POSTED ON Monday, August 5, 2013| | Edit Post
නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක  බලධාරීන් විසින් බිළිඳු කිරි  ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.

ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ  කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික්  විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල  පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.

මූලාශ්‍ර – 01 Russia Bans New Zealand Dairy Giant’s Products Over Botulism
             02  Business Next Article: Obama administration overrules Apple import ban Russia bans all Fonterra products - report

උපුටා ගෑනීම -   lankacnews.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews