ලාංකේය ඇගළුම් ලොවට නව නිර්මාණ සහ නව මෝස්තරකරණය තුළින් නවමු මුහුණුවරක් එක්කරමින් ගමන් ආරම්භ කර ඇති ඉන්කියුබ් කැපිටල් ආයතනයේ, ප්‍රථම නව නිශ්පාදනය ඊයේ දිනයේ (මැයි 9 වන දින) ජර්මනියේ බර්ලින් නගරයේදී, කික් ස්ටාටර් (www.kickstarter.com) තුළින් ලොවට හදුන්වාදෙන ලදී. 

කික් ස්ටාටර් යනු ලොව විශාලතම - නව නිපැයුම් වලට මුල්‍යමය සහ අවශ්‍ය අනෙකුත් සම්පත් ලබා ගැනීම සදහා පිහිටුවා ඇති සහය පද්ධතියකි. The Smartest Smart Shirt නමින් නම් කර ඇති මේ නව නිෂ්පාදනය එලි දැක්වීම සදහා, ජර්මනියේ පිහිටුවා ඇති, නව තාක්ෂණය වෙළදපොල භාණ්ඩවලට ඒකාබද්ධ කිරීමේ ප්‍රමුඛයන් වන කලර්ෆයි (colorfy) සමග ඉන්කියුබ් ආයතනය අත්වැල් බැද ගන්නා ලදී.      

මේ නව නිෂ්පාදනය ඉතා නවීන තාක්ෂණය භාවිතා කරමින්, උපාංග අතින් සහ මොස්තරකරණය අතින්, වෙළදපොලේ ඇති අනෙකුත් තරගකාරී තාක්ෂණික ඇගළුම් වලට වඩා ඉදිරියෙන් සිටින ලෙස නිමවා ඇත. මේ තාක්ෂණය ගැබ්වූ කමිසය, සාමාන්‍ය දින ඇගළුමක් ලෙස භාවිතා කල හැකි ලෙස ඉතා දැකුම්කළු නිමාවකින් සහ මොස්තරයකින් නිමවා ඇත. මේ ඇගළුම තුල ගැබ්ව ඇති තාක්ෂණික විශේෂාංග ගැන බැලීමේදී, අපගේ සාමාන්‍ය දිනකට අවශ්‍ය වන ක්‍රියාකාරකම් සහ වුවමනාවන් වලට ගැලපෙන ලෙසද, කාර්යාලයට පැළදිය හැකි ඇගළුමක් ලෙසද, ක්‍රීඩා ක්‍රියාකාරකමකට  පැළදිය හැකි ලෙසද විවිධත්වකින් ඉදිරිපත්කර ඇත (Casual/Office/Sports).     


මෙහි ගැබ්වී ඇති තාක්ෂණික සහ වුවමනා සපුරාලීමේ විවිධත්වය;


  • කැමරාව, හෘද ස්පන්දන වේග, අංග චලන (gesture) සහ ඉරියව් (posture) හදුනාගැනීමේ සංවේදක. 
  • අතවශ්‍ය දෑ රැගෙන යාමට සලසා ඇති ඉඩ (අව්කණ්ණාඩි, කන් බණුව (ear plugs), මුදල් පසුම්බිය, ජංගම දත්ත ගබඩා, යතුරු, ජංගම දුරකථනය සහ ගමන් බල පත්‍රය)    
  • බොත්තම් රහිත කාන්දම් සවිවීම, RFID තරංග අවහිර කරන ස්ථරය, රහසිගත සාක්කු සහ කන් බහණු සවිවන කාන්දම්.
  • පෞද්ගලික සෞඛ්‍යය තත්වය මැනීම සහ පාලනය කිරීම සදහා ඇගළුමේ ඇති සංවේදක වලින් ජංගම දුරකතනයට දත්ත ලබාගෙන අර්ථදැක්වීමේ හැකියාව (personal health companion).





පහත දක්වා ඇති අන්තර්ජාල යොමුව හරහා මේ නව නිෂ්පාදනය කික් ස්ටාටර් තුල ලබා ඇති ප්‍රතිචාර ඔබට බලා ගැනීමටද, මේ සදහා සහය දැක්වීමද කල හැක.
https://www.kickstarter.com/projects/10eleven9/


ඊයේ දිනයේ පැවති මෙම උළෙලට, ඉන්කියුබ් ආයතනය නියෝජනය කරමින්, ඉන්කියුබ් ආයතනයේ ප්‍රාරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඩිලාන් ගුණරත්න මහතා සහභාගී විය.
ඩිලාන් ගුණරත්න මහතා සහ මේ නව නිශ්පාදනයට අත්වැල් බැදගත් සියලුම දෙනා පැමිණ සිටී ප්‍රේක්ෂකයන් අමතමින් කල හදුන්වාදීම පහත දක්වා ඇති යොමුව තුලින් බලා ගත හැක.
https://www.facebook.com/10eleven9/videos/ 


ඩිලාන් ගුණරත්න මහතා පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අමතමින්


ශ්‍රී ලාංකේය නම, තාක්ෂණික ඇගළුම් ක්ෂේත්‍රයේ ඉහලම මට්ටමක රැදවීමට අවශ්‍ය භාවිත දැනුම සහ නායකත්වය ලාංකේය අපි තුලම ඇති බව ඉන්කියුබ් ආයතනයේ විශ්වාසය වේ. අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණික සහ සැපයුම් දාම සම්බන්ධතා තුළින් සහ නව දැනුම සොය ගනිමින් - නව නිෂ්පාදන අත්හදා බලමින් අන්තර්ජාතික සන්නාමවලට ඉතා උසස් සේවා සැපයීමට ඉන්කියුබ් ආයතනය පියවර තබා ඇත.
මෙය ලාංකේය අපේ ජයග්‍රහණයකි. 

“මේක ඇගළුම් කලාගාරයක්”

 අලුතින් සිතන, අලුත් දේ කරන, සුන්දර තැනක්


ඉතාමත් ශක්තිමත් නායකත්වයන් ඔස්සේ, ඇගළුම් ලොවට නව නිපැයුම් පිරිනමන ඉන්කියුබ් ආයතනය, මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන බ්‍රැන්ඩික්ස් සමග අත්වැල් බැදගත් එකම රෑනක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටිනවා.  


ජාත්‍යන්තර සන්නාමයන්ට අලුත් ඇගළුම් රටා මවන, ඉන්කියුබ් ගමන ඔබට අපූරු අලුත් අත්දැකීමක් වේවි. ඒ අත්දැකීම ඔබටත් නොදැනීම ඔබව මේ ක්ෂේත්‍රයේ නායකයෙක් කරාවි.


එන්න අප හා එක්වන්න - වටිනා අත්දැකීම් තුලින් ඔබ තුල සිටින සැගවුනු නායකයා සොයා ගන්න

කණ්ඩායම් සාමාජික (Team Member), කණ්ඩායම් නායක (Team Leader), සමූහ නායක (Group Leader) ඇතුලු සියලුම තනතුරුවලට බදවාගැනීම් සදහා 076 8388 666 අමතන්න. 

ඉන්කියුබ් කැපිටල් පුද්ගලික සමාගම
606 බී, සිරි සුමනතිස්ස මාවත
නවගමුව දකුණ
 


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews