"නවසීලන්ත කිරිපිටි සම්බන්ධයෙන් සිදුකරන විකිරණ පරීක්‍ෂාව අතහැර දමන ලෙස නවසීලන්ත බලධාරීන් විසින් තම ආයතනයට බලපෑම් කරන බව පරමානුක ශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන විසින් “රිවිර” පුවත්පතට පවසා තිබේ."
ආහාර වානිජකරණය වීමෙන් සමාජය ලබා තිබෙන “ප්‍රගතිය” පෙන්වන වාර්තාවක් ලෙස සැලකිය හැක්‌කේ බෝ නොවන රෝගයන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනයයි. දැන්වීම් මගින් පෙන්වා දෙන “පෝෂ්‍ය ගුණය” හා “යෝධ බල යෝධ ශක්‌තිය” අවසානයේදී රෝගී මානව පරම්පරාවක් නිර්මාණය කරමින් තිබේ. නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි හා කිරි ආහාරවල ඩයිසයිනමයිඩ් අඩංගුවීම පිළිබඳ වූ කතාව පටන්ගත යුත්තේ මෙතැන් සිටය.
නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි වල ඩයිසයිනමයිඩ් අඩංගු බව සොයා ගැනීමෙන් අනතුරුව එම සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිංගප්පූරුවට හා එංගලන්තයට යවා තිබුණි. ඒ අනුව නවසීලන්තයෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි පිටිවල ඩයිසයිනමයිඩ් රසායනිකය, මිලියනයකට කොටස් 0.33 සිට 15 දක්‌වා අඩංගු වී ඇති බව තහවුරු විය. ඒ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම සාම්පල ලබාගෙන ඒවා විශේෂ රසායනාගාර පරීක්‍ෂණ සඳහා යොමුකරන ලෙස ආහාර සුරක්‍ෂිතතා කමිටුව විසින් පාරිභෝගික අධිකාරියට නියම කර තිබේ.
කිරි පිටි සමාගම් මෙම සිද්ධියත් සමගම බෙහෙවින් කලබලයට පත්වී තිබේ. ඔවුන් විසින් දැන්වීම් හරහා කියාපාමින් සිටින්නේ මෙවැනි විෂ රසායන තම කිරිපිටිවල අඩංගු නැති බවය. අනෙක් අතට තවත් සමාගම් කියා සිටින්නේ තමන් නවසීලන්තයේ කිරි නොගෙන්වන නිසා තම සමාගමේ කිරිපිටි බීමට බිය නොවිය යුතු බවය.
අසූව දශකයේදී ද මේ ආකාරයේ කලබැගෑනියක් කිරිපිටි සම්බන්ධයෙන් දියත් විය. චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ විකිරණ කාන්දුව හේතුවෙන් යුරෝපයෙන් ආනයනය කරන කිරිපිටි සඳහා ලෝකයේ බොහෝ රටවල් එම ආරක්‍ෂිත පියවර ඉදිරියේ යුරෝපයෙන් ගෙන්වන කිරිපිටි සඳහා ශ්‍රී ලංකාවේද විමසීමක් විය යුතු තත්ත්වයක් තිබුණද කිරිපිටි සමාගම්වල බල සම්පන්නතාව ඉදිරියේ ශ්‍රී ලංකාව අනුගමනය කළේ වෙනත් පියවරකි. විකිරණ මගින් දූෂිත වූ කිරිපිටි සාම්පල්, පරමානුක බලශක්‌ති අධිකාරිය විසින් පරීක්‍ෂාකර බැලීමෙන් පසු අධිකාරිය විසින් සිදුකර තිබුණේ නිශ්චිත විකිරණ මට්‌ටම ඉහළ දමා කිරිපිටිවල තිබෙන විකිරණ මට්‌ටම සඳහා ශ්‍රී ලංකාවේ අවසරය ලබාදීමය. එම අවස්‌ථාවේ මාධ්‍ය මගින් කරන ලද මෙහෙවර හේතුවෙන් විකිරණ සහිත කිරි පිටි රටේ ජනතාවට පෙවීම නතර කරනු ලැබීය. මෙහිලා “රාවය” පුවත්පත විශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගනු ලැබුවේ නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වන සමාගම්ය. කිරිපිටි ගෙන්වූ සමාගම්වලට වූ චෝදනාව කරමින් සවිස්‌තරාත්මකව රටට හෙළි කරමින් පුවත්පත ගෙන ගිය ප්‍රචාරය, ඡායා පිටපත් කරමින් ඔවුන් බෙදාහරින ලද අතර නවසීලන්තයෙන්ම පමණයි යන ලේබලය යටතේ තම කිරිපිටි ජනතාවගේ උගුරෙන් පහළට බැස්‌සවීමට සමාගම් කටයුතු කළේය.
අද චක්‍රය කැරකී ඇත්තේ අනිත් අතටය. නවසීලන්ත කිරිපිටි විෂ සහිත නිසා තමන් වෙනත් රටකින් ගෙන්වන කිරිපිටි බොන ලෙස කියමින් සමාගම් විසින් “ගරිල්ලා මාර්කටින්” වැඩේට බැස තිබේ.
කිරිපිටිවල විෂ රසායන අඩංගුව තිබියදීත් සමාගම් වැඩේ අතහැර නැතිවා සේම එක රටක කිරිපිටි වල විෂ තිබෙන නිසා අපේ කිරි වෙනත් රටකින් ගෙනඑන බැවින් බොන්න යෑයි කියමින් තවත් සමාගම්ද තරගයට බැස තිබෙන්නේ දඩයමට මිස දන්සැලකට නොවන බව මේ රටේ පාරිභෝගිකයා තේරුම්ගෙන නැත.
දඩයමේ රඟ පෙන්වන කැටපත් සේ ගෙන හැර දැක්‌විය හැකි තවත් කතාවක් තිබේ. ප්‍රශ්නය සමාගම් පමණක් නොව එම සමාගම් අයත් රටවල්ද අතට ගෙන තිබේ. නවසීලන්ත කිරිපිටි සම්බන්ධයෙන් සිදුකරන විකිරණ පරීක්‍ෂාව අතහැර දමන ලෙස නවසීලන්ත බලධාරීන් විසින් තම ආයතනයට බලපෑම් කරන බව පරමානුක ශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන විසින් “රිවිර” පුවත්පතට පවසා තිබේ.
“1986 වර්ෂයේ නිකුත් කෙරුණු විශේෂ ගැසට් නිවේදනයකට අනුව එදා පටන් අද දක්‌වාම ලංකාවට ගෙන්වන කිරිපිටිවල විකිරණ පරීක්‍ෂා කෙරෙනවා. ඒ අප ආයතනය හරහායි. ඊට හේතු වූයේ ලෝකයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග විකිරණ ලෝකයේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමත් එසේ යම් හෙයකින් තෘණ භූමිවල මෙම විකිරණ තැන්පත්වීම හරහා කිරිපිටිවලටත් මෙම විකිරණ ඇතුළුවීමට ඇති හැකියාව නිසයි. ඒ නිසා ලංකාවට කිරිපිටි තොගයක් ආ විට රේගුව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර අංශයට දැනුම් දෙනවා. ඔවුන් නව තොගයෙන් ලබා ගන්නා සාම්පල අප වෙත යොමු කරනවා. දින දෙකක් ඇතුළත එම සාම්පල පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව කිසිදු ගැටලුවක් නැතිනම් අදාළ කිරිපිටි තොගය නිදහස් කරන ලෙස අපි රේගුවට දැනුම් දෙනවා.
කොහොම වුණත් නවසීලන්තයේ කුඩා කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් අප්‍රේල් මස 30 දා අප ආයතනයට පැමිණ මා හා සාකච්ඡාවක් පැවැත්වූවා. එය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සංවිධානය කරනු ලැබූවක්. ඔවුන් කියා සිටියේ පසුගිය කාලයේම නවසීලන්ත කිරිපිටිවලින් අහිතකර විකිරණ හමු නොවූ නිසා නවසීලන්ත කිරිපිටිවල විකිරණ පරීක්‍ෂා කිරීම නතර කරන ලෙසයි. එහෙත් මම අවධාරණය කළා අපිට ඔවුන්ගේ රටේ කිරි නිෂ්පාදන වෙළෙ¹මට සම්බන්ධ ප්‍රශ්න අදාළ නොවන බව. අපේ රටේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම අපේ වගකීම වන බව කීවා. කිරිපිටි කිලෝවකට මෙම විකිරණ පරීක්‍ෂණය සඳහා වැය වන්නේ සත 20 ක් වැනි සුළු මුදලක්. එයත් ඔවුන්ගෙන් අය කෙරෙන්නක් නොවේ. අවසාන වශයෙන් අපි සඳහන් කළා අපිට නියමිත තත්ත්ව සහතිකයක් හෝ නවසීලන්තයෙන් ලබා දෙන්න කියා.”
ආචාර්ය විඡේවර්ධනගේ ප්‍රකාශයෙන් පමණක් වුවත් කිරිපිටි ප්‍රශ්නයේ බරපතළකම අවබෝධ කරගත හැකිය. සරල ලෙසම ගතහොත් මෙතැනදී නවසීලන්ත රජයට බලපෑම් කළයුතුව ඇත්තේ ශ්‍රී ලංකා රජයයි. “නවසීලන්තයෙන් එන විෂ සහිත කිරි අපේ රටට එවන්න එපා” යනුවෙන් හෝ ඒ බලපෑම් කළයුතුව ඇත්තේ ශ්‍රී ලංකාවය. මෙතෙක් කලක් එවැනි විෂ සහිත කිරිපිටි එව්වානම් ඊට වගකිව යුතුව ඇතැයි නවසීලන්තයට චෝදනා කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවය. නමුත් අපට බලපෑම් ඇවිත් ඇත්තේ නවසීලන්තයෙනි. පාරිභෝගිකයාට තමන් කැමති භාණ්‌ඩයක් මිලදී ගැනීමට තිබෙන අයිතියවත් නවසීලන්ත රජය නොදන්නවා ඇත.
ඒ එක් පැත්තක්‌ය. චර්නොබිල් බලාගාරයෙන් විකිරණ කාන්දුවන විට යුරෝපයෙන් එන පිටිකිරි අපි ටික කාලයකට ඉවත දමා “නවසීලන්තයෙන්ම පමණයි” කිරි බීවෙමු. දැන් නවසීලන්තයෙන් ඩයිසයිනමයිඩ් සහිත කිරිපිටි එන විට ඒවාද යම් කලකට ඉවත දමා වෙන කොහෙන් හෝ එන කිරිපිටි නැවක් දෙස අපි බලා සිටිමු. එසේනම් අපට “පෝෂ්‍යදායී” කිරක් බීමට හැකිවන්නේ කොහෙන්ද?
සෙක්‌කුව වටේ කැරකෙන ගොනාසේ ගොන් කිරි කොහෙන් හෝ පිටිකර එවන තෙක් අපි බලා සිටිමු. නමුත් පෝෂණය ගැන බලනවා නම් කිරි ගැන කතාව කිරි සුදු නොව තද කළුය. කිරිවල ඇති අහිතකර භාවය පිළිබඳව මහාචාර්ය ෆ‍්‍රෑන්ක් ඒ. ඔස්‌කි ග්‍රන්ථයක් රචනා කර තිබේ. ආචාර්ය අචල ජයතිලක විසින් එය කිsරි බොන්නට පෙර සිතා බලමු නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. කිරිවල ඇති අහිතකර තත්ත්වයත් එහි මානවායට රෝග ඇතිකරන කාරකයන් ගැනත් වෛද්‍ය පාලිත සමන් ජයකොඩි පොත් ලියා තිබෙනවා සේම ගමින් ගමට යමින් ඒ ගැන දැනුවත් කිරීම් ද කරමින් සිටියි. ඒ දැනුවත්භාවය රටටම ලැබිය යුත්තකි.
වැඩිවියට පැමිණි පසු කිරි බොන හා අනුන්ගේ කිරි බොන එකම සතා මිනිසාය. අන් කිසිදු සතකු නොකරන කර්තව්‍යයකට මිනිසා යොමු වී ඇත්තේ, එය මිනිස් ගතියක් නිසා නොව සමාගම් විසින් පෝaෂණීය තත්ත්වයකට කිරි පත් කර ඇති නිසාය. මෙය ජාවාරමකට වඩා වැඩිදෙයක් නොවන බව ඒ ගැන සැකසූ පොත පතින් දැනගත හැකිය. සමාගම් කරගෙන යන කාර්යයට අන් ආකාරයකින් උදව් දෙන ක්‍රියාපිළිවෙතක් ආණ්‌ඩුවද කරමින් සිටියි. පිටි කිරි වෙනුවට නැවුම් කිරි බොමු යනුවෙන් ආණ්‌ඩුව යොදන ප්‍රචාරයද අවසානයේ වාසියක් වන්නේ සමාගම්වලටය. ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය තරම් නැවුම් කිරි නිපදවීමේ හැකියාවක් මේ රටට නැත. නැවුම් කිරි නැති විට යළිත් ජනතාවගේ කිරි “උවමනාව” සපුරාලන්නේ පිsටි කිරිය. පිටිකිරිවල තිබෙන දුර්ගුණ සියල්ලම ඒ ආකාරයෙන් නැවුම් කිරිවලද තිබේ. කිරිපිටි ගෙන්වීම සඳහා වාර්ෂිකව රට වියදම් කරන මුදල ඇත්ත වශයෙන්ම ලෙඩ කන්දරාවක් සල්ලි ගෙවා රටට ගෙන්වා ගැනීමකට සමාන කළ හැකිය. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාව දරා ඇති වියදම 2008 වසරේදී රුපියල් මිලියන 31221 කි. 2009 වසරේදී රුපියල් මිලියන 18948 කි, 2010 දී රුපියල් මිලියන 29214 කි, 2011 දී එය රුපියල් මිලියන 38182 කි, 2012 වසරේ එම ප්‍රමාණය රුපියල් මිලියන 39023 කි. මෙම සල්ලි කන්දරාවෙන් ලෙඩුන් තනනවාට වඩා වැඩි දෙයක් කර ඇත්නම් ඒ දැන්වීම්වලට වියදම් කිරීම සහ කිරි සමාගම්වල පිරිසට වැටුප් ගෙවීමය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත්තේ රටේ ජනතාව කෝටි දෙකක් වුවත් වසරකට කෝටි 10 ක් ජනතාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවය. රටේ ලෙඩ්ඩු ප්‍රමාණය වෙන කවරදාකටත් වඩා ඉහළ ගොස් ඇත්තේ මෙවැනි රැවටිලිකාර දේවල්වලින් පෝෂණය පැතීමට ගොස් අමාරුවේ වැටීම නිසාය.
නවසීලන්තයෙන් එන කිරිවල ඩයිසයිනමයිඩ් තිබීමට හේතුව වී ඇත්තේ එරට තණබිම් සරුකර ගැනීම සඳහා යොදන ඩී. සී. ඩී. කෘෂි රසායනය නිසා බව පැවසේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නවසීලන්තයේ කිරි හා කිරි නිෂ්පාදනවලින් 371 ක ඩී. සී. ඩී. කෘෂි රසායන අඩංගුව තිබී ඇති බවය. මෙයින් පෙනී යන්නේ කිරිවල පමණක් නොව බටර්, චීස් ආදී දේවලද මෙම තත්ත්වය පවතින බවය. අනිකුත් රටවල් කිරි ලබාගන්නේ ද වවන ලද තණ කොළ හරක්‌ට කෑමට ලබාදීමෙනි. මේවා වැවීම සඳහාද යොදා ගන්නේ කෘෂි රසායනයි. අද ඩයිසයිනමයිඩ් අඩංගු කිරි නවසීලන්තයෙන්, ඔස්‌ටේ්‍රලියාවෙන් එන බව පැවසෙන්නා සේම තවත් විෂ සහිත කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන තිබෙන බවට තව කාලයකින් කතා මතුවනු ඇත. සැකවින් ගතහොත් කිරි පානයම රෝග නිධියක් මතුකර ගැනීමක් නම්, ගහෙන් ගහට පනින්නා සේ කිරි වර්ගය මාරු කිරීමෙන් පලක් නැත. මාරුවිය යුත්තේ කිරි පානයෙන්ය.
- මනෝජ් අබයදීර / Divaina
ඔවුන් විසින් පලකරන දැන්වීම් -