පොදු රාජ්‍ය මණ්ඩල උළෙල වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නව ව්‍යාපෘති හතරක් විවෘත කරන ලදී.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28ක භූමියේ ඉදිකල රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා විසින් විවෘත කළේ තවත් ප්‍රභුන් රැසකගේ සහභාගීත්වයත් සමඟිනි.
එය ආසන 1,500කින් සමන්විත ප්‍රධාන ශාලාවකින්, ආසන 250කින් යුත් අනු ශාලා 3කින්. ඊට අමතරව කුඩා කමිටු ශාලා 10කින්ද සමන්විත වේ.
එකවර වාහන 800ක් ගාල් කල හැකි මෙහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉහිටුවා ඇත. මේ මස 10 වන දින සිට 14 වනදා දක්වා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව මෙහි පැවැත්වේ. සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමෙන් පසු මාතර හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ සිරිබෝපුර මංසන්ධියේ ඉදි කළ නව ගුවන්පාලමක්ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 267කි .
අනතුරුව මාතර වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මිරිජ්ජවිල මංසන්ධියේ ඉදිකල අන්තර් හුවමාරුවද ඊයේ ජනාධිපතිවරයා විසින් විවෘත කළ අතර ඒ සඳහා වැය කෙරුණු මුදල රු. කෝටි 420ක් හෙවත් මිලියන 4,200කි.
ඉන්පසු මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයද ජනාධිපතිවරයා විසින් ඊයේ විවෘත කරන ලදී. වියලි කලාපීය ප්‍රදේශයක වූ ලංකාවේ ප්‍රථම උද්භිත උද්‍යානයය වන මෙය වන අතර අක්කර 300ක භූමියක් පුරා පැතිර පවතී.මෙහි ඉදිකිරීම් ආරම්භ වූරේ 2008 වසරේදීය.මෙහි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් මෙයට පැමිණ සිහිවටන ශාක රෝපනය කිරීමට නියමිතයි. මේ සඳහා පළමු අදියර වෙනුවෙන් වැය කර ඇති මුදල රු. මිලියන 500කි.
හම්බන්තොට ඉදීයේදී විවෘත කිරීමට නියමිත තවත් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු මෙතනින් හා මෙතනින්.
ලිපිය් කොටස් උපුටා ගැනීම - : http://www.33000.lk