
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද, එස්.එල්.එස්. සහතිකයද හිමිව ඇතැයි කියන එම බෙහෙත් පෙත්තේ විශ්කම්භය අඟල් 12කි. උස අඟල් 2 1/2කි. බර කිලෝ ග්‍රෑම් 4කි.
පොදුරද සමුළුවට පැමිණෙන නියෝජිතයින්ට දැක බලා ගැනීම සඳහා මෙම බෙහෙත් පෙත්ත ලබන 13 වැනිදා සිට 16 දක්වා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
17 වැනිදාට මෙරට ජනතාවටද එම ස්ථානයේදීම දැක බලා ගත හැකිය. මෙය ලොව විශාලතම බෙහෙත් පෙත්ත ලෙස ගිනස් වාර්තා පොත් අතරට ද එක්වනු ඇතැයි ද හෙතෙම විශ්වාස කරයි.
කේක් මෙන් මෘදු ලෙස නිපදවා ඇති මෙම බෙහෙත් පෙත්ත තේ හැන්දකින් කඩාගෙන කෑ හැකි බව අප වාර්තාකරු කියයි
ඡායා රූ - දීපාල් ද සිල්වා
උපුටා ගැනීම - අද දෙරණ