්කෘතික ත්‍රිකෝනයක ඉදිවූ ප්‍රථම හෝටලය වන සීගිරියේ අලියා හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනවාරි 18වන සෙනසුරාදා පෙරවරු 10.52ට සුභ මොහොතින් විවෘත කරන ලදී. අලුතින් ඉදිකරන ලද අලියා හෝටලය සදහා රුපියල් බිලියන 1.4ක් ආයෝජනය කර ඇති අතර කාමර සංඛ්‍යාව 96ක් වන අතර...
විවෘත කිරීමේ උත්සවට මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර ගුණරත්න, අලියා හෝටලයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ සහ දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපති කේ.ඩී. සෝමතිලක යන මහත්වරුන් ඇතුළු ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වූහ. සංචාරක ව්‍යාපාරය රටේ සෑම ජනතාවගේ දියුණුව ඉලක්කකර ගනිමින් සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවද ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් තම රටේ දිළිදුබව තුරන් කිරීම සදහා සංචාරක ව්‍යාපාරය යොදා ගන්නා බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

සියළුම පහසුකම්වලින් සමන්විත තරු හතරේ හෝටලයක් වන අලියා හෝටලයේ පැරණි වගා උපකරණ සහ සම්ප්‍රදායන් පිළිබදව දැනුම ලබාදෙන ගොවි කෞතුකාගාරයකින්ද සමන්විතය. වසර 2016වන විට සංචාරකයින් ලක්ෂ 25ක ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණීය කර ගැනීමේ රජයේ වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්කයන් ඉක්මවමින් පවතින අතර වසර 2013දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,274,593කි. ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි ඉකුත් 2013 රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.45කි. එම කාලය තුළ සංචාරක ආර්ථිකය මගින් සෘජු රැකියා 112,550ක් සහ වක්‍ර රැකියා 157,600ක් බිහිවිය. එමෙන්ම එම වසරේදී නව හෝටල් 43ක් සංචාරක කේෂේත්‍රයට එක්වූ අතර සංචාරක කර්මාන්තය හරහා රටේ සියළු ජනතාවට ප්‍රතිලාභය ලබාදීම රජයේ අරමුණ වී තිබේ.
Source : Ministry of Economic Development