Guinness Wedding by Champi Siriwardanaඑක් මනාලියකට සිටින වැඩිම දෙවැනි මනාලියන් ගණනකට හැඩගැන්වීමේ ලෝක වාර්තාවට අද දිනයේ දී හිමිකම් කීමෙන් පසුව රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන මහත්මිය ගිනස් ලෝක වාර්තා සම්මානය ගිනස් වාර්තා කමිටු නිලධාරිනී සීඩා සුබාසි ජෙමිසි අතින් ලබාගත්තේය. ඇය මෙම ගිනස් වාර්තාව තැබුවේ නිසංසලා සහ නලින් මනාල යුවළගේ විවාහයේ දී යි. මෙහිදී චම්පි සිරිවර්ධන අතින් දෙවැනි මනාලියන් 126, දෙවන මනාලයන් 25, මල් කුමාරයන් 20ක්, මල් කුමාරියන් 23ක් හැඩගැන්විණ.
මීට පෙර මෙම ලෝක වාර්තාව තැබුවේ බැංකොක් නගරයේදීයි. මෙහිදී දෙවැනි මනාලියන් 96 දෙනකු පෙනී සිටියහ.
(ඡායාරූපය - AFP ඇසුරිනි)
උපුටා ගැනීම - http://sinhayareader.com
.jpg)

