2013 dicyandiamide (DCD)..හෙට ...? දැන දැනත් වස බොමුද...ඔබම තීරණය කරන්න.
නවසීලන්තයේ Fonterra සමාගම මගින් පාලනය වන ඔවුන්ගේම චීනයේ ක්‍රියාත්මක උප සමාගමක් වන Sanlu සමාගම විසින් 2008 දී කිරිපිටි වලට මිශ්‍ර කල melamine නමැති විෂ රසායනිකය කුඩා දරුවන් 300000+ ප්‍රමාණයකට විෂ විය.දරුවන් 54000+ රෝහල් ගත කෙරුණි. දරුවන් 6 දෙනෙකු මිය යන ලදී.
මොවුන් මෙසේ කර ඇත්තේ කිරිපිටි නිෂ්පාදනයට ගන්නා කිරි වල ප්‍රෝටීන ප්‍රමාණය ඉහල නංවා, එයට එක්කරන ජලය ප්‍රමාණය බලධාරීන්ගෙන් සැගවීමටයි. මෙමගින් අවසානයේ ලාභ උපරීම කරගැනීමටයි. මෙසේ එක්කල melamine රසායනිකය වකුගඩු ආබාධ ප්‍රධාන තවත් ආබාධ රාශියක් ඇතිකරන විෂ රසායනිකයකි.අවසානයේ Fonterra සමාගම එය පිළිගෙන,ඉන් ඉදිරියට ඔවුන්ගේ නිෂ්පාදන සුරක්ෂිත යයි කීමට මහා ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරන ලදී.
නමැති විෂ රසායනිකය එක්කොට ඇති අතර, මේ වනවිට ඔවුන් එය පිළිගෙන ඇත. හෙට දිනයේ ඔවුන්ගේ ලාභ උපරිමය උදෙසා කුමන විසක් එක්කරනු ඇත්දැයි දන්නේ ඔවුන්ම පමණි.
Fonterra සමාගමේ කිරි නිෂ්පාදන අප රට තුලද මහා ප්‍රචාරණයක් යටතේ ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ප්‍රචාරණයන්ට රැවටී, දැන දැනම වස ශරීරගත කරගන්නවාද යන්න ඔබම තීරණය කරන්න. -Oththukaru - ඔත්තුකරු