
උදා: Streptomicin නම් ඖෂධය ශ්වසන රෝග , ක්ෂය රෝග වැනි අවස්ථා සදහා යොදා ගන්න ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන අතර , මෙය දිගු කාලින භාවිතයෙන් බිහිරි බව ඇතිවේ.
හෝමියෝපති වෛද්‍යය ක්‍රමයේ එක් එක් රෝගයට වෙන වෙනම ඖෂධ නියම නොකරන අතර , රෝගියා එක් පුද්ගලයෙකු සේ සලකා සියලුම රෝගිතත්ව සදහා ඖෂධ නියම කරයි. තවද හෝමියෝපති ඖෂධ ශාක, සත්ව හා ඛනිජ ආදී ස්වභාවික සංඝටක වලින් නිපදවයි. එනිසා හෝමියෝපති ඖෂධ මගින් අතුරු ආබාධ , ශරීරයේ පටක විනාශ වීම ආදී තත්ත්ව ඇති නොකරයි.
ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට
100% අතුරු ආබාධ වලින් තොර මෙම හෝමියෝපති ඖෂධ ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට හා මානසික යහපැවැත්මට ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉතාම පහසුවෙන් හෝමියෝපති ඖෂධ ළදරුවන්ට දියහැකි අතර එම ඖෂධ මගින් දීර්ග කාලින සුවයක් ලැබෙනු ඇත.
වත්මන් ශ්‍රී ලාංකීය නිරෝගී දරු පරපුරක් බිහිකරිම සදහා ඔබත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සමග අත්වැල් බැද ගන්න.
නිදන්ගත රෝග ක්‍රමයෙන් සුව වේ.

රජයේ හෝමියෝපති රෝහල - වැලිසර -

කොළඹ මිගමුව ප්‍රධාන පාරේ වැලිසර ලය රෝහලට යාබදව පිහිට ඇත. ලය රෝහලට මීටර 100ක් පමණ දුරින් හා මිගමු දෙසට යන විට අඩි විස්ස යැයි පවසන බස් නැවතුම්පොළ ඉදිරි පිට පිහිටි ෂෙල්ටන් ජයසිංහ මාවතේ අංක 94, යන ස්ථානයේ රජයේ හෝමියෝපති රෝහල පිහිටා ඇත.
බාහිර රෝගී අංශය මගින් දිනකට 150 - 200 අතර රෝගීන් ප්‍රමාණයකට නොමිලේ ප්‍රතිකාර සලසන අතර , අභ්‍යන්තර රෝගී අංශයෙහි දිනකට රෝගීන් 20කට නේවාසික ප්‍රතිකාර ලබා ගත හැකි වේ.
වැලිසර රජයේ හෝමියෝපති රෝහල මගින් පහත සදහන් රෝග සදහා ඔබට දිනපතා ප්‍රතිකාර ලබා ගත හැකි වේ.
- සියලුම ළමා හා කාන්තා රෝග.
- ඇදුම හා ස්වසන ආබාධ.
- සමේ රෝග.
- ආමාශගත රෝග.
- ස්නායු රෝග
- දීර්ඝ කාලින හිසරදය.
- ගලගණ්ඩය
- දියවැඩියාව.
- අධිරුධිර පීඩනය.
- අධික කොලෙස්ටරෝල් තත්ව
ඔබගේ සියලු රෝග සදහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මගින් ප්‍රතිකාර කල හැක. හෝමියෝපති ඖෂධ අතුරු අබාධ රහිත , පාවිච්චියට ඉතා පහසු අතර , මෙම ඖෂධ භාවිතයෙන් ඔබගේ ස්වභාවික ප්‍රතිශක්තිය ඉහල යයි. එමගින්, රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහල යයි.
අදම ඔබගේ රෝගී තත්වය සදහා හෝමියෝපති ප්‍රතිකාර ලබා ගන්න.
Facebook page Homoeopathy Lanka