මේ ඔහු අපට කියූ කතාවයි. “මං පුංචි කාලයේ ඉඳලම අලුත් දෙයක් කරලා ඒක නිමවුමක් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කළා. රාජකීය විද්‍යාලයේ දී මට ලැබුණ සහයෝගය ඒ සඳහා උපකාරී වුණා. මාව උනන්දු කළ අය විශාල පිරිසක් ඉන්නවා. 1990 හොඳම නව නිර්මාණකරු ලෙස රන් පදකම ලැබීමත් සමඟ මගේ උනන්දුව වැඩි වුණා. මුලින්ම මං නිපදව්වේ මාළුන්ට පෝමලින් දැම්මහම ඒක සොයාගන්නේ කොහොම ද කියලා දැනගන්නා වූ උපකරණයක්. ඇත්තටම මේ උපකරණය ගොඩක් සාර්ථක වුණා. පෝමලින් දාන අය ඒ තත්ත්වය අතහැරියා. පුංචි පුංචි සොයා ගැනීම් කරන අතර මං උසස් අධ්‍යාපනයට ඉංජිනේරු විෂයන් කරන්න යොමු වුණා. ඇමෙරිකාවේදී ලද විශ්ව විද්‍යාල දැනුම සමඟ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම තවත් වැඩි වුණා.
නැනෝ තාක්ෂණයත් සමඟම මම තවත් බොහෝ දේවල්වලට යොමු වුණා. අධ්‍යාපනික උපක්‍රම, වෛද්‍ය අංශය බලශක්ති සංරක්ෂණය, යාන්ත්‍රික කෘෂි කර්මාන්තය ආදි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි මගේ අවධානය යොමු වුණා. මගේ අවධානය යොමු වුණු තවත් අංශයක් ලෙස පරිසර සුරකීම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බලශක්තිය පිරිමහන වැඩ වගේම, නොයෙක් විෂබීජ නැති කිරීමේ උපකරණයක් කරන්නත් මගේ අදහසක් තිබුණා.
රෝහල් ආශ්‍රිත ආසාදිත තත්ත්වයක් අවම කර ගැනීම සහ වසංගත රෝග පාලනය කරගත හැකි නව නිර්මාණයක් මං කළා. මේ නිර්මාණය නිසා රෝහල් වාට්ටුවල ඇසට නොපෙනෙන විෂබීජ පවා මර්දනය වෙනවා.
සමහර ලෙඩ්ඩු රෝහලට ඇතුළු වන්නේ එක ලෙඩකට. එහෙත් තවත් ලෙඩ කීපයක් අරගෙන තමයි ගෙදර යන්නේ. සමහර ලෙඩ මොනව ද කියලාත් හොයා ගන්නවත් බැහැ. ඒවා හොයාගන්න කරන පරීක්ෂණවලට යන මුදල දරන්න සමහර අයට හැකියාවක් නැහැ. මේ නිසා රෝගයකදී බොහෝ පිරිස ආර්ථික වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ පානවා.
මේ තත්ත්වය වළක්වාගන්න මගේ නව උපකරණයට හැකියාව තියෙනවා. මේ උපකරණය විෂබීජ වැඩි තැන්වලට යොමු කරන්න පුළුවන්. ඒ මඟින් ඒ තැන්වල තියෙන විෂබීජ මර්දනය වෙනවා. නිරන්තරයෙන්ම විෂබීජ හරණය කිරීමත් මේ උපකරණය සිදු කරනවා.
අද අවශ්‍ය වන්නේ අලුතින් විෂබීජ ව්‍යාප්තිය වැළැක්වීම වගේම නව ලෙඩ රෝග සෑදීම වැළැක්වීමයි. මං හිතන්නේ මේ උපකරණය ඊට හොඳ සහයෝගයක් ලබා දෙනවා. මෙවර ජයග්‍රහණය ලැබු අනිත් මගේ නව නිර්මාණය තමයි සී. එෆ්. එල්. විදුලි බල්බය. මේ බල්බයෙන් කෙරෙන්නේ බලශක්තිය ආරක්ෂා කර ආලෝකය පැතිරෙන සීමාවේ පවතින දුර්ගන්ධ නැතිකර දමා විෂබීජ හරණය කිරීමයි.
බලශක්තිය පරිභෝජනය කිරීම අඩුකර ගැනීමටත් මේ බල්බය හොඳ පිළිතුරක් කියලා මං හිතනවා. මෙවර රටවල් 42 ක නව නිපැයුම් 600 කින් මගේ නිර්මාණ දෙකටම රන් සහ රිදී පදක්කම් ලැබීම මා ලද භාග්‍යයක්.
ජාත්‍යන්තර තරග කරුවන් සමඟ තරග කිරීම එතරම් පහසු වෙන්නේ නැහැ. වඩාත් ඵලදායී නව නිපයුම් ඉදිරිපත් කරන්න නම් ඒවා ජනතාවට ප්‍රයෝජන වෙන නිපැයුම් විය යුතුයි. මං හැම තිස්සේම බලන්නේ ජනතාවට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ නිපයුමක් ද කියලා. 2012 වසරේදී මට “දසිස්” සම්මානය නිර්මාණ තුනකට ලැබුණා. එය ලැබුණෙ හඳුනා නොගත් වකුගඩු රෝගීන්ට ජලය පිරිසුදු කරන යන්ත්‍රය, තුවාල සඳහා සිල්වර් ප්ලාස්ටරය, කර්මාන්ත ශාලාවල අපවිත්‍ර ජලය පිරිසුදු කරන යන්ත්‍රය යන ඒවාට.
ඇත්තටම නව නිර්මාණ ගැන රජය වගේම ලෝකයේ විවිධ රටවල ඇති සුබවාදී මතිමතාන්තර පිළිබඳව අපි අගේ කළ යුතුයි. ඒවාට තියෙන අවස්ථාව නිසා තමයි අද නව නිර්මාණකරුවන් උද්යෝගිමත් වෙලා තියෙන්නේ.
ප්‍රශ්න ගැටලු හැරුණු කොට ඒවා නිරාකරණය කරගන්නා පිළිවෙතක් ජනතාව අතර නැහැ. බොහෝ මිනිස්සු ගැටලුවකින් තවත් ගැටලුවකට පත්වෙනවා විනා විසඳුමක් සෙවීමේ පිළිවෙතක් නැහැ. මං අදහස් කරන්නේ කීප දෙනෙක් ළඟ හරි ඒ පිළිවෙත තිබීම වැදගත් කියලා. මට ඒ පුංචි කාර්යය හරි කරලා ජනතා සේවයක් කරන්න පුළුවන්. මගේ මේ නිර්මාණ වගේම අද සිටින නව නිර්මාණ කරුවන්ගෙන් රටට විශාල සේවයක් සිදු වෙනවා.
ලැබූ රන් සහ රිදී පදක්කම්
වායු සමීකරණ යන්ත්‍ර වැඩියෙන් භාවිත වීමේ දී බලශක්තිය වැය වෙනවා වැඩියි. හැබැයි. මේ සඳහාත් හොඳ උත්තරයක් හොයාගන්න මට පුළුවන් වුණා. මං වායුසමීකරණ යන්ත්‍ර අඩුවෙන් වැයවෙන ආකාරයේ තීන්ත වර්ගයක් බිත්තියට ආලේප කරන්න සොයා ගත්තා. මේ තීන්ත වර්ගයෙන් ලැබෙන සිසිලස නිසා වැඩි ශීතලයක් යන්ත්‍රයට නිපදවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තටම විශාල ව්‍යාපාරික ස්ථානවලට මේ තීන්ත ආලේපනය ඉතාමත් සුදුසුයි.
ආර්ථික ප්‍රශ්න නිරාකරණය කරගන්න මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නත් මේ ක්‍රමය යෝග්‍යයි. අද මිනිස්සුන්ගේ ප්‍රමාණාත්මක සාධක භාවිතය අවම වෙලා. අවශ්‍ය වන්නේ ප්‍රමාණාත්මක භාවිතය මඟින් වියදම අඩු කරගැනීමයි.
නව නිපයුමකින් විය යුත්තේ ද එයමයි. හුදෙක් පරීක්ෂණාගාරයට සීමා වෙන නිපයුම් ජනතාවට වැඩක් නැහැ.
මේ නිසා ජනතා අවශ්‍යතාව හඳුනාගෙන නිර්මාණ කරන්න ඕනෙ. නැත්නම් ඒ නිර්මාණයෙන් රටට ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. නැහැ බැහැ කියමින් ඉන්නේ නැතුව අපි විකල්පයක් හොයන්න උත්සාහ දරන්න ඕනෙ. සමහරවිට උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්. ඒත් අසාර්ථක වෙන අවස්ථාත් තියෙනවා. නව නිපයුම්කරුවෙකුට මේ වගේ අභියෝගයක් තියෙනවා.
අනෙක් දෙය තමයි තාක්ෂණයට අනුකූලව නිර්මාණ කිරීම. උදාහරණයක් ලෙස අද මට මේ රෝහල් විෂබීජ හරණ උපකරණ සාදාගන්න නැනෝ ෆොටෝකැටැලිසිස් තාක්ෂණය යොදාගත්තා. ඒ නිසා විශේෂ මෙහෙයක් සිදුවුණා.
ගැටලුවට අනුකූල ආකාරයේ නිපයුමක් කිරීම වඩාත් වැදගත්. නව නිර්මාණ කරුවෙක්ගෙන් සිදුවිය යුත්තේ එයයි.
මංජු ගුණවර්ධන මහතා ජයග්‍රහණයෙන් පසු විද්‍යා තාක්ෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා ද හමුවිය.
රූපාන්ති බුලත්සිංහල
සේයාරූ - සුදම් ගුණසිංහ