
මෙය ඇන්ඩ්‍රොයිඩ් සදහා වන ක්‍රිඩාවක් වන අතර මෙම mobile game එකෙහි නම Owy. Owy ඇන්ඩ්‍රොයිඩ් game එකෙහි නිර්මාණය කර ඇත්තේ කොළඹ විශ්ව විද්‍යලයීය පරිගණක විද්‍යාපීඨයෙහි (UCSC) ඉගෙනුම ලබන මනිදු විජේවික්‍රම විසින්. මෙම ක්‍රීඩාව නොමිලයේ පරිශීලකයීන් හට ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. Owy ක්‍රීඩාවේදී ඔබට හැසිරවීමට ලැබෙන්නේ Owy නම් කුඩා කුරුල්ලෙක්. මෙම ක්‍රීඩාවේ අරමුණ වන්නේ Owy ට සතුරු කුරුල්ලන් මගහැර හැකිතාක්දුර පියාසර කිරීමට සැලැස්වීමයි. මෙම ක්‍රීඩාව වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම අයෙකුටම එකසේ රස විඳියහැකි ආකාරයකින් නිපදවා තිබිම වැදගත් . මෙහි ඇති තවත් විශේෂ පහසුකමක් වන්නේ ලොවටම පෙනෙන සේ තම ලකුණු ප්‍රදර්ශනය කළහැකි Leader Board එකක්ද ඇතුලත්ව තිබීමයි.
මෙම game එකෙහි ග්‍රැෆික්ස් පවා ජාත්‍යන්තර මට්ටමකින් යුක්ත බව ඔබටත් දැනේවි. විදේශිකයින් විසින් නිර්මාණය කරන games භාවිතය වෙනුවට අපේ රටේම තරුණයකුගේ මෙම හැකියාව අගය කිරිම අප සැමගේම යුතුකමක්. Owy ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව download කර එහි ඇති හොද නරක මනිදු සමග බෙදාගැනීම තුලින් ඉදිරියේදි ඔහුට තවත් වැඩදායි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඔබට තිළිණ කිරිමට හැකිවනු ඇත.
මෙම ක්රීතඩාව පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා සතුටින් භාරගැනීමට නිර්මාණකරුවන් සැදී පැහැදී සිටී .
උපුටා ගැනීම - Droids LK