රටකට අපමණ අගයක් ගෙනෙන මේ වන තීරුව රක ගැනීම අපේ යුතුකමයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න තීරණය කිරීම ඔබට බාරයි. අපේ රටට , අපේ සොබාවදර්මයට, අපේ ගහ කොළට , අපේ සතා සීපාවට ආදරය කරන ඔබ සැමට මේ වෙනුවෙන් හඩනගන්න කෙරෙන අයාචානයයි මේ ....
ගලා බසින ගංගාවෝ අපගේ සොහොයුරෝය ඔවුන් අපගේ ඔරුපාරු එහා මෙහා ගෙනයයි...සියැටෙල් නම් නොදියුනු යැයි හදුන්වන රතු ඉන්දියානු නායකයාගේ දියුනු ප්‍රකාශය ඔබට මතක ඇතුවා ඇත.මේ නොදියුනු මිනිසා කොතරම් නම් දියුනුද.මුදල්ම ජීවිතය කරගත් සමාජයේ ජීවත් වීමට වස්‍ය මූලිකම සාදකය වන හුස්ම පොද නොමිලේ දෙන සොබාදහාම් මාතාවට වින කැටීම ජාති ආගම් කෙසේ උවද අප සියලන්ටම වින කැටීමකි.මේ වනවිට ජාතික උරුමයක්ව පවතින විල්පත්තු වන මාතාව අපෙන් අයැද සිටින්නේ මිනිස්කම නොහදුනන කුරිරු අදමයන්ගෙන් ඇයව ගලවා දෙන ලෙසයි.මෙතෙක් ඇය අපට මුලු ජීවයම ලාබා දුන්නේ කිසිදු ලාබයක් බලාපොරොත්තු නොවීමය අප සියලු දෙනා ඇය වෙනුවෙන් නැගී සිටිමු.
පටු දේශපාලන අවශ්‍යතාවයන් මත මන්නාරම - විල්පත්තු අභයභූමියේ උතුරු ප්‍රදේශයේ සංවේදී වන කලාප හෙළි පෙහෙළි කරමින් තවත් අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබදව අප ඊයේ සී.අයි.ඒ. හරහා හෙළි කළා. මේ ඒ පිළිබද තවත් විමසා බැලීමක්. - හිරු tv
මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.
“මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් නාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්.”
ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.
මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි?
2009 වසරේ සිට 2015 දක්වා මෙම ප්‍රදේශයේ කළ වන විනාශය ගැන ගූගල් ගුවන් ඡායාරූප මෙසේ සාක්ෂි දරයි.