ශ්‍රි ලංකාවට අසීමිතව ආදරය කරනා ඉතාලි ජාතික දෙල්ලා පව්ලේරා කාර්ලෝ නාපොලි නගරයේ ජිවත් වන්නෙකි. නාපොලි වෛද්‍ය විද්‍යාලයයේ හිටපු පරිපාලන කළමනාකරු වු කාර්ලෝ මේ වන විට විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි.ඔහුගේ බිරිඳ මෙයට කලකට පෙර මිය මියගියාය. 2000 වසරේ සිට මේ වන විට 15 වතාවක් තමා ශ්‍රි ලංකාවට ගිය බවත් ඒ සෑම වතාවකම ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් තමන්ගේ ගමන වෙනුවෙන් යොදාගත් බව කාර්ලෝ කියයි.
‘ මම එහෙම කලේ මගේ ගුවන් ටිකට් පතේ සල්ලි යන්නේ ලංකාවට නිසා. නුවර එළියට මම හරිම ආසයි. නිලාවැලි හික්කඩුව මුහුදු වෙරලටත් ඒ වගේමයි.
හැබැයි කුරුණෑගල හරිම රස්නෙයි. මම ලංකාවට ගියාම කන්නේ අතින්. ලොකු හොටල්වලට ගිහින් අතින් කද්දි ඒ අය පුදුම විදියට මගේ දිහා බලනවා. බතුයි සම්බොලයි පරිප්පුයි තෝර මාළුයි මගේ ප්‍රියතම කෑම.
ආප්ප වටලප්පන් වලටත් හරිම ආසයි. අමරදේව, ජෝතිපාල, කින්ස්ලි පීරිස්, චාමර වීරසිංහ වැනි ගායකයින්ට මම කැමතියි. මට ඔබේ රටේ ජාතික ගීය කියන්නත් පුලුවන්.( කාර්ලෝ ජාතික ගීය ගයා පෙන්වයි.) උපතින් මම කතෝලික දැන් බෞද්ධ. දළදා මාලිගාව ළගට ගිහින් බොහෝ වෙලා ඉන්න තියෙනවා නම් ඒ තමයි මගේ ලොකුම ආසාව. අචින්ත ගමගේ තමයි මට මේ පාර කියලා දුන්නේ.
දුප්පත් ශ්‍රි ලාංකිකයෝ හත් දෙනෙක් මම නොමිලේ ඉතාලියට ගෙනත් දැම්මා. ඔවුන්ට රැකියාවල් හොයලා දුන්නා. ඒ හත් දෙනාගෙන් එක්කෙනෙක් විතරක් මට ඉදලා හිටලා කතා කරනවා. මම වෛද්‍ය හිටපු නිසා බොහෝ වෛද්‍යවරුන් මගේ හිතවත්තු.මෙහේ රෑදි සිටිමේ බලපත්‍රය නැතිව අසරන ලාංකිකයින්ට බෙහෙත් ගන්න ඔන උනාම මම ඔවුන්ට උදව් කරනවා. නාපෝලියේ ජිවත් වෙන මාවතගම තරුණයෙකුට හදිසි සැත්කමක් කරන්න ඕන වුණා. වකුගඩු ආශ්‍රිතව හැදුණු රෝගයක් නිසා ඒ තරුණයාගේ ජිවිතය අනතුරෙයි තිබුණේ. නමුත් ඔහු නීත්‍යනුකුලව නොවෙයි හිටියේ. රෝහල් වල දින වේලාවල් තිබුනෙත් නැහැ ඒ සෑත්කම කරන්න.මම ඉක්මනටම මෑදිහත් වී ඒ සෑත්කම කර ඒ තරුණයාගේ ජිවිතය බේරා දුන්නා. මෙහේ ලංකාවේ අය බොහෝ බස්වල යන්නේ ටිකට් නෑතිව. මගේ අතේ නිතරම ටිකට් පොත් දෙකක් තියෙනවා .
ලංකාවෙ කෙනෙකු ටිකට් නැතිව යනවා දැක්කොත් මම ඔහුට ටිකට් එකක් දෙනවා. ඔබේ රට ගැන පොතක් ලියපු රොබට් නොක්ස් ගෑන මම අහලා තියෙනවා. මටත් ආසයි ඔබේ රටේ ජන ජිවිතය හා රට ගෑන පොතක් ලියන්න. එකට මට වාසනාව තියෙයිද දන්නේ නෑහෑ.
ඔහු එසේ කිමටද හේතුවක් ඇත. රුදුරු පිළිකාවකින් මෙ සොදුරු මිනිසාගේ ශරිරය වෙලාගෙන ඇතැයි ද එහෙත් ඇපල්ස් කදුවැටිය හරහා ඇදී එන පිරිසුදු මදනළ ඒ උතුම් මිනිසාගේ හුස්ම ටික රැගෙන යෑමට තරම් අකාරුණික නොවනු ඇතැයි ද සොබා දහම පවා මෙවන් මිනිසුන් ආරක්ෂා කරනු ඇතැයි ද නාපොලි නගරයේ ජීවත් වන මහ නුවර අචින්ත ගමගේ කියයි.
Chandana Madavala
උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/184970