ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව තිබු කටුකුරුන්ද පොලිස් විද්‍යාලය මධ්‍යස්ථානය කර ගනිමින් එස්.එස්.එෆ් (SPECIAL STRIKING FORCE) විශේෂ ප්‍රහාරක බලකාය නමින් බිහි වූ අතර 1983.03.01 වන දින විශේෂ කාර්ය බලකා පුහුණු පාසල ලෙස නම් කර නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදී.
මෙම විශේෂ ප්‍රහාරක බලකායේ ප්‍රධාන කාර්යය වුයේ උතුරු ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ආරකෂාව හා එම ප්‍රදේශයන් හි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව පොලිසියට සහාය වීමය. මෙම කණ්ඩායම් අතරින් නිළධාරීන් පිරිසක් 1983 ජුලි මාසයේ ඇතිවු ‘කළු ජුලිය’ නමින් හැඳින්වු ජාතිවාදී කෝලාහලය අවස්ථාවේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ආරක්ෂාවට යොමුකරන ලදි. මෙම කණ්ඩායම වැල්ලවත්ත අයි.බී.සී. මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක විය.
1984 වර්ෂයේ සැප්තැම්බර් 01 වැනිදා විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් ගමන් ගනිමින් සිටි ට්‍රක් රථයකට පේදුරුතුඩුව සහ වැල්වැටිතුරේ අතර මුහුදුබඩ මාර්ගයේදී ත්‍රස්තවාදින් එල්ලකල බෝම්බ ප්‍රහාරයකින් සෙබළුන් 04 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකුට පමණ තුවාල සිදුවිය. මෙය විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ පළමු ත්‍රස්ත ප්‍රහාරය වූ අතර අදටත් මියගිය රණවිරුවන් සිහිකර සැප්තැම්බර් 01 වැනිදා මෙම දිනය සමරනු ලබයි.
1984 දී එස්.එස්.එෆ් (SSF) විශේෂ කාර්ය බලකාය (SPECIAL TASK FORCE) නමින් ප්‍රතිව්‍යුහ ගත කර ආරකෂක අමාත්‍යංශය යටතේ නවීන අවි ආයුධ හා අවශ්‍ය උපකරණ සමග කැළෑ නිළ ඇදුම් ලබාදෙන ලදි. මේ සඳහා එවකට සිටි ජනාධිපති ආරක්ෂක උපදේශක රවී ජයවර්ධන මහතා මූලිකත්වය ගෙන කටයුතු කල අතර පසුව බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ SAS නැමැති විශේෂ බලකායක උපදේශක කණ්ඩායමක් ද දිවයිනට ගෙන්වා විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට පුහුණුව ලබා දෙන ලදී. එවකට අණදෙන නිලධාරීවරුන් ලෙස කටයුතු කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්ණි විජේසූරිය මහතා සහ දිවංගත නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන මහතා විශේෂ කාර්ය බලකායේ උන්තිය සදහා අපරිමිත මෙහෙවරක් ඉටුකරන ලදී.
යාපනයේ රාජකාරි කටයුතු කරමින් සිටි විශේෂ කාර්යය බලකාය පසුව ස.පො.අ. එන්.කේ. ඉලංගකෝන් මහතාගේ එනම් වර්ථමාන පොලිස්පතිතුමාගේ නායකත්වය යටතේ මඩකලපු දිස්ත්‍රික්කයේ රාජකාරී සදහා යොමුකරන ලදි. එහිදි මඩකලපු දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ කල්ලඩි සිට අක්කරපත්තුව දක්වා කදවුරු හතරක් මුලින්ම ඇති කරන ලදි. කිරාන්,කල්ලඩි, කලවංචිකුඩි සහ අක්කරේපත්තු යනු එම විශේෂ කාර්ය බලකා කදවුරු හතරයි.
2009.05.19 වන දින මානුෂික මෙහෙයුම අවසන් වන විට මඩකළපුව සහ අම්පාර ප්‍රදේශයන්හි විකාබ කදවුරු 64 ක් හා උප කදවුරු 20 ක් ස්ථාපිත කර තිබුණු අතර වව්නියාව මන්නාරම ප්‍රධාන සැපයුම් මාර්ගයේද ඕමන්ත සිට පුලියන්කුලම් හරහා කනගරායන්කුලම් දක්වා A-9 මාර්ගයේද ඕමන්ත වැලිඔය මාර්ගයේද විශේෂ කාර්ය බලකාය කදවුරු පිහිටුවා තිබුණි.
1987 දී පාර්ලිමේන්තු සංකිර්ණයට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් සමගම ප්‍රභූ ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරිම ආරම්භ කල අතර එම භාරදූර කර්තව්‍ය විශේෂ කාර්ය බලකාය වෙත පැවරිණී. එහි ප්‍රථිපලයක් වශයෙන් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක කොඨිඨාශය ආරම්භ විය. එතැන් පටන් මේ දක්වා ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද ප්‍රභූන් සෑහෙන පිරිසකගේද ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිය දායකත්වය සපයා ඇත.
නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදි විශේෂ කාර්ය බලකාය විසින් දක්වන ලද දායකත්වය :-
මාවිල්ආරු, සාම්පුර් සහ වාකරේ, තොප්පිගල ඇතුළු මඩකලපුව උතුරු ප්‍රදේශ මුදවාගැනීමේ මෙහෙයුම.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමග නැගෙනහිර සහ උතුරු ප්‍රදේශයන් ත්‍රස්තවාදින්ගෙන් මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුම 2006 ජූලි මස ආරම්භ විය.
මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රධාන වශයෙන් අම්පාර, මඩකලපුව හා වව්නියාව දිස්ත්‍රික්කය තුල ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටි අතර යුධ හමුදාව විසින් ආරමිභ කරන ලද මානුෂිය මෙහෙයුමට ආධාරයක් වශයෙන් පැය 24ක් තුළ මඩකලපුව ප්‍රදේශයේ සම්පූර්ණ ආරක්ෂාව භාර ගෙන යුධ හමුදාවට මානුෂිය මෙහෙයුම අඛණ්ඩව කරගෙන යාමට දායකත්වය ලබා දෙන ලදි.
2006 සැප්තැම්බර් වන විට ශ්‍රි ලංකා යුධ හමුදාවෙන් වව්නතිව් ආරක්ෂක වළල්ල ආශ්‍රිත ප්‍රදේශය විශේෂ කාර්ය බලකාය විසින් භාර ගෙන යුධ හමුදාවට වාකරේ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලදී.
නියතයි ජය මෙහෙයුම (කංචිකුඩිච්චිආරු ප්‍රදේශය)
නැගෙනහිර මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පලවාහැරීම සඳහා කංචිකුඩිච්චිආරු ප්‍රදේශය ආශ්‍රිතව ගරු ආරක්ෂක ලේකම් තුමාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය විසින් 2007 ජනවාරි මස නියතයි ජය මෙහෙයුම ආරම්භ කර සාර්ථකව නිම කරන ලදි.
මඩකලපුව හා තොප්පිගල මුදා ගැනීමේ මෙහෙයුම
විශේෂ කාර්ය බලකාය විසින් ලබා දෙනු ලැබූ සෘජු දායකත්වය යටතේ මඩකලපුව හා තොප්පිගල ප්‍රදේශයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පලවාහැරීම සඳහා සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමට ශ්‍රි ලංකා යුධ හමුදාව සමත් විය. විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ සහ ත්‍රස්තවාදි සංවාද ග්‍රහණය කර ගැනීමේ ඒකක විසින් ලබා දෙන ලද නිවැරදි බුද්ධි තොරතුරු වලට අනුව මෙම යුධ හමුදා මෙහෙයුම දියත් කරන ලදි.
මූලිකවම ඉහත විශේෂ කාර්ය බලකායේ බුද්ධි ඒකකයන් විසින් ලබා දුන් බුද්ධි තොරතුරු වලට අනුව යුධ හමුදා කමාන්ඩෝ බලකායේ දිගුදුර විහිදුම් ඒකකයන් (LRRP) විසින් ත්‍රස්තවාදි බල ප්‍රදේශයන් තුලදී සාර්ථක ඉලක්ක රාශියක් සපුරා ගන්නා ලදි.
විශේෂ කාර්ය බලකායේ කඳවුරු වල ස්ථානගත කර තිබු යුධ හමුදා කාලතුවක්කු සහ මල්ටිබැරල් අවි වලින් (MBRL) ලද වෙඩි බලයද උපයෝගි කර ගනිමින් යුධ හමුදා ප්‍රහාරක කණ්ඩායමි සාර්ථකව එල්.ටී.ටී.ඊ බල ප්‍රදේශයන් මුදා ගන්නා ලදි.
මෙම නැගෙනහිර සම්පුර්ණයෙන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදී අවතැන්වූ ලක‍්ෂයකට ආසන්න සාමාන්‍ය සිවිල් වැසියන් ප්‍රමාණයක් සාර්ථකව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04ක් තුළ නැවත පදිංචි කිරීමටද විශේෂ කාර්ය බලකායට හැකිවිය.
විශේෂ කාර්ය බලකාය විසින් ලබාදෙන ලද දායකත්වය හේතුවෙන් 2007 අප්‍රේල් අවසානය වන විට සාර්ථකව මඩකලපුව ප්‍රදේශය මුළුමනින්ම මුදවා ගැනීමට ශ්‍රී ලංකා යුධහමුදාව සමත්වූ අතර මුදවාගනු ලැබූ ප්‍රදේශ ආවරණය කරමින් කොක්අඩිචෝල, වව්නතව් හා වෙල්ලාවලි නමින් විශේෂ කාර්ය බලකාය නව සේනාංක 03 ක් අළුතින් ස්ථාපිත කරන ලදී.
විකාබය විසින් අඛණ්ඩව ලබාදෙනු ලැබූ සහයෝගයත් සමග 2007 ජූලි 10 වන විට තොප්පිගල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් මුදවා ගැනීමට යුධ හමුදාව සමත් විය. මෙහිදී විශේෂ කාර්ය බලකායේ අධ්‍යක‍්ෂක (මෙහෙයුම්) ලෙස කටයුතු කල දැනට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී නි.පො.ප ආර්. ඩබ්.එම්. සී. රණවන මහතාගේත් ප්‍රාදේශීය අණදෙන නිළධාරී වරුන්ගේ සහ සෙසු නිළයන්ගෙන් ලද දායකත්වය හේතුවෙන් නැගනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුම අති සාර්ථකව නිම කිරීමට හැකිවිය.
උතුර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදි විශේෂ කාර්ය බලකාය විසින් දක්වන ලද දායකත්වය :-
2009 ජනවාරි මස විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් ඕමන්ත - වැලිඔය මාර්ගයේ ආරක‍්ෂක රාජකාරී භාරගනු ලැබීය. 2009 පෙබරවාරි මස ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය උච්චතම අවස්ථාවකට පැමිණි මොහොතේ ශ්‍රී ලංකා යුධ හමුදාවට ආධාරකයක් වශයෙන් ඕමන්ත සිට කනගරායන්කුලම් දක්වා වූ A - 9 සැපයුම් මාර්ගයේ ආරක‍්ෂක රාජකාරී විශේෂ කාර්ය බලකාය විසින් භාරගනු ලැබීය. මේ යටතේ 2009 මාර්තු 03 වන දින වසර 25 කට පසුව A - 9 මාර්ගය ඔස්සේ හමුදා භට කණ්ඩායම් ප්‍රවාහනය කිරීම ආරම්භ කරන ලදී. උතුර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට විශේෂ කාර්ය බලකාය නිළධාරීන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් සහ දැඩි කැපවීමෙන් ලබාදුන් දායකත්වය සදා අමරණීය වනු ඇත.
විශේෂ කාර්ය බලකාය මේ දක්වා පැමිණි ගමන් මගේදි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර හමුවේ නිලධාරින් 462 ක් සහ සුළු සේවකයින් 06 ක් මියගොස් ඇති අතර තුවාල සහ ආබාධිත තත්වයට පත්වූ නිලධාරීන් සංඛ්‍යාව 792 ක් වේ. විශේෂ කාර්ය බලකායේ මිය ගිය විරුවන් සිහිකිරිමේ උත්සවයක් සෑම වර්ෂයකම සැප්තැම්බර් 01 වන දින පවත්වනු ලබයි. එහි දි මියගිය නිලධාරීන් වෙනුවෙන් පිං පමුණුවා ආගමික වතාවත් මෙන්ම මියගිය නිලධාරින්ගේ පවුල් වල දරුවන් සදහා පාසැල් උපකරණ සහ ශීෂ්‍යත්ව පිරිනමන අතර ආබාධිත රණවිරුවන් සදහා අත්වාරු සහ රෝද පුටු ලබාදෙනු ලබයි.
මෙම අභිමානවත් බලකාය පිහිටවා මාර්තු මස 01 වන දිනට වසර 30 ක් සපිරෙන මේ අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ වර්ථමාන අණදෙන නිළධාරී තුමන් වන නියෝජ්‍ය පොලිස්පති ආර්. ඩබ්. එම්. සී. රණවන මහතාගේ උපදෙස් පරිදි ආගමික කටයුතු පෙරටු කරගෙන එය සැමරීමට මේ අවස්ථාවේදී සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අතර 28 වන දින සර්වරාත්‍රික පිරිත් සඡ්ඡායනයක් කොළඹ බෞදධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පැවැත්වෙන අතර ඊට පසුදින මහසංගයා විෂයෙහි දන් පිරිනැමීමක්ද සිදු කෙරේ.
පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) ෆේස්බුක් පිටුව - මෙතනින්
අප රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට අමිල මෙහෙයක් ඉටුකල පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) සම්බන්ධයෙන් තැනූ වටිනා වීඩියෝවක්.ඔබත් නරඹන්න.