දුරකථන නිති කියවන්...............................න
ඔව් දැන් දු.ර.ක.ථ.න.යෙ.න්.ම කියවන්නන
දුරකථන පාඨක ඔබත් අපත් යා කරන ඩිජිටල් පාලම
පලමුව මෙම ගෘපයට ඇතුලු වන්න , නවතම විස්තර ඇසිල්ලකින් දැනගන්න
අපි ජීවත් වෙන්නේ අධි තාක්ෂණික සමාජයක. ඉතින් වෙනස් වන ලෝකයේ අපිටත් ඒ වේගයෙන්ම වෙනස් වන්නට වෙලා තියෙනවා. ඒත් ප්‍රශ්ණෙකට තියෙන්නේ අළුත් වෙන තාක්ෂණය ගැන අපි දැන ගන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඇයි එහෙම වෙන්නේ ? හේතුව, අළුත් තොරතුරු සිංහලෙන් දැන ගැනීමට බැරිකම තමයි…

ඉතින්, “දුරකථන” නමින් මේ ඇරඹෙන්නේ ලාංකීය ජංගම දුරකථන පරිශීලකයන්ටත්, පොදුවේ දුරකථන සහ සන්නිවේදන ක්ෂේත්‍රය ගැන අළුත් තොරතුරු දැනගන්නට කැමැත්තෙන්, ආසාවෙන් සිටින සෑම සියළු දෙනාටමත් හොඳ තෝතැන්නක්. සරලව කිව්වොත් Phones ගැන දැනගන්න නම් හොඳම තැන තමයි මේ.
“දුරකථන” බ්ලොග් අඩවිය ඇතුලේ මොනවද වෙන්නේ ? ඇත්තෙන්ම කිව්වොත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ජංගම දුරකථන අත්දැකීම වඩාත් හරවත් කරන්නට සහාය වීමයි. දිනපතා නිකුත් වන සිය ගණනක් දුරකථන මාදිලි අතර අතරමං වන ඔබට, හොඳ Phone එකක් තෝරා ගන්නට අපි ඔබට අත්වැලක් වෙන්නම්… ලංකාවේ මිලදී ගන්නට තියෙන දුරකථන මාදිලි ගැන ඔබව දැනුවත් කරන YouTube හි වීඩියෝ විචාරයන් (reviews), සංසන්දනාත්මක විග්‍රහයන්, ලාංකීය දුරකථන ප්‍රවණතා ගැන සම්මුඛ සාකච්ඡා වගේම ඔබේ දුරකථනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට කියා දෙන උපදෙස් මාලා, Android Apps ගැන හඳුන්වාදීම් වගේ ගොඩාක් දේවල් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අපි සූදානම්…
Download : Google play
Our Blog : http://durakatana.wordpress.com/
You Tube Channel : http://www.youtube.com/channel/UCL5MbGnRlEsCR4Z6ugrzCIg
Web page http://www.roomagazine.com/