මෙරට සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් දිවයිනේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය වන පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අප්‍රේල් 17දා විවෘත කිරීමට නියමිතය.
පින්නවල – අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය මෙරට ට ආවේණික සතුන් සඳහා වෙන් කෙරෙනු ඇත.
ඒ අනුව දිවියන්, වළසුන්, මුවන්, කිඹුලන් සංරක්ෂණය කර ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වනවා.
මෙම එළිමහන් සත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862ක් වැය කර ඇති අතර, ඉන් මිලියන 488ක් මහා භාණ්ඩාගාරය මගින් ලබා දී ඇත.
– news.lk