Showing posts with label රටේ සංවර්ධනය. Show all posts
Showing posts with label රටේ සංවර්ධනය. Show all posts
ලාංකේය ඇගළුම් ලොවට නව නිර්මාණ සහ නව මෝස්තරකරණය තුළින් නවමු මුහුණුවරක් එක්කරමින් ගමන් ආරම්භ කර ඇති ඉන්කියුබ් කැපිටල් ආයතනයේ, ප්‍රථම නව නිශ්පාදනය ඊයේ දිනයේ (මැයි 9 වන දින) ජර්මනියේ බර්ලින් නගරයේදී, කික් ස්ටාටර් (www.kickstarter.com) තුළින් ලොවට හදුන්වාදෙන ලදී. 
තව කියවන්න


ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර  ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.

තව කියවන්න

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.

තව කියවන්න
ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර්  625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ.
තව කියවන්න
ශ්‍රී ලංකික දක්ෂයින් පිරිසක් එකමුතුව අලුත්ම වර්ගයක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවන්නට සුදානම් වේ. එය FoxLa නමින්  ලක්ෂ විස්සකට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවන අයුරෙන් නිර්මාණය කිරීම ඔවුනගේ බලපොරෝත්තුවයි.
තව කියවන්න
POSTED ON Friday, September 2, 2016| | Edit Post
අප ඉදිරියේ ඇති ජාතික අර්බූද සඳහා තිරසාර විසඳුම් සෙවිය යුත්තේ රාජ්‍ය තන්ත්‍රය තුළයි. නමුත් එම කාරණා පිළිබඳ සමාජ දැනුවත් කිරීම් ආරම්භයට සුදුසුම ස්ථානය පාසල් පද්ධතියයි.

බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමකයි. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව විදුලි නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑමයි මෙයට ප්‍රධාන හේතුව. පවතින තත්ත්වයන් මෙසේ ම පැවතියහොත් වසර 2018 පමණ වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් පමණ ඉහළ යාම අනිවාර්ය අහිතකර පියවරයන් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.
තව කියවන්න
ශ්‍රී ලංකාවේ ගුවන්යානා එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන de Havilland Canada සමාගම හා මයික්‍රෝ සමාගම එක්ව මේ ගුවන්යානා කම්හල ඉදි කිරීමට සැරසෙන බවද පැවසේ.

තව කියවන්න
POSTED ON Saturday, September 5, 2015| | Edit Post
ඉවතලන ප්ලාස්ටික් කිලෝ 1කින් ඉන්ධන ලීටර් 1.25ක් අලුත් කම්හල හොරණ ඇරැඹේ

හොරණ පෝරුවදණ්ඩේ විවෘත කළ ඉවතලන ප්ලාස්ටික්වලින් පිරිසුදු ඉන්ධන නිපදවීමේ කර්මාන්ත ශාලාව මඟින් ඉවතලන ප්ලාස්ටික් කැබලි කිලෝ එකකින් ඉන්ධන ලීටර් 1.25 ක් නිපදවන බව එම නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂ හා නිපැයුම්කරු ආනන්ද විතානගේ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Wednesday, April 22, 2015| | Edit Post

දකුණු ආසියාවේ ආදිතම ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ හමුවූ බුලත්සිංහල පාහියන්ගල ඉදිකරමින් තිබූ ප්‍රාග් ඓතිහාසික ස්වභාවික කෞතුකාගාරයේ කටයුතු නව රජය බලයට පත්වීමෙන් පසු නතර කර දමා ඇතැයි පාහියන්ගල විහාරාධිපති පුරාවිද්‍යා ගෞරව ශාස්ත්‍රවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1986 සිට 2012 වර්ෂය දක්වා සිදු කළ කැණීම්වලින් දකුණු ආසියාවේ පැරණිතම මානව අවශේෂ පිළිබඳ තොරතුරු පාහියන්ගලින් සොයාගෙන ඇත. අවසන් වරට 2012 වසරේ සිදු කළ කැණීම්වලදී සොයාගත් ඇටසැකිල්ල අදින් වසර 10,000කට පෙර මියගිය අවුරුදු 18ත් 22ත් අතර වයස ඇති අඩි පහකට වඩා උසැති තරුණියකගේ බවට තහවුරු වී ඇත.
තව කියවන්න
POSTED ON Friday, January 2, 2015| | Edit Post
​එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින 1954 දී ශ්‍රී ලංකාවට පැමිණ ඓතිහාසික ස්ථාන නරඹා මාතලේ සිට ආපසු කොළඹට පැමිණි ගල් අඟුරු දුම්රියේ එංජිම සහ එතුමිය ගමන් ගත් සුඛෝපභෝගී දුම්රිය මැදිරිය රඹුක්කන ඉදිවෙන දුම්රිය කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ අරමුණින් රඹුක්කන දුම්රිය ස්ථානයට ගෙනවිත් තිබේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් මෙරට දුම්රිය ඉතිහාසයේ යටගියාව මතු පරපුරට දැක ගැනීම සඳහා රඹුක්කන දුම්රිය පොළ ආසන්නයේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. රඹුක්කන නගරයේ සිදුවන සංවර්ධනයත් සමග දෙස් විදෙස් සංචාරක පුරයක් බවට පින්නවල අවට ප්‍රදේශ පරිවර්ථනය වෙමින් පවති.
තව කියවන්න
POSTED ON Thursday, January 1, 2015| | Edit Post

​"මහින්ද චින්තන ඉදිරි දැක්ම" තුළින් සබරගමු පළාතේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඇඹිලිපිටිය නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.

කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් හිමි ඇඹිලිපිටිය නගරය සබරගමු පළාතේ, දකුණු පළාතට මායිම් ව පිහිටි සුවිශේෂි ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. 
තව කියවන්න
POSTED ON Wednesday, December 31, 2014| | Edit Post
වත්මන් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට සිය සංවර්ධනය අතිශයින්ම තීරණාත්මක සාධකයකි. සංචාරකයින්ගේ අවධානය ආසියාවේ, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් කෙරෙහිය. ශ්‍රී ලංකා රජය 2016 වන විට ඉලක්‌ක කොට ඇති සංචාරකයන් ලක්‍ෂ 25 ක සංඛ්‍යාව අපේ රටට අද්දවා ගැනීමට සිදු වනුයේ ඉහත කී ආසියානු රාජ්‍යයන් හා තරග කරමිනි. එම රටවල නගර නිර්මාණය, විනය, අලංකාරය, පිරිසිදුභාවය ගත් කල අපේ රටට වඩා ඉතාමත් ඉදිරියෙන් පවතින බව රහසක්‌ නොවේ. අපට තරග කිරීමට හැකි පසුබිමක්‌ නිර්මාණය කිරීමේදී නාගරික සංවර්ධනය අතිශයින් ම වැදගත් වනුයේ ද එහෙයිනි.
තව කියවන්න
POSTED ON Monday, December 29, 2014| | Edit Post
දස වසරක සංවර්ධන ක්‍රියාන්විතයේ අතිමහත් ප්‍රතිලාභ ජනතාව වෙත හිමිකර දී ඇති කාල පරිච්ඡේදයක නාගරික සංවර්ධනයේ ද නවමු වෙනසක් අදවන විට සිදුව ඇත. සංවර්ධනය යනු තවදුරටත් අපේ රටේ ජනතාවට දුරස්ව පවතින දෙයක් නොවේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද චින්තන ඉදිරිදැක්ම ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොට ගත් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත්‍රයකම විහිදී පැතිරී ඇත.

නොවැම්බර් 21 දින ජනතා අයිතියට පත්වන කොළඹ 14, බණ්ඩාරනායක මාවත, මහල් දොළහකින් යුත්, නිවාස 546 කින් සමන්විත ‘සිරිමුතු උයන’ නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පෙත්කෙරිණි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews