A.T.G. Hand Craft පිලිස්සීමෙන් රටා මවන ලද කොලපත් නිර්මාණ. මෙම අත්කම් නිර්මාණය සදහා ස්වභාවික කොලපත් පමණක් යොදාගෙන ඇති අතර පිලිස්සීමෙන් මෙම හැඩතල මතු කරගෙන ඇත. කිසිම ආකාරයක රසායනික ද්‍රව්‍ය යොදාගෙන නැත. මෙය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගැබ්වු පරිසර හිතකාමී නිර්මාණයකි.
තව කියවන්න
    අනාථවන අලි ඇතූන් රැක බලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මාර්ග අංක A 01 දරන කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ලේ සිට 82km කණුව අසලින් හැරී උපරිම වශයෙන් 10km ගිය විට පින්නවල හමුවේ. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට 2km පමණ ගිය විට අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධව ඡීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂනාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුකොටගෙන පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වේ. එමනිසා පින්නවල අලි අනාථාගාරය ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රයක් ලෙසද වැදගත් තැනක් ගනී.
තව කියවන්න
ලාංකේය ඇගළුම් ලොවට නව නිර්මාණ සහ නව මෝස්තරකරණය තුළින් නවමු මුහුණුවරක් එක්කරමින් ගමන් ආරම්භ කර ඇති ඉන්කියුබ් කැපිටල් ආයතනයේ, ප්‍රථම නව නිශ්පාදනය ඊයේ දිනයේ (මැයි 9 වන දින) ජර්මනියේ බර්ලින් නගරයේදී, කික් ස්ටාටර් (www.kickstarter.com) තුළින් ලොවට හදුන්වාදෙන ලදී. 
තව කියවන්න
POSTED ON Wednesday, May 3, 2017| | Edit Post



​ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් බිහි කෙරෙනවා. මොන තරම් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්‍රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න එක බොහෝ ආයතනවලට ඉතාම පහසු දෙයක් වෙලා.
තව කියවන්න


ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර  ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.

තව කියවන්න

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews