
පාම් ස්ප‍්‍රින්ග්ස්හි පළවන ඩෙසර්ට් සන් පුවත්පත විසින් මේ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් පසු වහාම පරීක්‍ෂණයක් සිදුකිරීමට පියවර ගත් බව ඇමරිකානු වනාන්තර සේවාව නිවේදනය කර ඇත.
සැන් බර්නැන්ඩිනෝ වනාන්තරය හරහා නළ භාවිතයෙන් ජලය ගෙනයාමට නෙස්ලේ වෝටර්ස් සමාගමට ලබාදී තිබූ අවසරය 1988න් පසු අහෝසි වී ඇතැයි පැවසේ.
ඒ පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොකර වසරක් පාසා ජලය ගැලූම් මිලියන ගණනක් ලබාගැනීමට ඉඩහැරීම විසින් සිදුවූ පාරිසරික බලපෑම මෙතෙක් සොයාබලා නැති බව ඩෙසර්ට් සන් වෙනුවෙන් මාධ්‍යවේදී ඉයන් ජේම්ස් පවසා තිබිණි.
කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ ඓතිහාසික නියං තත්වයක් ඇති අවස්ථාවක ස්ට්‍රෝබෙරි කැනියොන් ප‍්‍රදේශයේ දිය උල්පත් වලින් නෙස්ලේ සමාගම අලෙවි කරන ඇරෝහෙඞ් 100 බෝතල් කරන ලද ජලය නිපදවනු ලැබේ.
කරුණු හෙළිදරව් කරනු ලැබීමෙන් පසුව මේ පිළිබඳ සොයාබැලීම ප‍්‍රමුඛ කාරණයක් ලෙස සලකන බව සැන් බර්නැන්ඩිනෝ ජාතික වනෝද්‍යානයේ සුපරීක්‍ෂක ජෝඩි නෝයන් පවසා ඇත.
ස්විට්සර්ලන්ත සමාගමක් වන නෙස්ලේ සමාගමට අනුබද්ධ නේස්ලේ වෝටර්ස් සමාගම ඇමරිකාව තුළ බෝතල් කළ ජලය නිපදවීමේ ප‍්‍රමුඛ සමාගමද වේ.
උපුටා ගැනීම - ලංකා සී නිවුස්