Sunday, May 6, 2018
Thursday, March 15, 2018
ලබන පළමු වැනිදා සිට පොලිතින් හා සිලි සිලි බෑග් නිපදවීම වෙළෙදාම පාවිච්චිය තහනම් වේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. එසේ නම් තිබෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර ශක්තිමත් ගඩොලක් හා තුනී ලෑලි නිපදවීමේ ක්‍රමයක් ලොවටම හඳුන්වා දී ඇත. එපමණක් නොව ජීව අඟුරු ප්ලාස්ටික් මිශ්‍රණය නම් එම නිපැයුමට 2017 වසරේ ලොව විශිෂ්ටතම නව නිපැයුම්කරු සම්මානය හිමි රන් පදක්කම හිමිකර ගැනීමට ද ඒ අයියාට හා නංගීට හැකි විය. පසුගියදා තායිවානයේදී පැවැති නව නිර්මාණ තරගයකදී මේ ජයග්‍රහණය අපට හිමි විය.
Wednesday, October 25, 2017
රටේ මේ වනවිට වසර 100 කට වඩා පැරණි සමාගම් වන යුනිලීවර් සිලෝන් සහ නෙස්ලේ ලංකා සමාගමේ ඉහළ කළමනාකරණය සීයයට 60% කට වඩා ඉන්දියානුවන් ගෙන පුරවා ඇති බැව් සාක්ෂි සහිතව පෙන්වීමට හැකිය. ඒ අනුව ඉහත සමාගම් දෙක මේ වනවිට තම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු විශාල ප්‍රමාණයක් ඉංදියාවේ නිෂ්පාදනය කොට ආණ්ඩුවේ බදු වංචා කරමින් අගය එකතු කිරිමේ ක්‍රියාවලිය ශ්‍රීලංකාවේ කරන බව පවසමින් එම නිෂ්පාදන ශ්‍රීලංකාවට ඉංදියාවෙන් ආනයනය කරයි.
Sunday, October 15, 2017
POSTED ON Sunday, October 15, 2017|
                     
 | Edit Post
Labels:Beautiful Sri Lanka  ලස්සන ශ්‍රී  ලංකා,News,Sri Lankan Softwares,videokatha,පුවත්
Tuesday, September 5, 2017
POSTED ON Tuesday, September 5, 2017|
                     
 | Edit Post
Labels:Beautiful Sri Lanka  ලස්සන ශ්‍රී  ලංකා,දේශීය සමාගම්,නව නිපැයුම්
A.T.G. Hand Craft පිලිස්සීමෙන් රටා මවන ලද කොලපත් නිර්මාණ. මෙම අත්කම් නිර්මාණය සදහා ස්වභාවික කොලපත් පමණක් යොදාගෙන ඇති අතර පිලිස්සීමෙන් මෙම හැඩතල මතු කරගෙන ඇත. කිසිම ආකාරයක රසායනික ද්‍රව්‍ය යොදාගෙන නැත. මෙය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගැබ්වු පරිසර හිතකාමී නිර්මාණයකි.
තව කියවන්න
Saturday, September 2, 2017
POSTED ON Saturday, September 2, 2017|
                     
 | Edit Post
Labels:Beautiful Sri Lanka  ලස්සන ශ්‍රී  ලංකා,entertainment,videokatha,Videos
    අනාථවන අලි ඇතූන් රැක බලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මාර්ග අංක A 01 දරන කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ලේ සිට 82km කණුව අසලින් හැරී උපරිම වශයෙන් 10km ගිය විට පින්නවල හමුවේ. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට 2km පමණ ගිය විට අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධව ඡීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂනාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුකොටගෙන පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වේ. එමනිසා පින්නවල අලි අනාථාගාරය ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රයක් ලෙසද වැදගත් තැනක් ගනී.

