ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.
පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.
අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කරයි.
මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.
- ආරියශීල වික‍්‍රමනායක මහතා මෙරට ප‍්‍රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.
- හම්බන්තොට වරාය ඉදි කරන්නටත් පෙර ඒ ආසන්නනයටම නැවක් ගෙන ගොස් වරායක් සඳහා ස්ථානය සුදුසු බව නොබියව කියූ පලමු පුද්ගලයාද වූ ඉතිහාසයක් ඒ මහතා සතුය.
- ඔහු කියූ දේ සෙමෙන් එහෙත් ස්තාවරව සත්‍ය වෙමින් තිබේ. තවත් වසර 30-40කින් හම්බන්තොට වරායට කලාපයේ හිමිවන ස්ථානය නොකිවමනාය.
උපුටා ගෑනීම - http://lankacnews.com/sinhala/main-news/98906/