ඖෂධ ලෙස ලියාපදිංචි කර ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ගෙන්වීම සිදු කරන්නේම විකිරණ පරීක්ෂණවලින් බේරීමේ උපක‍්‍රමයක් ලෙසට බවද ඒ මහතා කියා සිටී.
ඖෂධ ලෙස ලියාපදිංචි කර ශ්‍රී ලංකාවට ආනයනය කරන ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා නීතිමය බලයක් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියට නොතිබීම නිසා ඒවා පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ සැලසෙන පරිදි නීතිමය බලයක් ලබා ගැනීමට පරමාණු ශක්ති අධිකාරිය පියවර ගනිමින් තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක එම අධිකාරියේ සභාපති රංජිත් විජෙවර්ධන මහතා පැවසුවේ නීතිමය බලය ලැබෙන තෙක් නොසිටි මේ සම්බන්ධ පරීක්ෂණ කිරීමට ක‍්‍රියා කරන අතරම නීතිමය බලය තහවුරු කර ගැනීමට ක‍්‍රියා කරන බවයි.