
ආනයනික කිරිපිටි වල ඩී.සී.ඩී (ඩයිසයිමෝ ඩයිමයික්) නැමති රසායනික ද්‍රව්‍ය අඩංගු බව තාක්ෂණ පරියේෂණ ආයතනය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) වාර්තාවක් නිකුත් කර තිබෙන බව අද (06) කොළඔ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදේණිය මහතා සඳහන් කළේය.
එසේ වූවත් අද වනවිට කිරිපිටි වගයක් තහනම් කර ඇති බවත්, එම තහනම කර ඇත්තේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI)විසින් කරන ලද වාර්තාව පදනම් නොකරගෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බොටුලීනම් නැමැති බැක්ටීරියාවක් මෙම කිරිපිටි වල අඩංගු බව චීනය විසින් පැවසීම හේතුවෙන් ආනයනික කිරිපිටි මේ වන විට තහනම් කර අති බවත්, චීනය විසින් නැවත් කිරිපිටි වල බොටුලීනම් නොමැති කියා පැවසූවහෝත් එම කිරිපිටි නැවතත් වෙළඳපොළට මුදා හරිනු ඇති බව ඒ මහතා කළේය.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රටේ අනාගත දරුවන් සම්බන්ධයෙන් සිතා නොබලන බවත්, බහු ජාතික සමාගම් වල අතකොලු වී මෙම නිලධාරීන් ක්‍රියා කරන බවත් ඒ padeniyaමහතා පෙන්වා දෙන ලදී.
දියර කිරිපිටි ලංකාවේ ව්‍යාප්ත කිරීමට මුදල් අමාත්‍යංශය විසින් ගන්නා වූ උත්සාහය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොගන්නා බව ඔහු කියා සිටියේය.
එසේම වෙළඳපොළේ මේ වන විට අලේවි වන වතුර බෝතල් වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේබල් අලවන්නේ එම වතුර බෝතල් වල ආසනික් තිබේනවාද කියා පර්යේෂණයක් කිරීමෙන්ද බව තමන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රශ්න කරන බවද එම අවස්ථාවේදී ඒ මහතා පැහැදිලි කරන ලදී.
දුම් පානය වැලැක්වීම සඳහා සෞඛ්‍ය ඇමති ගත් උත්සාහය අගය කරන බවත්, එසේම මේ සම්බන්ධයෙනුත් මැදිහත් වී ක්‍රියා කරනු ඇති බවත් තමන් විශ්වාස කරන බව පාදේණිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
- Adaderana
උපුටා ගෑනීම - lankacnews.com