POSTED ON Sunday, April 21, 2013| | Edit Post
වැව් වසාගෙන පැතිර පවත්නා සැල්වීනියා නම් ආක්‍රමණශීලී ජලජ ශාක ප්‍රභේදය වඳකිරීම සඳහා 'ස්‍ර්ටොබේගස් සැල්වීනියේ' කියන කුරුමිනි විශේෂය යොදාගත හැකි බවට මම ඉගෙන ගත්තෙ කෘෂිකර්මය හදාරන කාලෙ. ඇත්තෙන්ම දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වල හොයාගත්ත මේ ක්‍රමවේදය අපේ වැව්, ජලමාර්ග වල සාර්ථකව එදා යොදාගත්ත. සැල්වීනියා වඳකරන්න සර්ටොබේගස් සැල්වීනියේ යොදාගැනීමට පෙර විද්‍යාගාරයේ කළ පරීක්ෂණ වලදි ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කළේ, සැල්වීනියා කාදමා අවසන් කළ පසු මේ කුරුමිනි ප්‍රභේදයේ ඊලඟ ආහාරය කුමක් වේද කියල... ඒත් අවසන් නිගමනය වුණේ සැල්වීනියා කාදැමීමෙන් පසු එම කුරුමිනියා මිය යන බවයි. ඒ අනුව සැකයකින් තොරව මේ පරිසර හිතකාමී ක්‍රමය ශ්‍රී ලංකාවේ භාවිතා වුණා. මෑත කාලයේ මේ විධියට යොදාගත්ත අසර්ථකම ක්‍රමය තමයි, ඩෙංගු සඳහා යොදාගත්, බී.ටී.අයි. බැක්ටීරියාව

ඒ වගේම අද අපේ රටේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ගම්මාන හා මිනිසුන් මුහුණ දෙන විශාල ප්‍රශ්ණයක් තමයි. "අලි-මිනිස් ගැටුම". මේ නිසා අදවන විට ලංකාවේ අලි ගහණයත් සීග්‍රයෙන් අඩුවෙනව. වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව වසරකදී අලින් 250 ක් විතර මේ ගැටුමෙන් අකාලයේ මිය යනව.

ඒ විතරක් නොවෙයි...මේ හේතුවෙන් වසරකදී මිනිසුන් 60 කට වැඩියෙන් මිය යනව. ලංකාවේ අලින්ට ගැවසිය හැකි කැලෑබද ප්‍රදේශ දිනෙන් දින අඩුවීම වල් අලින් මිනිස් ජනාවාස ප්‍රදේශ වෙත පැමිණීමට ප්‍රධාන හේතුවක්. ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරි වෙලා ඉන්නෙ වල් අලි 3500 – 4500 අතර ගණනකැයි පරිසරවේදීහු මත පළ කරනව.
2008 දි විතරක් අලි ඇතුන් 224 දෙනෙක් මරාදමා දමා තිබුණා. මෙම ගණන මෑත දශකය තුළ එක් වසරක් වෙනුවෙන් මරණයට පත්ව ඇති වැඩිම අලි ඇතුන් ගණනයි. 2007 දි අලි ඇතුන් 189 දෙනෙක් මරණයට පත්වුණා. අපේ රටේ සිටින සෑම අලි 100 කට ම දළ ඇතුන් ඉන්නෙ 4-5 ක්‌. පහුගිය අවුරුද්දෙ විතරක් දළ ඇතුන් 3 ක් හෝ 4 ක් ඝාතනය කර, තවත් අසාර්ථක උත්සාහයන් කීපයක්ම සිදුකර තිබුණා. විසි වැනි සියවස ආරම්භ වන විට අපේ රටේ වනගහනය 70% ක්‌ වුනත්, මේ වනවිට එම ප්‍රමාණය 20% දක්‌වා අඩුවෙලා. මෙම තත්ත්වය මත අලි - මිනිස් ගැටුම වර්ධනය වනව මිස අවම වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.



මේකට අද වනාන්තර ආශ්‍රිත ජනතාවටත්, බලධාරීන්ටත් විසඳුම් දෙකයි තියෙන්නෙ. එකක් අසාර්ථක විදුලි වැටකින් කෙටි කාලීන සැනසීමක් ලබා ගැනීම. අනෙක අලින්ට තම ජීවිතය දන්දීම හා එයට රිටන් එක දී අලියා මරා දැමීම. දැනටමත් වල් අලි ගම් වදින ප්‍රදේශවල කිලෝ මීටර් 1400ක්‌ පමණ දුරට විදුලි වැට ඉදි කර තිබෙනවා. මේ සඳහා කිලෝ මීටර් 1කට රුපියල් ලක්‌ෂ 5ක්‌ බැගින් වැය වෙනව. මේ විදුලි වැට නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් 25,000 ක පමණ මුදලක්‌ වැය වෙනවා. ඒත් මෙහි උපරිම ඵලදායි කාල සීමාව අවුරුදු 5 යි. හණ ගස් සිටුවීම හා ස්වාභාවික තල් වැට ඉදිකිරීම, අගල් කැපීම මේ වන විට සුලු වශයෙන් අවධානය යොමුවී ඇති තවත් හොඳ උපක්‍රම කිහිපයක්.

මම පහුගියදා ධීවර ජනශ්‍රැති එක්‍ රැස් කිරීමට මීගමුව සිට කල්පිටිය ඉහළ තුඩුව දක්වා ගමන් කළා. මෙහිදි මට ධීවර කර්මාන්තයේ පැරණි තොරතුරු ලබාදුන් එක් මහතෙක් තමයි, කල්පිටිය, කන්දකුළිය, කුඩාවේ, ප්‍රැන්සිස් ප්‍රනාන්දු මහතා. වෙරළ අසබඩ පිහිටි ඔහුගෙ නිවසෙ මිදුලෙ අප තොරතුරු පටිගත කර ගන්නකොට, ඒ අසලට බූරුවන් රෑනක් පැමිණියා. ඒ අතරින් කිහිප දෙනෙක් කෑ ගහන්නත් පටන් ගත්ත. ඇත්තටම බූරුවන්ගෙ කෑ ගැහීම මට පුදුම කරච්චලයක් වුණා. මේ අවස්ථාවෙ ප්‍රැන්සිස් ධීවර කාර්මික මහතා මට හරි අපූරු කතන්දරයක් කිව්ව... "මහත්තයෝ... ඔය බූරවො ටිකක් අලි ඉන්න ගම්මාන වලට ගිහින් දැම්මානම්, ජීවිතේට අලි ගම් වලට එන්නෙ නෑ ..." කියල. එය සිද්ධ වෙන්නෙ මෙහෙමයි.... බූරුවන් ඉතාම අප්‍රසන්න හා භයංකාර විධියට කෑ ගහනව. බූරුවා, අලියන්ට ගොඩක් බයලු. අලියාගේ විශාලත්වයටලු බූරුවා බය... අලියා දුටු ගමන් බූරුවා නොනවත්වා කෑ ගහන්නේ මරණ භයටලු. බූරුවා කෑ ගසන විට ඌගේ මූන හරිම භයංකාර ස්වභාවයක්ද පෙන්වයි. මෙය දකින / ඇසෙන අලියන් කැලේ කඩාගෙන දුවන බව ප්‍රැන්සිස් මහතා අප සමඟ පැවසුවා. ඒ විතරක් නොව බූරුවන්ගේ ශබ්දයට පොල්ගස් වල සිටින පොල්කුරුමිණියන්ද පහලට වැටෙන බැව්ද, මේ නිසා පොල්වතු හිමියන් පුත්තලම් බූරුවන් තම වතු වලට දැන් දැන් රැඟෙන යන බවද ඒ මහතා පැවසුවා. මේ ප්‍රදේශ වල පොල් පැල හා වටිනා පැල වර්ග අනන්තවත් තිබුණත් මේ බූරුවන් මේවා කන්නෙ නැහැ. තවද මිනිසුන්ගේ නිවාස/ජනපද ආශ්‍රිතව ජීවත් වීමට බූරුවන් කැමතියි. ඒ අනුව බලන කල, අලින් ගම් වැදීම නවත්වන්න මේ ක්‍රමය නරකමත් හැහැ. විල්පත්තු අභය භූමිය මායිම්ව තිබුණත්, පුත්තලම පැත්තට වල් අලි උවදුරු අඩු ඇත්තෙ මේ හින්ද වෙන්න ඇති.  - Poth Path

මෙවැනිම අපෙ රටේ වටිනා සම්පතක් වන ඩෙල්ෆ් දූපතේ අශ්වයන් -

















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews