
මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වේ.
මේ ඔලිම්පියාඩ් තරගය සඳහා රටවල් 41ක් නියෝජනය කරමින් භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ජීව විද්‍යා, පාරිසරික සහ තාක්ෂණ යන අංශ සඳහා ව්‍යාපාති 183ක් ඉදිරිපත් කර තිබිණි.
තරගයට ඉදිරිපත් කළ ව්‍යාපෘති 183 වෙනුවෙන් රන් පදක්කම් 4ක් ලබාදුන් අතර ඉන් දෙකක් නාලන්දියන් ලබා ගනිද්දී ඉතිරි රන් පදක්කම් දෙක ඉන්දුනීසියාව සහ බෙලරූස් රාජ්‍යයන් විසින් හිමිකර ගන්නා ලදී.
ඒඩ්ස් රෝගය වෙනුවෙන් ඉලක්ක ගත ඔෟෂධයක් නිෂ්පාදනය කළ රඛිත දිල්ෂාන් මාලේවනට ලෝක තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට පැමිණෙන්නැයි බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ආරාධනා කර තිබේ.