‘මගේ දරුවන් සුවෙන් වැඩෙන්නේ ඇන්කර් නිසා’ නම් තේමාව රැගත් දැන්වීම ශ්රී ලාංකීය සමාජය උඩු යටිකුරු කලා කීවොත් වරදක් කිව නොහැක.
ඉන් වසර 25කට පමණ පසු මන්ත්රීනී රෝසි සේනානායක මේ සම්බන්දයෙන් අප හා අදහස් දැක්වීය.
ඇය පැවසුවේ ඇන්කර් ප්රචලිත කිරීම සඳහා තමන් මුලින් කැපවුණද පසුව තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් නොතිබූ නිසා එම දැන්වීම්වලට පෙනී සිටීම නවතා දැමූ බවයි.
දැනට පැවැත්වෙන පරික්ෂණයන්ගෙන් ඇන්කර් කිරිපිටිවල විෂ ඇති බව ඔප්පු වුවහොත් තමන්ද ඒවා වර්ජනය කරන බව පැවසූ ඇය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඕනෑම ආහාර වර්ගයක් ඉතා සුපරික්ෂාවෙන් පාවිච්චියට ගන්නා ලෙසයි.
හඬ පටය
කෙසේ වෙතත් මුල් වකවානුවේ තමන්ද දරුවන්ට දුන්නේ ඇන්කර් බවත් පැවසූ ඇය මේ දිනවල නම් ඇන්කර් නිවසටවත් ගන්නේ නැතැයිද කියා සිටියාය.
හඬ පටය
උපුටා ගෑනීම - http://lankacnews.com/sinhala/main-news/99813/