ලොව ප්රකට සිනමාකරුවකු වූ ඩේවිඩ් ලීන් ගේ ridge on the River kwai (බ්රිජ් ඔන් ද රිවර් ක්වායි) චිත්රපටය වෙනුවෙන් 1957 වසරේ ලංකාවේ සිදුකළ රූගත කිරීම් සඳහා ඉමහත් කාර්යය භාරයක් ඉටු කර ඉන් අනතුරුව ජාත්යන්තර සිනමා කර්මාන්තයේ නිරත වූ ‘චන්ද්රන්රත්නම්’ සිය නවතම සිනමා අධ්යක්ෂණය වන ‘කොමන් මෑන්’ චිත්රපටය වෙනුවෙන් ‘මැඩ්රිඩ්’ සිනමා උළෙලේදී සම්මාන රැසක් හිමි කර ගත්තේය.
තව කියවන්න
ක්ලොස්ට්රිඩියම් බොටලීනම් බැක්ටීරියාට Whey Protein අධිසාන්ද්රණය තුළ ඇතුලත් වන නිෂ්පාදන සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යංශය ගත් තීරණය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කරන ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්රී ලංකා සමාගමේ මානව සම්පත් සහ සමාගම් සම්බන්ධතා අධ්යක්ෂ රොෂාන් කුලසූරිය මහතා පවසන්නේ ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්රී ලංකා සමාගම, ශ්රී ලංකාව තුළ අලෙවි වන කිසිදු ෆොන්ටෙරා නිෂ්පාදනයක එකී වේ ප්රෝටීන් සාන්ද්රණය අන්තර්ගතවී නොමැති බවයි.
තව කියවන්න
මේ වන විට ශ්රී ලංකාව තුළ ප්රවර්ධනය කර ඇත්තේ කිරිපිටි බවත්, නමුත් ලෝකයේ දියුණු රටවල් මේ වන විටත් පරිභෝජනය කරන්නේ දියර කිරි බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ආනයනික කිරිපිටි වල ඩී.සී.ඩී (ඩයිසයිමෝ ඩයිමයික්) නැමති රසායනික ද්රව්ය අඩංගු බව තාක්ෂණ පරියේෂණ ආයතනය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) වාර්තාවක් නිකුත් කර තිබෙන බව අද (06) කොළඔ පැවති මාධ්ය හමුවකදී එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදේණිය මහතා සඳහන් කළේය.
තව කියවන්න
Whey Protein අධිසාන්ද්රණය තුළ ක්ලොස්ට්රිඩියම් බොටලීනම් බැක්ටීරියාට ඇතුලත්වන බවට වාර්තාවි ඇති බැවින් ශ්රී ලංකාවට ආනයනය කරන Whey Protein අධිසාන්ද්රණය සහ ඒවා ඇතුලත්ව ඇතැයි සැක කෙරෙන කිරිනිෂ්පාදන තාවකාලිකව වරායෙන් නිදහස් කිරිම අත්හිටුවීමට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.
තව කියවන්න
ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී ‘බොටියුලිනම්’ නම් උග්ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්ෂාවේදී හමු ව තිබේ. මේ සමඟම මහජන චීන බලධාරීන් නියෝග කර ඇත්තේ සියළු ෆොන්ටෙරා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලෙසයි.
බොටියුලිනම් නම් බැක්ටීරියාව මඟින් ආහාර විෂවීම් තත්වයන් වර්ධනය කරන අතර ක්ෂණික මරණ, සහ අංශ භාග තත්වයන්ද ඇතිවන බව වෛද්ය මතයයි.
තව කියවන්න
නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.
රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.
තව කියවන්න
ශ්රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට යෝධ ශක්තියක් වෙමින් "සේද මාවතේ රන්දොටුව" කොළඹ දකුණ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද ජාතියට විවෘත විය.නව වරාය විවෘත කිරීම සනිටුහන් කරමින් ප්රංශයට අයත් පෙගාසස් නෞකාව වරායට පැමිණ ඇති අතර එය ශ්රී ලංකාවට ඉතිහාසයේ පැමිණි විශාලතම නෞකාව ලෙස සැලකේ.
බහාලූම් මෙහෙයුම් කටයුතු සඳහා සියළු නවීන යන්ත්රෝපකරණවලින් සමන්විත මෙම වරාය ඉදිරිකරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වැය කර ඇත.
බහාලූම් 10000 සිට 25000ක් රැගත් ලොව විශාලතම නෞකාවලට පවා ඇතුළුවිය හැකි ලෙස නව වරාය ඉදි කර තිබේ.
ශ්රී ලංකාව ආසියාවේ නාවික කේනද්රස්ථානය බවට පත්කිරීමේ සිහිනය සැබෑ කරන්නක් වන මෙය පසුගිය 2005 වසරේ අත්සන් කළ ගිවිසුමකට අනුව ක්රියාත්මක කර තිබෙන අතර සමස්ත ව්යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,000 කි.
තව කියවන්න